🔴MUL PITUWA || මුල් පිටුව || 2024.08.21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 2

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน

    මාලිමාව දිනුවත් පැරදුනත් සිංහල බෞද්ධකමට අත්වුණේ අත්වෙන්නේ අයහපතක් මිස යහපතක් නම් නොවෙයි. "මහානායකහිමිවරු ඇතුලු සමත්ත බුද්ධිමත් සැබැබොදුනුවන් විසින් නිර්පාක්ෂික වූ මා මෙහි සඳහන් කළ කරුණුකාරණා ගැන කල්පනා කොට වහා පියවර ගතයුතුව ඇත."
    සංහිඳියාවට මුවා වූ ඔවුහු පසුගිය කාලවල ජාතියෙහි, බුදුදහමෙහි වටිනාකම හා එහි ආරක්ෂාව දියුණුව ගැන කියා දුන්නාවූ ඒ සඳහා කටයුතු කලාවූ ගිහිපැවැදි උතුමන්ලා ජාතිවාදීන් ආගම්වාදීන් හැටියට හංවඩු ගා නූගත් බොදුනුවන්තුල මෙන්ම අන්‍යජාතිකයන්තුල වැරැදි ජනමතයක් ගොඩ නගමින් වෛරයක් නිර්මාණ කළහ. මේ ද්‍රෝහී ක්‍රියාවෙහිදි ඔවුහු සංවිධානාත්මකව ඒ ගිහිපැවැදි උතුමන්ට ඉතා පිළිකුල් සහතව ගෝත්‍රික වචනයෙන් ගර්හා ඔවුන් බය කරවා මේ එකම සිංහලරට අසිංහල අබෞද්ධ රටක් කරන්නට වෙරදැරූහ. ඒ බව පසුගිය කාළවල සමාජ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය නිරික්ෂණ කිරීමෙන් බුද්ධිමතුන්ට ඒවා පැහැදිළිව දැනගත හැකිවෙයි. ඉහත සඳහන් පරිදි මාලිමාව සැදැහැවත් සිංහල බොදුනුවාට පමණක්ම කළ "ජාතිවාදී ආගම්වාදී යන බොරු වෛරි චෝදනාව" නිසා අද ඒ උතුමෝ ජාතික ආගමික පුරාවිද්‍යාත්මක සම්පත් ආරක්ෂා කිරීමෙ කටයුතුවලින් බැහැර වී සිටිති. එබැවින් ඔවුහු ශාසනය මෙලෙසින් මහත් අවදානමට ලක් කොට ඇත. ඒ ද්‍රෝහීකම් කළේ ඔවුන් පමණක් නොව නිරාගමික පෙරටුගාමී අරගලකාරී ආදී සම සමාජවාදීන්, අවස්ථාවාදී පක්ෂවිපක්ෂ දේශපාලකන්ද සිටිති. තවද: මාලිමාව නිර්මාණ කල ඉහත සඳහන් වටපිටාව අනුව ජනාධිපති අපෙක්ෂක දෙරණ දිලීත් යාපනයේ දී මහාජාතියක් නැතැ'යි කීම පුදුමවියයුතු නැත.
    අද ඔහු පමණක්ම නොව මෙ රටෙ බොහෝ බොදුදේශපාලකයෝ දේශපාලනයට පැමිණ මව්පියන් ආගමදහම සංස්කෘතිය වැනි අන්‍යතාවය අමතක කරති. ඇතැමෙක් ඇතැම් විට එය පාවා දෙති. ඔවුන්ට උපතින් ලැබී තිබුණු අචාරධර්ම හර සංස්කෘතිකාංගයන්ගෙන් හා සද්ධාවෙන් ගුණනුවණින් ඔවුහු පිරිහෙමින් සිටිති. සතිපට්ඨානය පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය වැනි ගරුගාම්භීර දර්ශණය තුලින් බුදුන්වහන්සේ දැකගන්නට අපොහොසත් වෙන්නේ අවිද්‍යමාන දෙව්වරු අදහමින් ආශිර්වාද පතමින් තම ශාස්තෘන්වහසේ අවතක්සෙරු කරති. මෙසේ මොවුහු මතුපරපුරට වැරැදි ආදර්ශ සපයති. ආගම හා විවාහය යන දෙකෙහි දී තම අනන්‍යතාවය රැකගත යුතුව ඇත. මංගලාවමංගල,දේශපාලනය වැනි අන්සියලු කටයුතුවලදී අන්‍යාගමික ජාතිකයන් සමග සුහදත්වය සංහිඳියාව වර්ධනය කරගැනීමට අවස්ථාව තිබියදී ඇතැමෙක් ශරීරයේ ඇති රෙදි කඩාගෙන ඇතැමෙක් නැති රෙදි පොරවාගෙන දේවාල අස්සේ රිංගති.
    අද දියුණු රටවල ධනවත් උගත් ලක්ෂසංඛාත බොහෝ පිරිසක් බුදුදහම වැළඳ ගෙන ඇති කල්හි අපේ රටෙ ඇතැම් බොදුනුවන්ට බුද්ධදර්ශනය වනාහි අන්ධයාට හැපුණු මැණික්ගල මෙන් වී තිබෙයි. ඒ අවබෝධය සදහා වාසනාවක් සද්ධාවක් නුවණක් නැතුවාසේය. අතීත උතුමෝ ගස්වල කොළපොතු වළදා දහම රැක දුන්හ. අද ධර්මකාමී භික්ෂූන්වහන්සේලා බහුතරයක් අතරින් ටිකදෙනෙක් ආගමදහම අමතකර දමා නිරාගමික බෞද්ධ විරෝධි ලෙනින්මාක්ස්වාදීන්ට රට බාරදීමට කඩෙ යති.
    අද ජානාධිපති අපේකෂකයෝ 39ක් සිටිති. ඒ කිසිවෙක් රටෙ පිරිහි ඇති හර සංස්කෘතිය, ගුණධර්ම ආචාරධර්ම නැවත නගා සිටුවන්නට කතා නොකරති. නොමැරෙන මිනිසුන් මෙන් සැපසම්පත් මිලමුදල් වැනි දේ ගැන පමණක් නිතර දෙවෙලේ කතා කරමින් මිනිසුන් රවටා බලය ගන්නට වෙරවීර්ය දරති.
    තවද ලෝකයේ කිසිම කලෙකවත් ගුණධර්ම වලින් තොර මිනිසුන්ගෙන් රටක් දියුණු වී නැත. රටක් දියුණු වූයේ නම් එය හොරබොරුවංචාදි දුෂ්චරිතයෙන් තොර වූ අවංකත්වයෙන් ජාතිහිතෛෂිකමින් වීර්යෙන් සමගියෙන් යුක්තව නිතියට විනයට නායකත්වයට ගරුකිරීම වැනි ගුණදහමින් හා නුවණින් යුක්ත පාලකයන් හා රාජ්‍යසේවකයන් නිසාම බව දතයුතුය රටජාතිය සංස්කෘතිය
    ගුණධර්ම නොබලා ජාරාව පමණක්ම ඉල්ලන ආත්මාර්ථකාමී තෘෂ්ණාධික ඡන්දදායක බහුතරය නිසා මෙ රට පිරිහුණු බවදතයුතුය. එවැනි මිනිසුන් නිසා ගුණයහපත් පාලකයෙක් තබා සක්‍රයාටවත් මෙ රට දියුණු කළ නොහැකි බව නුවැණැත්තා විසින් අවබෝධ කරගතයුතුය. එබැවින් පළමු කොට ගුණනුවණින් පිරිපුන් පව්ලක් ගමක් රටක් දේශපාලන පක්ෂයක් නිර්මාණ කළයුතුය. එසේ නොකර යමෙක් රට දියුණු කළහැකි'යි සැපවිදියහැකි යැයි කියන්නේ නම් ඔහු මහා මෝඩයෙකි...........