ඔබ නඩත්තු කරන දේ තුලින් නඩත්තු වෙන්නේ ඔබේ කෙලේසයයි. ඔබ එය දන්නවාද..? ( අලෝභය 02 )_Niwan Dakimu
ฝัง
- เผยแพร่เมื่อ 1 พ.ย. 2024
- පින්වතුනි,
ඔබ යමක් නඩත්තු කරන විට නඩත්තු කරන්නේ ඔබට අවශ්‍ය දේ නොව
ලෝභය, ද්වේශය, මෝහය බව මතක තබා ගන්න.
යමෙක් යමක් නඩත්තු කරන විට ඔහු නඩත්තු කරන්නේ ඔහුගේ ලෝභයයි.
යමෙක් යමක් නඩත්තු කරන විට ඔහු නඩත්තු කරන්නේ ඔහුගේ ද්වේශයයි .
යමෙක් යමක් නඩත්තු කරන විට ඒ තුළින් ඔහු නඩත්තු කරන්නේ ඔහුගේ මෝහයයි.
යමෙක් යමක් නඩත්තු කරන විට ඒ තුළින් නඩත්තු වෙන්නෙ ඔහුගේ රාගයයි.
අපි මේ සංසාරේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ
අපි විසින් යම්කිසි නඩත්තුවක් පවතිනවානම් නම්
ඒ සෑම නඩත්තුවක් තුළම කෙලේසයක් නඩත්තු කරන බව
සිහිය පවත්වා ගත යුතුයි.
අපි නඩත්තු කරන්නේ අපට අවශ්‍ය දේ නොව අප තුළ තියෙන කෙලේසයයි.
ඒක හොදට මතක තබාගෙන, සිහිය පවත්වන්න පුළුවන් නම්
ඒකාන්තර වශයෙන්ම අපි නඩත්තු කරන්නේ කුමක්ද,
නඩත්තු වෙන්නෙ මොනවද,
ඒ තුළින් අපට සිදුවන්නේ කුමක්ද,
අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා...