නියමයි ! මෝඩයන්ට 🎈 | පිටි බෝනික්කා 🎎 | 13.06.2021 | දම් විමසුම | අකම්පිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • තමා හොරා බව නොදන්න තාක් ... අනෙක් අයයි හොරු 🎭☕🌏🧶👁♾
    එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගං ඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
    මහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?
    මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?
    මහණෙනි, යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දියෙහි දිය බුබුළෙක් හටගන්නේත් වේ ද, නැසෙන්නේත් වේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බුබුළ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පුනපුනා පිරික්සන්නේ ය. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ. හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, දිය බුබුළෙහි හරයක් වන්නේ ද?
    මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි වේදනාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් වේදනාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, වේදනායෙහි සාරයක් ඇත්තේ ද?
    මහණෙනි, යම්සේ ගිම්කල පැසුළුමස මධ්‍යාහ්නයෙහි මිරිඟු සැලේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මිරිඟුව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. බලන, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, මිරිඟුවෙහි හරයක් වන්නේ ද?
    මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ... යම් කිසි සංඥාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් සංඥාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, සංඥායෙහි හරයක් වන්නේ ද?
    යම්සේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතියේ හර සොයනුයේ හර සෙවීමෙහි සරනුයේ තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙනුයේ ද, හේ එහි ඇද නැති අලුත් නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කඳක් දක්නේ යැ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ යැ. මුල සිඳ අග සිඳින්නේ යැ. අග සිඳ, පත්වැටි ගලවන්නේ යැ. හේ එහි පත්වැටි ගලවනුයේ ඵලය ද නො ලබන්නේ ය. හර කොයින් ද? ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් විමසන්නේ යැ. දකින, සිතන, නුවණින් විමසන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යි. කිම, මහණෙනි, කෙසෙල් කඳෙහි හරයක් වන්නේ ද?
    මහණෙනි, එසේයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංස්කාර කෙනෙක් ඇද්ද, දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙකුත් ඇද්ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙන්නේ යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි සංස්කාරයන්හි කුමන හරයෙක් වන්නේ ද?
    මහණෙනි, යම්සේ ඉඳුරුදැලියෙක් (විජ්ජාකරුවෙක්) හෝ ඉඳුරුදැලියකුගේ අතැවැස්සෙක් හෝ සිවුමංසලෙක මායාවක් (විජ්ජාවක්) දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්න් යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. කීමැ, මහණෙනි, මායාවෙහි හරයක් වන්නේ ද?
    මහණෙනි, එසේයින් ම අතීත-අනාගත-වර්තමාන වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මහණ ඒ විඥානය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි, බොල් වූවක් සේ ම වැටහෙයි, හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, විඥානයෙහි හරයෙක් වන්නේ ද?
    මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ රූපයෙහි දු කලකිරෙයි, වේදනයෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (පස් කඳෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්‍රත්‍යුවෙක්ෂා ඥානය) වෙයි. ජාතික්ෂය විය. මහබඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.
    ☸ මූලාශ්‍රය : #ඵෙණ_පිණ්ඩූපම_සූත්‍රය : tipitaka.lk/sn...
    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
    ▶️ • නියමයි ! මෝඩයන්ට 🎈 | ප...
    පැණැස ඇත්තෝ විමසත්වා !!! කම්පිත සිත් සතන් අකම්පිත වෙත්වා !!!
    මෙම සදහම් දෙසුම සජීවීව කරන ලද පටිගත කිරීමක අජීවී විකාශනයකි. එම නිසා දම් දෙසුම තුල දී මතු විය හැකි ගැටලු වෙතොත් / akampitha හරහා යොමුකරන්න.
    තෙරුවන්සරණයි !!!
    ▶️ / akampitha
    🌎 akampitha.org
    ☝ / akampitha
    ☉ akampitha.blog...
    #akampitha
    #පූජ්‍ය_ගොතටුවේ_රේවත_හිමි (ven.gothatuwe_rewatha_thero) සමඟ පවත්වන ලද දහම් සාකච්ඡාව ~

ความคิดเห็น • 23

  • @thilinilakshika317
    @thilinilakshika317 2 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ නිවනින් නිවී සැනසෙත්වා!! 🙏🌼🙏🌼🙏

  • @Danumsayura12
    @Danumsayura12 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නිවනින් සැනසීම පිනිසම හේතු වේවා.

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 2 ปีที่แล้ว +4

    Uththarithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏

  • @prasadkularathne2790
    @prasadkularathne2790 2 ปีที่แล้ว +1

    සාදු,සාදු,සාදු🙏🙏🙏🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 ปีที่แล้ว

    සාදු ! සාදු! සාදු! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌼🌼🌼

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ.අජිවී භාවයම වේවා.🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼🦢

  • @renukagunawardena9610
    @renukagunawardena9610 2 ปีที่แล้ว

    Sadu sadu sadu
    Oba wahanseta theruwan saranai

  • @daisydamayanthi4782
    @daisydamayanthi4782 2 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranai

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @බුදුන්දෙසූමග
    @බුදුන්දෙසූමග 2 ปีที่แล้ว

    Mata obawahansee sameepaye pavidiwa kalgeveemata hakida budunwahanse desu daham karunu maaa hata oba wahanseta haki samawelawakama mee akarayen vigrahakara dennata hakida eya itha mihiriya oba wahansege chinthana ramuwa itha pululwa prathayaksha karana samaga vihedenawa harima prabashwarai mage budu piyanangee guna sithee athikarai aganawata

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasa3134
    @lasa3134 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @h.wwijekoon8125
    @h.wwijekoon8125 2 ปีที่แล้ว

    🌺🌺🌸🌸🌺🌺🌸🌸🙏🙏🙏

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 3 หลายเดือนก่อน

    🌱🌀🏄💎🙏💐

  • @BuddhismAndNirvana
    @BuddhismAndNirvana 9 หลายเดือนก่อน

    💐☔🙇‍♂️💡🌎🙏

  • @mudithabandarawijesundara7022
    @mudithabandarawijesundara7022 ปีที่แล้ว

    🙏🏻☸️☸️🌷💎♾️

  • @mudithabandarawijesundara7022
    @mudithabandarawijesundara7022 10 หลายเดือนก่อน

    🙏🏻🪷

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Premm02
    @Premm02 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jithjayarathna4134
    @jithjayarathna4134 2 ปีที่แล้ว

    🙏🙏🙏