අඩුපාඩු රැසක් පිරුණු කැලේගම විද්‍යාලය | ආදි සිසුවියකුගේ ඉල්ලිම කීපයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • තෙරුවන් සරණයි 🙏🙏🙏.
    ඔබ සැමට පින්බර වාසනාවන්ත නිදුක් නිරෝගිමත් සුභම සුභ දවසක් වේවා.
    කැලේගම කණිටු විද්‍යාලය යනු නිකවැරටිය අධ්‍යාපන කාර්යාලයට ඉතාමත් අති දුෂ්කර ගම්බද පිහිටි පාසැලකි.මෙම විද්‍යාලයේ ආරම්භය වර්ෂ 1935 දක්වා දිව යයි.විද්‍යාලය අරම්භ කර දැනට අවුරුදු 88 ගියත් එදා මෙදාතුර කිසිවකුගේ ඇස නොගැටීම විශේෂ කාරණයකි.දැනට ගුරු මණ්ඩලය 13 ක් සිටියද සිසු දරුවන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් ගුරු මණ්ඩලයක් නොමැත සිසුන් 121 ට එය ඉගැන්විමට ප්‍රමාණවත් නොමැත.
    දැනට විද්‍යාලයේ නව පුස්තකාල ශාලාව සිසු දෙමාපියනගේ උපරිම උත්සාහ මත ගොඩ නගා ඇති අතර 📚 පොත්පත් කෘමී සතුන්ගෙන් බේරා ගැනීමට පුස්තකාල ශාලාවේ සිවිලීමක් අවශ්‍යතාවය දැඩි ලෙස අවශ්‍යව පවතී.දු දරුවන්ගේ දෙමාපියනට රුපියල් 80000:00 මුදලක් දැරීමට නොහැකි ව පවතී.එයට හේතුව වශයෙන් එම දෙමාපියන් කුලිවැඩ හේන් ආදිය කරමින් තම ජිවිකාව ගෙනියන දුගී දුප්පත් පිරිසකි.ගොවිතැනට ද නිකවැරටිය යනු උග්‍ර වල් අලි ග්‍රහණයට නතු ප්‍රදේශයකි තවද වල් 🐖 ඌරා,ඉත්තෑවා මිමීන්නා සහ සතුන්ගෙන් වන හානිය ඉතාමත් දුක්බරය.
    නව පුස්තකාල ශාලාවේ සිවිලීම සදා නිමකිරිමට ඔබට දායකත්වය දැක්විය හැකි නම් අපගේ විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිති ගිණුම් අංකයට ඔබට පුළුවන් විදිහට උපකාරයක් දැක්විය හැක.
    තවද ඔබට ද්‍රව්‍යමය වශයෙන් ද දායකත්වය දැක්විය හැක.
    ගිණුම් අංකය.
    124100150069208.
    ගිණුමේ නම.
    නි/ කැලේගම කණිටු විද්‍යාලය
    පාසැල් සංවර්ධන සමිති ගිණුම් .
    බැංකුව.
    මහජන බැංකුව.
    බැංකු ශාඛාව.
    නිකවැරටිය.
    වැඩි තොරතුරු සදහා විද්‍යාලයේ විදුහල්පති ජීවක මහතා
    ☎ දුරකථන අංකය
    +94 71 221 5010
    ( whatspp ඇත )
    දැයේ හෙට දිනයේ පිපෙන්න වෙර දරන පුංචි කැකුළුවලට අපි පහනක් වෙමු.
    ඔබ සැමට අති උතුම් වු දළදා සමිදුගේ පිහිටයි රැකවරණයි උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි රැකවරණයි 🙏🙏🙏
    #subscribe
    #kidsvideo #kidssong #kidsvideo #subscribe

ความคิดเห็น •