Pihithuden adare livve | Sanjeew Lonliyes | අමු සින්දුව | Srilankan Amu music culture.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2021
  • පිහිතුඩෙන් ආදරේ ලිව්වේ... අමු සින්දුව
    Lyrics - Dilshan Pathiratne| ඩිල්ශාන් පතිරත්න
    Vocalist - Sanjeew Lonliyes| සංජීව් ලෝන්ලියෙස්
    Melody - Sanjeew Lonliyes| සංජීව් ලෝන්ලියෙස්
    Music - Sanjeew Lonliyes | සංජීව් ලෝන්ලියෙස්
    Video - Sanjeew Lonliyes production.
    iphone 7 video...
    Support us - Mr. Nimal premarathna.
    Mrs. Shiromi priyadarshani.
    Chenuka Nimnath.
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ | lyrics
    මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
    උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
    එහෙම කිව්වේ
    මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ...
    රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩෙන්....
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
    මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩෙන්
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    Lyrics & chords -
    Cm
    මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි
    Gm
    විඩාබර දුක් කඳුලු මැව්වේ
    Gm
    උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
    Cm
    එහෙම කිව්වේ
    Cm
    මගෙත් හිත මොනතරම් රිදුනද
    Gm. Cm
    මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    Cm. Gm.
    උඹයි හදවත සියුම් තැන්වල
    Cm
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    Cm. Ab.
    දැවෙන චිතකය විරහ ගිනිමැද
    Bb. Cm.
    මමයි නිතරම උඹව හෙව්වේ..
    Cm. Fm.
    රිදෙන බව දැන දැනම අපමණ
    Cm. Eb.
    උඹයි හදවත සියුම් තැන්වල
    Gm.
    පිහිතුඩෙන්
    Bb. Cm.
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    Cm. Ab.
    දැවෙන චිතකය කඳුළු පිනිඉස
    Bb. Cm.
    මමයි ඇවිලෙන ගින්න නිව්වේ..
    Cm. Fm.
    මතකවල සුසුමන් දරාගෙන
    Cm. Eb.
    උඹයි හදවත සියුම් තැන්වල
    Gm.
    පිහිතුඩෙන්
    Bb. Cm.
    පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
    Follow us
    Facebook -
    / sanjeewlonliyessjs
    Insta-
    / sanjeew_lonliyes_sjs
    Srilankan 🇱🇰Amu music culture | Sanjeew Lonliyes Other songs
    1)Kalifa song -
    • Kalifa | කලීෆා | Sanj...
    2)Chaambole song -
    • අපිත් යනවා දවසක ලී කූඩ...
    3) katta kaala daagaththa kella yaalu ( mage sweety kella thambili gediya raththaran) song
    4) chocolate kealla
    5) Dangamalla
    6) thani aliya
    All Copyrights - Sanjeew Lonliyes production ( Amu music culture )
    Contact - +94773250680
    Tags - #Pihithuden_adare_livve #Amu_music_culture #SriLankan.
    Thanks all hearts n love u all..
    Get this feel with us n stay tune us... Subscribe us
  • เพลง

ความคิดเห็น • 3K

  • @iroytofficial
    @iroytofficial ปีที่แล้ว +2934

    එකපාරක් ඇහුවා.දැන් අහන එක නවත්තගන්න බෑ ❤🔥

  • @Official-de2xw
    @Official-de2xw ปีที่แล้ว +1666

    1M 2M නැති උනාට... මේ අහන සෙට් එක ඉතින් අමු රහම හොයන සෙට් එකක් 💚

    • @Official-de2xw
      @Official-de2xw ปีที่แล้ว +52

      වට්සැප් ස්ටොරි එකක් දැකල ඇවිල්ලා ඊයෙ ඉදන් 30 පාරකට වඩා ඇහුවා....

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +114

      ආදරෙයි මචෝ ආදරෙයි ඈ...
      ♥️♥️

    • @hasithamaduwantha7423
      @hasithamaduwantha7423 ปีที่แล้ว +5

      එකෙන්ම

    • @disnanilani5946
      @disnanilani5946 ปีที่แล้ว +5

      @@Official-de2xw mamath 🥺🖤

    • @dinids5440
      @dinids5440 ปีที่แล้ว +3

      ඒක ඇත්ත..❤

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 9 หลายเดือนก่อน +164

    කුනු හරප 0%
    දැගලිලි 0%
    අසභ්‍ය විඩියො0%
    අර්ථය 100%
    ගැම්මක් සහොදරයා කියන්න වචන නැ මේ වගේ නිර්මාණ තවත් බිහිවේවා..! ❤

  • @gotabayakumara7790
    @gotabayakumara7790 10 หลายเดือนก่อน +107

    කිසිම ගායකයෙක්ගේ සිංදු හොය හොය අහලා නැහ.අහපු පලවෙනිම ගායකයා❤❤❤ඔනම දේක original ගතිය තියෙන්න ඔන❤

    • @JehanRanepura.428
      @JehanRanepura.428 9 หลายเดือนก่อน +1

      සිරා 😍😍🤟

    • @DS_MAKARA
      @DS_MAKARA 7 หลายเดือนก่อน +2

      Nitharama ahanawa.welawakata hithenawa mata pissuda kiyalath.
      😊

    • @shiromiprasadya4260
      @shiromiprasadya4260 6 หลายเดือนก่อน

      Sanjeethaya bawanawak keyanne may wage sinduwak rasawedenakota ❤🎉🎉🎉🎉🎉❤

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  ปีที่แล้ว +895

    බොහොම ආදරෙයි මචෝ... අපේ අමු සින්දු මුල ඉඳන්ම සහ දැනටත් අහමින් ඉන්න උඹල ඔක්කොටම ආදරෙයි මචෝ...
    මන් දන්නවා මේ ඉන්නේ චැනල් හොයාගෙන ඇවිල්ලා ආදරෙන් හදවතින් ඇත්තම ආර්ට් විඳින, හිත හරීම, ලස්සන සෙට් එකක් කියලා මචන්ලා...
    ආදරෙයි උඹල ට ආදරෙයි ඈ... උඹල ටත් ජයම ජයම ජයමවේවා
    සංජීව් ලෝන්ලියෙස්
    Whatsapp
    +94773250680

    • @prssadmadursnga6265
      @prssadmadursnga6265 ปีที่แล้ว +2

      සුපිරි

    • @buddhikajayalath8036
      @buddhikajayalath8036 ปีที่แล้ว +3

      Pattaiii brother,,,, eka wenama rahak thiyenne💯♥️👌👍😱🙏

    • @duliphettiarachchi2202
      @duliphettiarachchi2202 ปีที่แล้ว +12

      සුපිරි මචං ...මේ වගේ සිරාම වැඩක් මිසක් කරන්න එපා උඹේ කොලිටිය බහිනවා..පට්ට රහයි..කවද හරි උඹ ලංකාවෙ මියුසික් ලෙජන්ඩරියක් තමයි ..❤❤❤

    • @ashanchathuranga1609
      @ashanchathuranga1609 ปีที่แล้ว +3

      Supiri machan

    • @raviduupeka7914
      @raviduupeka7914 ปีที่แล้ว +2

      අනිවා ආදරෙයි අයියේ Kurunegala Dominoz එකේ මල්ලි...අමු අමුවේ අහන්නෙ...❤

  • @dulminijayawickrama
    @dulminijayawickrama ปีที่แล้ว +594

    ආදරේ වරද කරපු පරාජිත පෙම්වතුන් මේ සින්දුව අහගෙන පපුව හාරගෙන හදවත පතුලෙම හිරවෙච්ච මතක අවුස්සනව ඇති..මාත් ඒ විදියටම ඇස් වල කදුලු පුරවන් මේ සින්දුව අහනව..කොයිතරම් අමාරු උනත් මේ සින්දුව මට භාවනාවක් ඔබේ ඉදිරි ගමනට ශක්තිය ලැබෙන්න කියල මං හදවතින්ම සුභ පතනව❤

  • @suduaraliya3062
    @suduaraliya3062 10 หลายเดือนก่อน +43

    මොනතරම් වේදනාවක් ගෙනාවත් මාරම සොඳුරුයි.කෑගහන සින්දු වලට වඩා කනට හරිම සැනසීමයි

  • @navodisenevirathne
    @navodisenevirathne 9 หลายเดือนก่อน +7

    පිහිතුඩකින් ආදරේ ලියලා...
    පපුවටම පිහියක් බස්සපු කෙනෙක් ගැන තියන ආදරයක...
    අන්තිම මතකය... 💔
    මේ සින්දුව...❤

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +99

    1M, 2M විව්ස් අරන් සතියෙන් දෙකෙන් අමතක වෙලා යන මල් සිංදු වගේ නෙවේ මෙව්වා. මෙව්වට ඇබ්බැහි උනු මිනිස්සු ජීවිත කාලෙම මෙව්වා අහනවා✌️😔💔

  • @shashihansani6508
    @shashihansani6508 ปีที่แล้ว +281

    "අවසානයේ නුඹ හොදින්ද කියා ඇසීමට පවා නොහැකි තරමට අපි ආගන්තුකයින් වුණි. " 💔🥺🥀

  • @cathupamanimansala8297
    @cathupamanimansala8297 9 หลายเดือนก่อน +7

    අවසානයේ නුඹ හොදින්ද කියා ඇසිමට පවා නොහැකි තරමට අපි ආගන්තුකයින් වුණී 🥺🥺🥺🥺💔💔💔💔😥😥😥

  • @duethearts1750
    @duethearts1750 ปีที่แล้ว +22

    අවුරුදු දෙකක් වෙලත් ඇයි මේක අහන්න පරක්කු වුනේ කියලා කණගාටුවක් තියෙන්නේ. ඉතා හොද නිර්මාණයක්. මෙවැනි නිර්මාණවල ඉතා දැඩි ඌණතාවයක් පවතිනවා. වෙනම ට්‍රෙන්ඩ් එකක් හදන්න ශක්තිය ලැබේවා.

  • @rvvlog4275
    @rvvlog4275 ปีที่แล้ว +91

    හැකි පමණ නැගිටිමි
    නැගිට යළි දළු ලා ගමි
    ආදරය නොමරමි
    නුඹ තුලම සඟවමි🌻🖤

    • @warna85
      @warna85 ปีที่แล้ว +1

      🖤

  • @hoshanikavindya1095
    @hoshanikavindya1095 ปีที่แล้ว +94

    සන්ජීව් මාමේ..මන් හොෂාණි කාවින්ද්‍යා 11 ශ්‍රේණියෙ තාම ඉන්නෙ...මාත් කවි ලියනවා.දවසක මගෙ සින්දුවක් මාමට කියලා කියවගන්න තිබ්බොත් ඒ ඇති.ඒක මගෙ හීනයක්...💛💛💛

    • @ChamiD.11
      @ChamiD.11 ปีที่แล้ว +7

      අඩේ ඒ හීනයට සුබ පතනවා❤

    • @user-vu5fr1ss8z
      @user-vu5fr1ss8z ปีที่แล้ว +3

      අනිවාරෙන්ම ❤

    • @deepikaguruge946
      @deepikaguruge946 11 หลายเดือนก่อน +1

      Try kranna

    • @dilipmaduranga4134
      @dilipmaduranga4134 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @differentthing3
      @differentthing3 4 หลายเดือนก่อน

      අපිත් ආසාවෙන් බලන් ඉන්නවා ඒ කවි අහන්න 🤍🎶

  • @sarangainleisure8419
    @sarangainleisure8419 9 หลายเดือนก่อน +6

    මම ඉන්නෙ Australia , sydney වල. ITN eke chat & music වැඩසටහනෙන් පස්සෙ තමා අමු music ගැන හොයන්න අහන්න ගත්තෙ. ඉස්සෙල්ලා ම ඇහුවෙ පිටකවරෙ පස්සෙ කලීෆා පස්සෙ පිහිතුඩෙන්. මේ සිංදු මාර විදියට හිතට වදිනව. පස්සෙ වෙලවක cover එකක් කරන්නම්. මේ දවස්වල හිස් සිංදු අහල මැලවී ගිය හිත්වලට පිහිතුඩෙන් ඇන්නෙ ඔබයි ❤

  • @Pri83
    @Pri83 ปีที่แล้ว +23

    මේ සින්දුව හොයාගන්න මට අවරුදු දෙකක් ගත උණු එක ගැනයි මට දුක. මේක නම් පිස්සුවක් බ්‍රෝ 🔥💚

  • @teshankarunarathna
    @teshankarunarathna ปีที่แล้ว +189

    කීදෙනෙක් මේක අහන්න ආස වුනත් අහද්දි හිතින් විඳවන අය ඇත්ද 😥❤

  • @majeewa
    @majeewa 3 ปีที่แล้ว +596

    මමයි උඹෙ ඇස් දෙකේ මේ හැටි
    විඩාබර දුක් කදුලු මැව්වේ...
    උඹයි මම ඒ කදුලු පිසලන
    මොහොතෙදිත් මට එහෙම කිව්වේ...
    මගෙත් හිත මොන තරම් රිදුනද
    මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩින් ආදරේ ලිව්වේ...
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩින් ආදරේ ලිව්වේ...
    දැවෙන චිතකය විරහ ගිනි මැද
    මමයි නිතරම උබව හෙව්වේ...
    රිදෙන බව දැන දැනම අපමණ
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහි තුඩින්....
    පිහි තුඩින් ආදරේ ලිව්වේ...
    පිහිතුඩින්.....
    පිහි තුඩින් ආදරේ ලිව්වේ...
    දැවෙන චිතකය කදුළු පිණි ඉස
    මමයි ඇවිලෙන ගින්න නිව්වේ
    මතක වල සුසුමන් දරාගෙන
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහි තුඩින්....
    පිහි තුඩින් ආදරේ ලිව්වේ...
    පිහිතුඩින්.....
    පිහි තුඩින් ආදරේ ලිව්වේ...
    ඩිල්ශාන් පතිරත්න

  • @manojpolgampola7692
    @manojpolgampola7692 9 หลายเดือนก่อน +8

    උඹේ සිංදු අමු නෑ මචං උඹ ලස්සනට ගානට ලුණු ඇඹුල් දාලා හදන සිංදු පට්ටම පට්ට රසයි මචෝ උඹට ජය ජය වේවා

  • @Something.for_Life
    @Something.for_Life ปีที่แล้ว +12

    ' දැවෙන චිතකයෙ විරහා ගිනි මැද මමයි නිතරම උබව හෙවුවේ..' සිංදුව ඇහෙද්දි මේ මගේ කතාවමද කියලා හිතෙන තරමට දැනෙනවා..❤️... SJS ජය වේවා !

  • @tewanpasindu4525
    @tewanpasindu4525 3 ปีที่แล้ว +321

    මේ අමු ගීත මට නම් දිව්‍ය ඔසුවක් මේ තමයි මම සින්දු අහන්න කැමතිම විදිය ❤️ අයියට තව තවත් මේවගේ වටින නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕන ❤️❤️❤️

    • @sinhalasinduwa9300
      @sinhalasinduwa9300 3 ปีที่แล้ว

      අනිවා

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +11

      බොහොම ස්තූතියි

    • @user-ql8hp3vi9v
      @user-ql8hp3vi9v 3 ปีที่แล้ว +3

      අඩෝ ...
      මාත් මේව තමා සින්දු

    • @user-ql8hp3vi9v
      @user-ql8hp3vi9v 3 ปีที่แล้ว +3

      මේ වගෙ වෙන ඒව මොනාද අහප්‍ය්

    • @user-ql8hp3vi9v
      @user-ql8hp3vi9v 3 ปีที่แล้ว +3

      සඟයා මෙව තමා සින්දු ,
      ගෝශා... චින්තක ගීතදෙවගෙන් පස්සෙ මංඅහපු පාරක් මේක, මේ වගෙ දැණුන වෙන සින්දු මොනද ඔයාලට ❤️

  • @diluwijewickrama
    @diluwijewickrama ปีที่แล้ว +501

    ප්‍රේමයේ නාමයෙන් ප්‍රේමයේ අනුහසින් බිදුනු හදවත් පෙම්වතුන්ගේ යලි සුවපත් වේවා ❤️
    මගේ ඇතුලු හැමෝගෙම 🥺🥺🥺💔

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se ปีที่แล้ว +3

    පට්ටම අමුයි Bro

  • @roshandilruk2629
    @roshandilruk2629 ปีที่แล้ว +3

    අමුයි...රසයි..සරලයි....

  • @deshakalpani8582
    @deshakalpani8582 ปีที่แล้ว +60

    මට දැනුණු , මාව නොදැනුණු එයා මතක් වෙනවා දැනෙන මේ සින්දුවට,හඩට...❤️

  • @ireshasewwandi
    @ireshasewwandi ปีที่แล้ว +78

    පපුව මැදටම පිහියකින් අනිනවා වගේ වෙදනාවක් දැනුනා.ඒ වචන,එ හඩ,පිස්සුවක්.අවුරුදු ගානක් පස්සට අරන් ගියා මාව❤️❤️❤️❤️

    • @NimnaDivanjana-dp4sw
      @NimnaDivanjana-dp4sw 8 หลายเดือนก่อน

      Niyama sinduva ❤️❤️❤️💔💔💔💔💔

  • @ThinuliRathnayake
    @ThinuliRathnayake 7 หลายเดือนก่อน +3

    විසාල කරදරයක් වුනා මේ සින්දුව, රිපීට් දාගෙන අහන්නෙ මේක විතරමයි, වැඩක් කරගන්නවත් බෑ මේක අහන්නෙ නැතුව, රෑට නින්ද යන්නෙ නෑ මේක ඇහුවෙ නැත්තන්.. ප්‍රේමයට ප්‍රේම කරන මිනිසුන් වෙනුවෙන් තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 9 หลายเดือนก่อน +13

    හදවතේ සියුම් තැන් ස්පර්ශ කරපු තවත් කිසිම ගීතයක් නෑ මේ තරම්👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindagayashan6886
    @kavindagayashan6886 ปีที่แล้ว +179

    අධිමාත්‍ර ඖෂධයක් වගේ❤️සිරාවටම මේ වගේ ගීතත් trending එන දවසක ලංකාව මීට වඩා දියුණු තත්වෙකට එයි.❤️මේක භාවනාවක්❤️

  • @Mudith_95
    @Mudith_95 ปีที่แล้ว +166

    පද පේලි කිහිපයක්... ❤️❤️
    හිතට මහා සැන්සීමක්..❤️❤️
    වචනයේ පරිසමාප්තියෙන්ම.. ❤️❤️
    "අධ් මාත්‍රවක්"... ❤❤🤘🤘❤❤

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 ปีที่แล้ว

      අනිවාර්යෙන් ♥️♥️♥️♥️♥️ලස්සන සින්දු වක් අති දුර්බලා සින්දු ඒක තනු ව එහෙට මෙහෙට කරලා. අඩන සින්දු අහලා අති වෙලා ඉන්න අයට කන මිහිරි කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැති ගායන ක්‌ 👌♥️♥️♥️♥️♥️♥️♥️

  • @tharubrosrilanka2065
    @tharubrosrilanka2065 10 หลายเดือนก่อน +15

    ඇත්තටම ලස්සනයි මචං. උඹට කවදාවත් වරදින්නේ නැහැ මචං. බුදු සරණයි දෙවි පිහිටයි...,

  • @thilininawarathne527
    @thilininawarathne527 ปีที่แล้ว +3

    මේවා තමයි trending yanna ඕනී ඒත් යන්නෙ කොහෙවත් මල් සිංදු lankawane neda?? 👍👍👍 feeling voice ape family ekama නොනවත්වා අහන voice ekak ❤

    • @Wewalage
      @Wewalage ปีที่แล้ว

      අනිවාර්යයෙන් මේවල තියෙන රස මාරම එකක්❤

  • @dumindasenavirathna1391
    @dumindasenavirathna1391 ปีที่แล้ว +10

    කී පාරක් ඇහුවද කියල මතක නැති තරම් හැමදාම අහනවා,මතකවල සුසුමන් දරාගෙන................❤️

  • @nurakadilhani6001
    @nurakadilhani6001 ปีที่แล้ว +22

    කොහොමද දෙයියනේ මේ වගේ සිංදු හදන්නේ ❤️❤️
    සිංදුවක් නෙමෙයි මේක ජීවීතේ කියවනවා වගේ 😥❤️

  • @sanjeevananayakkara9172
    @sanjeevananayakkara9172 ปีที่แล้ว +3

    මේක අහන හැම වාරයකම, මම එක එක අර්ථ කථන මම මටම දුන්නා... ඒත් මට හැම විටම හිතුනා මේකට වෙනම කියවිමක් ඇති කියලා දෙවෙනි පාර්ශවයකට ❤

  • @gavindapriyaviraj
    @gavindapriyaviraj 10 หลายเดือนก่อน +7

    අවුරුදු 2කට පස්සෙන් එපා වෙන් නැති අමු සිංදු..ඇබ්බැහි වෙලා.🥺❤️

  • @lak-mk2xr
    @lak-mk2xr ปีที่แล้ว +16

    මගේ ඇස් අඟ රැදුණ කදුළැලි
    ආදරේ ගැන රටා මැව්වේ
    නුඹයි ඒ හැම රටාවක් ළඟ
    සිත්තරෙකු සේ ළඟින් උන්නෙ
    සිහින සිතුවම් ළතෙත් මේ හඳ
    නිතර නිතරම නොමර මැරුවේ
    රළු හිතක් මත දැනෙන්නයි මම
    පිහි තුඩින් ආදරේ ලියුවේ
    අපේ ලෝකයෙ ඇවිලි ගිනි දැල්
    ප්‍රේම වැස්සට නිවී නොගියෙ
    බුර බුරා නැඟි නොයෙක් සිතුවිලි
    අලු මතින් රත් පැහැයෙ දිලිහේ
    තියුණු හැඟුමක් පාරවා හද
    සොවින් පිරි නෙත් නිසල වූයේ
    ඉතිං මං මට දැනුණු විදිහට
    ආදරේ ගැන නුඹට කීවේ
    𝑳𝒊𝒎𝒆𝒔𝒉𝒂❤️

    • @win3cgc
      @win3cgc หลายเดือนก่อน

      💌

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +15

    Ado මගේ ආසම සින්දු වලින් එකක් අද ඉදන් මේක අවුරුද්දක් වෙලත් සින්දුව දාල අදයි දැක්කෙ ❤️ මාරම රසක් තියෙන්නෙ මේ සින්දුවේ ❤️❤️ බොහෝ විට ජීවත් වෙලා හිටියොත් 2050 ත් මන් මේක අහවි 😁

  • @devindibhagya7894
    @devindibhagya7894 ปีที่แล้ว +32

    අධි මාත්‍රාවක්...... සොදුරු ඇබ්බැහි වීමක්..... සත්තකින්ම හිත නිවන භාවනාවක් වගේ......❤❤❤

  • @charithppr
    @charithppr ปีที่แล้ว +4

    තබ්ලා එක එන තැන මරු..
    අමුතුම තැනකට අරන් යනවා

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 ปีที่แล้ว +55

    හේතුවක් දන් නෑ...ඉබේමයි කදුලු එන්නේ...just a masterpiece 🥺❤💆

  • @danushrathnayaka9294
    @danushrathnayaka9294 ปีที่แล้ว +16

    විරහව තරම් විදින්න පුලුවන් වෙන දෙයක් නෑ... විරහව මාරම ලල් එකක්. භාවනාවක්. 👍
    දාල ගිය ඇයට කියන්න තියෙන්නෙ "මාව දාල ගියාට බොහොම ස්තූතියි! 🙏, තාමත් ආදරෙයි"

  • @user-lx9cy3ib7l
    @user-lx9cy3ib7l ปีที่แล้ว +13

    හදවතට දැනෙන දේ කියන්න බැරි තරම් අසරණයි මම....
    පුදුමාකාර රසයක් තියෙන්නේ ...
    ආදරෙයි සහෝ...

  • @nwanasigha4994
    @nwanasigha4994 9 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපා නොවන හදවතේ ගැඹුරු තැනම ලැගුම් ගත් සිංදුවක්....ලස්සනයි ❤

    • @pradeepfernando4254
      @pradeepfernando4254 7 หลายเดือนก่อน

      පිහි තුඩින් හදවතම පිරි මැද්දේ නිබයි මචං

  • @piyumikaruwangi450
    @piyumikaruwangi450 ปีที่แล้ว +9

    තබ්ලාවෙන් දෙන රහ🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧 Voice & lyrics අම්මෝ🥺🥺🎧🎧🎧❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Lovedreams..
    @Lovedreams.. ปีที่แล้ว +410

    පොඩි බියර් එකක් එක්ක පොඩි පැට්ටෙක් ඔතාගෙන චූටි පොද වැස්සක කාමරේට වෙලා මේක අහනකොට ❤ අතීතෙ මතක පපුව කඩාගෙන යන අපූරුව ❤

  • @rasikalasanthi2637
    @rasikalasanthi2637 ปีที่แล้ว +1

    Nubai hadawathe sium thanwala pihithudin adere liywe.....❤❤❤❤deep touching heart....

  • @divyawitharana6979
    @divyawitharana6979 ปีที่แล้ว +2

    මේ සින්දුව හැම රෑකම අහන්න හිතෙනවා හිතට තේරුම්ගන්න බැරි අමුතු හැගීමක් තියෙන්නේ ඒක වේදනාවක්ද සැනසීමක්ද කියලා තේරුම්ගන්න අමාරුයි,,ඒත් හැම වචනයක්ම හොදට දැනෙනවා🥺❤️

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 ปีที่แล้ว +28

    මේව තමා හීනියට රිද්දන රසය දෙන නිර්මාණ.. මරු ඕයි

  • @jayanipoornima9184
    @jayanipoornima9184 ปีที่แล้ว +37

    සින්දුව මැද ඇහෙන අනික් instrument එක මාරම ලස්සනක් ගේනවා සින්දුවට. සින්දුව සම්පූර්ණ කරනවා ඒ වාදනය... සින්දුවේ තියන බර එතනින් නවතිනවා වගේ දැනෙනවා. ❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +2

    Pissu hadena voice akak malli❤❤

  • @user-ii4ir3qc2b
    @user-ii4ir3qc2b 9 หลายเดือนก่อน +4

    හැමදාම මේ සිංදුව අහනවා.ඒත් අද මේ සිංදුව වෙනුවෙන් දෙයක් ලියනවා.අද සතුටු දවසක් ද දුක දවසක් ද තේරෙන්නේ නෑ...ඒත් අද මම ඔයාගෙන් අහනවා මැණික රිදෙන බව දැන දැනත් ඇයි තාමත් මාව මේ විදියට රිදවන්නේ....හැමදාමත් ඉන්න තැනක සතුටින් ඉන්න ❤️☺️🥀

  • @nileshafernando6770
    @nileshafernando6770 ปีที่แล้ว +10

    ටික් ටොක් එකෙන් සින්දුවේ බාගයක් දැකලා ෆුල් එක අහන්න ආවෙ ..❤️ මාරම ලස්සනයි keep it up ❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නිලේශා... ආදරෙයි සහෝදරී.... ❤️❤️❤️🤝🤝🤝

  • @kimheawool268
    @kimheawool268 ปีที่แล้ว +22

    අහන ගානේ වචනයක් වචනයක් ගානේ එයාව මතක් වෙනවා........... කොච්චර ඇහුවාත් නවත්ත ගන්න බැරි පද ටිකක්. ඒකටම ගැලපෙන ලස්සන වොයිස් එකක් 💜️

  • @ALFHA44
    @ALFHA44 9 หลายเดือนก่อน +24

    "මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩින් ආදරේ ලිව්වේ"
    SANJEEW LONLIYES NEWER MISS 🖤💯

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda79 ปีที่แล้ว +61

    ඔය අපූරු හඬට...❤️
    සමවැදී විඳිය හැකි
    සොඳුරු ඇබ්බැහියක්... ❤️
    සුභ අනාගතයක් ඔබ‍ට ❤️
    තෙරුවන් සරණයි!

  • @fathimasaheeka9482
    @fathimasaheeka9482 ปีที่แล้ว +14

    අහම්බෙකින් දැක්ක ටික්.ටොක් වීඩියෝ එකක් නිසා සර්ච් කරලා සිංදුව අහන්න ආවෙ..විදින්න පුලුවන් අපූරු හඩක්..අපූරුම රිද්මයක්..ජය !!❤️❤️

  • @disnyy6087
    @disnyy6087 ปีที่แล้ว +6

    තිත තිබ්බා කියලා හිතපු මතක් පොදියක් ගැන මටම නක්කලේට හිනාවෙච්ච සින්දුවක්. "තිත තිබ්බෙ නැ. උබ තිබ්බෙ කොමාවක්." සින්දුව අස්සෙන් මට මගෙ පපුවට ඇහුනෙ ඒ දේ. "විදවන්නෙ නැතුව ඉන්න තැනක, ළන් කරගත්තු කෙනා එක්ක හිනා වෙලා ඉන්න ඕනි. මන් දැව්නට කමක් නැ. මන් දැවෙනකොට පිට වෙන එලියෙන් ඔයා සතුටු වෙන්න ඕන. මන් කියන්නෙ එච්චරයි"

  • @jayanirashmi9364
    @jayanirashmi9364 ปีที่แล้ว +5

    රිදෙන බව දැන දැනම අපමණ නුඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිවුව😥😥😪

  • @vijithaPradeep-ir3yj
    @vijithaPradeep-ir3yj ปีที่แล้ว +4

    ඇත්තමයි බං අයියේ
    උන් එහෙම තමයි ආදරේ දුන්නෙ..
    උබයි හරියට දැනෙන්න කිවුවේ ..
    🎶🎶💪👍❤️🎵

  • @damithmalinda5038
    @damithmalinda5038 ปีที่แล้ว +18

    තබ්ලාවේ රිද්මය වදින්නේ හදවතේ ගැඹුරටම....
    වචන වල අපූරුව
    හොරෙන් ඇහෙන සංගීත රටාව....
    මගෙත් හදවත මොනතරම් රිදුනද
    මගෙන් ඇයි ඒ ගැන නොඇහුවේ!!!!
    රචකයා ඔබ සියුම්තැන් වලට අපුරුවටම කොටලා!!!

  • @hansikalive
    @hansikalive 3 ปีที่แล้ว +14

    පුදුම තරමට හදවත සංවේදී කරන ගීතයක්. ඒ පද, ඒ හඬ 👌👌. පලවෙනි වතාවට youtube එකට comment එකක් දැම්මෙ. නොදා බැරි තරම් ආදරණීය ගීතයක්..❤️❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +2

      බොහොම සන්තෝසයි...සහෝදරී, අපෙ අමු මියුසික් කල්චර් එක අහනවට විඳිනවට.බොහොම ස්තූතියි....

  • @nishakurera6602
    @nishakurera6602 ปีที่แล้ว +4

    මටත් එකපාරක් ඇහුවට පස්සේ නැවත නැවත අහන එක නවත්තගන්න බැහැ .. 😘😘හරිම ලස්සනයි

  • @shounranasinghe1987
    @shounranasinghe1987 ปีที่แล้ว +5

    මේ සිංදුව බලන්න ආවේ.. TH-cam ඒකේ තියේන සිංදු ඔක්කොම ඇහුවා.. ❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +1

      ආදරෙයි මචෝ ආදරෙයි ඈ

  • @pathumsanjeewa6932
    @pathumsanjeewa6932 ปีที่แล้ว +22

    සිය පාරකට වඩා ඇහුවා. තව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ සංජීව අයියේ. හදවත පසාරු කරගෙන යනවා good luck අයියේ

  • @arogyalaboratory9578
    @arogyalaboratory9578 ปีที่แล้ว +2

    As piyagena ona tharam wathawak ahan enna puluwan aiye.❤
    Kaleefa ,pihi thudin ,yakada manamali ..aththamai pissuwak..❤
    Totally addicted..
    No any conditions .😊

  • @user-uy3fj3ud9j
    @user-uy3fj3ud9j ปีที่แล้ว +1

    Uba dakshayek aiya uba සුපිරි 👌🤘🤝💪

  • @JKS977
    @JKS977 ปีที่แล้ว +24

    තමන්ගෙ කරගන්න බැරි කෙනෙකුට ආදරෙ කරන්න වෙනවා තරම් පව් ගෙවිමක් මේ ලොකේ තවත් නැතුව ඇති...🥀
    නුබයි හදවත සියුම් තැන්වල පිහිතුඩින් ආදරේ ලිව්වේ...

  • @mathupalarox7056
    @mathupalarox7056 ปีที่แล้ว +24

    ඇග හිරිවැටෙන තරම් ඇගට දැනෙනවා . ජයෙන් ජයවේවා ❤️

  • @thisarianuththara7905
    @thisarianuththara7905 ปีที่แล้ว +3

    මේ ගීතය කී වතාවක් මන් ඇහුවද මට මතක නෑ ..හිතට මාර දැනෙනවා හේතුවක් නැතුවම මන් ඒ ගීතය මගේ කරගෙන කදුළු වැස්සක් හෙලුවා ඇස් දෙකෙන්...ඒ හඩ හරිම අපූරුයි ..👍❤️

  • @miuz4733
    @miuz4733 9 หลายเดือนก่อน +5

    එකේ නම් අමුතුම රහක් තියෙන්නේ.. ඕක තමයි ඕන රසය ඒ වෙනස පට්ට 👌👍🙏

  • @kanchanaherath1000
    @kanchanaherath1000 ปีที่แล้ว +18

    කාලෙකට පස්සේ සිංදුවක් ඇහුවා පපුවට දැනෙන හඳවතට වදින සංගිතයක් එක්ක නියමයි සහෝ සිංහල සංගිතයේ තවත් ප්‍රේමසිරි කේමදාස කෙනෙකුගේ සම්ප්‍රප්තියක් 🤙🤙🤙🤙🤙

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว

      කාංචන ආදරෙයි ඈ

  • @virajnishshanka9896
    @virajnishshanka9896 3 ปีที่แล้ว +46

    ආසම music arrangement එකක්
    මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවට පැලෙන්න අහන්න පුලුවන් සින්දු set එකක් තියෙන සුපිරි වැඩ්ඩෙක්...
    මීට....
    මේ විදියට
    මේ ක්‍රමයට
    මේ music style එකට ආස එකෙක්

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වෂියක් වගේ නිතරම අහන්න හිතේන සිංදු ජයවෙිවා බුදු සරනයි

  • @devindithiloka2512
    @devindithiloka2512 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ඒ වචන වල අර්ථය කටහඬ 😊
    "මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඒ ගැන ඇයි නොඇහුවේ" ❤

  • @user-db3qf1yb4f
    @user-db3qf1yb4f ปีที่แล้ว +37

    මේ සිංදුවට හුස්ම හිර වෙනවා..හිතම හිරිවැටෙනවා..මේ සිංදුවනම් ඉනාවක් ❤️❤️❤️❤️ හරිම ලස්සනයි ...ඒ වාගේ සිංදු හැමදාමත් දෙන්න.🙏🙏🙏 ඒ හැඟීම වචන වලින් ලියා ගන්න බෑ❤️❤️

    • @priyanthapadma7018
      @priyanthapadma7018 ปีที่แล้ว

      Excellent deep breath my heart feels

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 9 หลายเดือนก่อน

      මෙවැනි අත්දැකීමක් තියෙනවද?

  • @nadeesharubasinghe1238
    @nadeesharubasinghe1238 ปีที่แล้ว +15

    ඒ සින්දුව තව දිග උනානම් කියල හිතුනා.. ඒ තරමටම ලස්සනයි... ❤️❤️බුදු සරණයි ඔයාට

  • @kumudunijayawardana3890
    @kumudunijayawardana3890 10 หลายเดือนก่อน +1

    හරිම ......හිතට දැනුන....
    කියන්න වචන නැ

  • @PabaluOshadi-de9np
    @PabaluOshadi-de9np ปีที่แล้ว +1

    අය්යා මං ඔයාගේ හැම සින්දු වම ඇහුවා ගොඩක් ලස්සනයි තව සින්දුව ක්‌ ඕනේ නොදැන ආදරේ කරලා අහිම් ආදරයක් ගැන මේ සින්දුව වගේ ම එකක් ඕනේ

  • @chathunadeesha9060
    @chathunadeesha9060 2 ปีที่แล้ว +18

    නවතින්න කිසිදාක නොකියමි .
    හීන අරගෙන යන්න පවසමි.. ❤️
    2022. 07 . 08
    අද මේක හම්බුනේ අහන්න .
    දක්ශ ගායකයෙක් හම්බුනා කාලෙකින් ❤️
    ආදරෙයි 💥
    ඔයා වෙනම ආර්ට් එකක් ❤️

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y 2 ปีที่แล้ว +76

    ජාතික ගීය මේ දවස් වල මගේ ❤️❤️❤️❤️

  • @MalithaMaduranga-sz1tx
    @MalithaMaduranga-sz1tx ปีที่แล้ว +1

    Patta song ekak 😍

  • @damayanthimarasingha2917
    @damayanthimarasingha2917 ปีที่แล้ว +1

    ඒක මාරයි....දැවෙන චිතකය කදුලු පිනි ඉස..මමයි ඇවිලෙන ගින්න නිව්වේ....ඇත්ත ටම උනේ එහෙම තමයි...

  • @tharakaroshan316
    @tharakaroshan316 ปีที่แล้ว +7

    100 පාරක් විතර අහන්න ඇති. සිරාවටම පට්ට ❤️. තබ්ලා පාර්ට් එක නම් 🔥

  • @wanigasooriyahlakshitha1294
    @wanigasooriyahlakshitha1294 ปีที่แล้ว +16

    අද තමයි ඇහුවේ.ඇත්තටම පුදුම සැනසීමක් දැනෙනවා 😍😍😍🙏🙏🙏තව තවත් ⁣මේවගේ සිංදු කරන්න

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +1

      ආදරෙයි සහෝදරයා

    • @wanigasooriyahlakshitha1294
      @wanigasooriyahlakshitha1294 ปีที่แล้ว

      මේ සිංදුවටම ගැලපෙන්න ජීවිතේ ගලාගෙන යනවා සහෝදරයා.😥ඒත් ඒ දේවල් අමතක කරන්න බැරි තරමටම ඇබ්බැහි වෙලා මම.හිත රිදෙන රිදෙන හැම වෙලාවෙම ඇස් වල කඳුලු පුරවන් මේ සිංදුව අහන එකයි කරන්නෙ 😥😥.උඹට ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @janidubodhinarayana6817
    @janidubodhinarayana6817 ปีที่แล้ว +2

    අදයි ඇහුවෙ, අද දවසම අහල, හෙටත් අහල, මේ සතියමත් අහල, මේ මාසෙත් අහල, කාලෙකට පස්සෙ ආයෙ මතකෙට ආවහම ආයෙත් මේ රෝලෙන්ම අහනව, #masterpieces ❤

  • @nayanirajapaksha6626
    @nayanirajapaksha6626 29 วันที่ผ่านมา +1

    මතකවල සුසුමන් දරා ගෙන
    උබයි හදවතේ සියුම් තැන් වල පිහිතුඩෙන් ආදරෙන් ලිව්වේ...❤

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 3 ปีที่แล้ว +16

    අයියගෙ chemistry'ය හරියටම හරි අයියේ..!! මේක තමයි තැන.ප්‍රකෘතිය තමයි සුන්දරම,,pio එක තමයි real'ම එක ..අමු එක තමයි හදවතට රසවත්ම !! ජයමවේවා සංජීව් අයියේ ❤️

  • @maheladhananjaya1901
    @maheladhananjaya1901 ปีที่แล้ว +15

    ජීවිතේම එපා වෙලා අඩ අඩ ඉදිද්දි මේක අහම්බෙන් දැකලා මේක බැලුවා..මීට වඩා හොඳයි මාව මරලා දැම්මනම්😞එච්චර රිදුනා

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +4

      අඩේ, මචෝ.... ආදරෙයි බන් ආදරෙයි... අපි කොහෙ කොහෙදි හරි හමුවෙයි... එදාට කතාකරමු... තදින් වැලඳගමු... අපේ අමු සින්දු අහනවට බොහොම ස්තූතියි

  • @gaminihewavitharana273
    @gaminihewavitharana273 ปีที่แล้ว +3

    මේවා මත්ද්‍රව්‍ය. මේවට හිරේ දාන්න පුලුවන් නම් ඔක්කොම හිරේ මේ වෙද්දි. ඇබ්බැහි උන සහ ඇබ්බැහි කරන සේරෝම❤️🙏

  • @RohiniLiyanage-ij6hu
    @RohiniLiyanage-ij6hu 9 หลายเดือนก่อน +1

    කොච්චර නම් ඇහුවද.එපා වෙන්නෙම නැ.මෙතෙක් නිර්මානය වූ හොඳම නිර්මානය මට දැනෙන හැටියට

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 ปีที่แล้ว +11

    මගේ ආසම සිංදු තනියෙන් ඉන්න නිස්කලංක හැම වෙලාවෙම මේ සිංදු අහනවා මරු ,පට්ට ❤❤

  • @UVideas
    @UVideas ปีที่แล้ว +7

    පිහිය අතට ගන්න වෙලාවේ පෑන අතට ගත්තනම් අද වෙද්දි ගොඩක් අාදර කතා එ්කපාර්ශවීයව අාදරය කරමින් ලස්සන අර්ථවත් සින්දු ලියන්න තිබුනා.එහෙනම් අද දෙන්නගෙම ජිවිතවල වටිනාකම තේරුම් අරන් ලස්සනට ජිවත් වෙන්න තිබුනා.සදාකලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක් පතන්න බෑ කවදාවත්.....

    • @surangidevika2746
      @surangidevika2746 ปีที่แล้ว

      හැමදාම අහන තරමට ඇබ්බැහි වෙලා..❤

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 ปีที่แล้ว +5

    වහා ඇබ්බැහි වෙන සුලුයි ❤️‍🔥❤️‍🔥

  • @user-sx9gd7vz3b
    @user-sx9gd7vz3b ปีที่แล้ว +3

    රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
    පිහි තුඩෙන් ❤❤❤❤❤
    ආදරේ ලිව්වේ..❤❤❤❤❤❤

  • @dineshvidanagamage.7413
    @dineshvidanagamage.7413 ปีที่แล้ว +14

    මේක නම් පිහිතුඩෙන්ම ලිව්ව, කිව්ව සිංදුවක් .....ඩිල්ෂාන් , සන්ජීව්.. නියමයි ... පට්ට......
    . මේක සහපු වාර ගාණ මටම මතක නෑ....

  • @pramindiakshika9439
    @pramindiakshika9439 ปีที่แล้ว +33

    නුඹ දන්නවා නුඹට,
    මං වගේ තව කෙනෙක් ආදරේ නැතිවග....
    මම දන්නවා ඇයට,
    නුඹ වගේ තව කෙනෙක් ආදරේ නැති වග!!!
    🙂🥀

  • @kapilavajira5465
    @kapilavajira5465 ปีที่แล้ว +1

    ඒක භාවනාවකට සම.වැදීමක්.වගේ...අහපු.වාරගාන මතක නෑ.. mp3 එකත් download කර ගත්තා .💖💖💖

  • @sethachamathkara5111
    @sethachamathkara5111 9 หลายเดือนก่อน +32

    සින්දු කියන්න හැමෝටම පුලුවන් උනාට හදවතට තට්ටු කරලා හදවත අරගෙන යන්න හැමෝටම බෑ 🥺❤ ආදරෙයි සහෝ

  • @bodimecooking2342
    @bodimecooking2342 2 ปีที่แล้ว +18

    බියර් එකක් බීලා ඉන්න වෙලාවකට හෙමින් අහලා වෙනම ලෝකෙක තනි කරන්න පුලුවන් නිර්මාණයක් ❤❤