Sachini Nisansala - Ane Oya ( අනේ ඔයා ) | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ย. 2024
- #aneoya #sachini #nisansala
Stream on Apple Music and Spotify etc..
music.mrecente...
Artist - Sachini Nisansala
Melody - Piyath Rajapakse
Music composed - Piyath Rajapakse
Lyrics - Dilan Weerasooriya
Music Produced - Mahiru Senarathne
Mix and Mastered - Mahiru Senarathne
Produced By - Mahesh Nalinda Dayarathna
Ama Visual Concept - Upeka Amapani Galmangoda
Writer & Director - Nimna Dewpura
Cinematographer - Shihara Osha
Editor & colourist - Nerun Kalpajith
Art director - Kasun Ukwattha
Assistant director - Sanjula Silva
Production Manager - Thilina De Silva
Production Assistant - Desha Vimukthi
Chamara Sandaruwan
Akalanka Prabashwara | Thiloka Wickramagalla | D V D Jinadasa | Kasun Ukwattha | Wasana S Peiris | Dilshan Shanuka
Follow & like Sachini Nisansala
www.facebook.c...
www.facebook.c...
Instagram / sachini1845
Special Thanks
Amma | Thaththa | Appachchi & Our Family
Nadeesha Dayarathna | Janith Lohitha
mrecentertainm...
Chamath Peiris
Janaka Daladawatta (Pansilu Music)
Mudriq Ahamed
Lyrics
මේ ආකාසේ පුරාම
මන් සොයමී හැමදාම
රූ නාරී තාරුකාව....
බැබලේදෝ මා ගාව....
සෑම දාම මන්.... පෙනේවා කියා පතන්නම්
ආදරේට මන්.... ඇසිපිය නොහෙලා ඉදන්....
එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම....
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා....
පෑව ඒ ආල හිනාව
මන් දකිමී සද ගාව
නුබ නැති මේ හැන්දෑව
තනියම හැඩුනේ නොදැනීම....
පාලු රෑට මන්.... ඔබ මා ලග යැයි සිතන් සිඹින්නම්....
ආදරේට දැන්.... ඔබගේ සලුවක් වුනත්....
එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම....
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා....
Thank you...
සිහිකරමින් අප ගෙවූ සුරම්‍ය රාත්‍රිය
අහස දෙස බලා සිටියා ඔබ යලි පෙනෙවි කියා
කොතරම් බලා සිටියත් යලි හමුවෙන දවසක් ඒවිද?
අපි ගොඩක් බැදෙනේම අපට නොලැබී, දුරස් වී යන තැන් වල නොවේද?
මේ වචන වලින් ඔයාගේ ඒ ආදර මතකයට පණ පොවන්න අලුත් නිර්මාණයකින් අයෙත් මුණගැහෙනකම්
- Dilan Weerasooriya
Superb Lyrics Sir ❤😍
මේ වගේ ආදර කතා කොයි තරම්නම් ඇතිද?..හැමෝටම දැනෙන්න ඔයා මේක ලස්සනට අකුරු කලා....ගොඩාක් ස්තූතී අයියේ..❤❤🙏
Machan ❤👌
Nearly in tears ♥️
❤️❤️❤️❤️❤️
දවසක් අපි දෙන්නා බස් එකේ යද්දි, මං ඉඳගත්තා පිරිමි ළමයෙක් ළඟ,එයා හිටගෙන හිටියා මං ළඟ..අර පිරිමි ළමයා නැගිටලා මගේ bf ට seat එක දුන්නා..මං හිතුවා අර boy බහින්න යන්නේ කියලා..ඒත් නෑ එයා ගියා අපිටත් වඩා දුර..ආදරණීය හිත් තියෙන මිනිස්සු ඉන්නවා අපි අතරෙම😍😍
❤️❤️🥺
@@lakindudinuwara1768 😊 නෑ නෑ..අවුරුදු 2ක් විතර..😊
මං හිතන්නේ ඔයා මම ගැන කියන්නේ 💕
@@sanjulasashintha1436ow ow oya thamai😊😊 naththam thawa kattiya ahai man da kiyala😁mokada mata eththatama eyage muna mathaka na
💗💗💖💖💗💖💖
එයාගේ අත බදාගෙන උරහිසට ඔලුව තියාගෙන ඔහේ බස් එකේ ගියපු දවස් තිබුනා යන්නේ කොහෙද කියලවත් නොදැන..අවුරුදු 5ක ඒ ආදරය කොච්චර සුන්දරද..අද ඒ ගමනට අපේම චූටි පැටියෙකුත් එකතු වෙලා එයත් අපිත් එක්ක කොහේද කියලා නොදැනම ඔහේ යනවා හැම මනුස්සයෙක් ටම හම්බවෙන්න ඕනි ආදරනීයම බැදීම් කාටවත් අහිමි නොවේවා හිමි වේවා❤
ඔයාල තුන්දෙනාටම හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..තෙරුවන් සරණයි ❤️❤️🥺
May the everything you deserve will be with you.god bless for you three❤❤
බස් එක කියන්නේ මතක ගොඩක් එකතු උන තැනක් හැමෝගෙම ඉස්සරහා ආදරය කරපු තැනක් ❤
@@btsandarmyjhope1061 ❤️❤️
මන තනියෙම හරි මේ Video එක 1M ගහනවා 🥺💙
1M ගියත් නොගියත් ඔයාලගෙ මේ ආදරණීය comment ටිකම ඇති මට..බොහොම ස්තූතියි ❤️🤗
@@sachininisansala6702 🥺🥺🥺
Math innawa🥰 e sinduwa hari lassanai
1 million emails ona wei enam🙂...oya kochchara baluwath blnne ekama email ekennam count wenne ekai...
@@thanukazoysa1969 ne machan. Per day view ekak count wenawa.dawas one million yanawa eka tama seen eka hebei 😀
සුඛෝපභෝගී වාහන ඇතුළෙත් ආදරේ කරන අය ඕනෙ තරම් ඇති...ඒ ආදරෙත් ලස්සන ඇති...
ඒත් මේ මං වින්ද ආදරේ... බස් එකක එකම සීට් එකේ එයා ළඟින් වාඩි වෙලා යද්දි දැනෙන ඒ හැඟීම... ❤ කාටත් හොරෙන් පොඩ්ඩක් දෑත් පටලවගන්නකොට දැනෙන අවිහිංසක ප්‍රේමයක මිහිරියාව...❤ දන්න අඳුනන කෙනෙක් බස් එකට නැග්ගොත් දකී කියන බයට එකම සීට් එකේ ඉඳගෙනත් වචනයක් වත් දොඩමළු නොවී ගිය දවස්...❤ එක පාරක් වෙනුවට සිය දහස් වාරයක් හිතල ඉවසන්ම බැරි තැන හිමීට ඒ උරහිසට බර උනාම ඒ දැනෙන ආදරේ සුවඳ❤ දන්නෙම නැතුව ගමනාන්තයට ආවම එයා බැහැල යද්දි පපුව බර වුණු දෑස් තෙත් වුණු සවස්❤ මට නම් ඒ ආදරේ ලස්සනම දවස්....❤
❤️❤️
❤
Woah.....
🥺❤
Mage kathawa meya kalinma liyla❤❤❤❤❤
මට නම් තේරුනේ අපිට ඇත්තටම ආදරේ කරන අය කොච්චර කාලයක් ගියත් අපි එක්ක ඉන්නවා කියලා.. මොකද ඕකෙ seat එක දෙන කෙල්ල එයාත් ඒ කාලෙ එහෙම ගිය හැටි මතක් කරන්න ඇති එයා ඒක හිත හිත තනියම ඉද්දි එයාට අහිංසක වේදනාවක් එන්නත් ඇති එහෙත් එකපාර ආපු call එකෙන් එයාට සතුටක් එන්න ඇති.. අපිට ආදරේ කරන අයට අපිව දැනෙනවා.. ඉස්සර වගේ නැතත් පොඩි කෝල් එකකින්,msg එකකින් උනත් ආදරෙ පෙන්නන්න පුලුවන් ❤️😊
වීඩියෝ එක අන්තිමට පිටිපස්සෙ හිටිය ගෑණු ළමය ජනේලෙට ඔළුව තියා ගත්තම මගේ පපුව පිච්චිලා ගියා😔 ඇත්තටම ඒ Video එකේ හිටිය ගෑණු ළමය, මට පුදුම විදිහට ආදරය කළ මගෙ ❤ වගේමයි🙉 නිවන් දකින තුරා හැම සංසාරයකම හැමකෙනෙක්ම බලාපොරොත්තු වෙන ආදරය එයාටත්,මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙකුටම නොඅඩුව ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව!✍️🙏,,,
😢😢❤❤
ඒ ගෑණු ලමයාගේ ඇස් කතා කරනවා, කෝල හිනාව 🥺 ප්‍රේමණීය බැලුම්, සමස්ත රූප රාමු පෙල අපිව ලස්සනට කොටු කරනවා🥺❤
මෙතන මට ගොඩක්ම දැනුන තැන අවසානෙදි, ඒ girl එයාගෙ boyගෙ උරහිසට ඔලුව තියා ගන්නවා...
ඒත් එක්කම ඒ පිරිමි ලමයට ගෑනු ළමයා ළඟ ඉද දීලා පිටිපස්සට ගිය girl ජනේලෙට ඔලුව තියා ගන්නවා....🌻🖤
ඇයි කියන්න දන්නෑ...එතන සෑහෙන්න දැනුන තැනක්🖤🙂💔
මේ වචනවලින් කතා කරන්නෙ ඒ පිටිපස්සෙ ගෑනු ලමයා ගැන
ඉවර වෙනකල් වලන්න. එතනින් ඉවර නෑ..
ඉයෙ මං මගෙ gf එක්ක බස් එකෙ ආවා එයාට සීට් එකක් හම්බවුනා මං මාතර ඉදලා තංගල්ලට යනකම් හිටගෙන ආවා එයා ලග ❤️😊. එයා බහින තැනට ආවා මට එයා ලගින් වාඩිවෙන්න බැරිවුනා. එයා බහිනකොට මට හම්බවුනා සිට් එක මම ඉදගෙන ඉන්නකොට කෙල්ලෙක් මගෙ දිහා බලාගෙන ඉන්නවා ඉදගන්න එතනින් එයාගෙ bf එක්ක මං හිටගෙන ගියා ඒ දෙන්නා දිහා බලාගෙන සීට් එක දීලා ❤️😊
ඒ කාලෙ ආයෙ එනවා නම්...මට දැනුනෙම ඒ දෙන්නට වඩා තනියම විදින ඒ ආදරේ...මාත් ඔහොමයි..මගෙ මහත්තයා රට ගියාම ඔහොම කපල් බස් එකෙ දකිද්දී පපුවෙ වේදනාව එක්ක එයලා දිහා බලලා සැනසෙනවා...🥺♥️ ගොඩක් ලස්සනයි මේක... මොකද එකම සංකල්ප වලට සින්දු හැදෙන කාලෙක ඈතින් ඉදන් ආදරේ කරන අපි වගේ අය වෙනුවෙන් මේ වගේ සින්දුවක් කරපු එකට ස්තූතියි
මේක මගේ ඇත්තම ආදර කතාව....එයා ලග නැතුව ... තනියම ඔහොම බස් එකක යද්දී අනිත් cuples දකිද්දී මතක් වෙන්න එයාව...ඉතිං මං වගේ තව කොයි තරම් අදර කතා ඇතිද....❤🙏
Thank you oyata...🙏😘😘
@@sachininisansala6702 🥺🥺❤
@@sachininisansala6702 harima lassanai.. keep it up♥️
@@sachininisansala6702 මගෙත් කතාව ඕකමයි...හැබැයි අවසානෙටවත් ආය කවදාවත් මට ඔහොම call එකක් එන්නෑ 😓 ඒත් මං තවම බලන් ඉන්නවා...දවසක මගේ ඇස් ඉස්සරහම එයා ඔහොම ගියත් මගෙ හිත හයියයි ඒ ගෑනු ලමයට එයාව ඔහොම දෙන්න...මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙත් එයාට මටත් වඩා ආදරේ කරන කෙනෙක් මුනගැහෙන්න කියලා 😍🙏
මටත් එහෙම උනා♥️🌺🥺🫂 මායි එයයි බස් එකට නැග්ගා .. සෙනග හිටියා ටිකක් . එක සීට් එකක් තිබිලා එයාට ඉදගන්න දුන්නා මම .. ඊටපස්සෙ විනාඩි 10 විතර ගියාට පස්සේ එයාගෙ එහාපැත්තෙ හිටපු එක්කෙනා නැගිට්ටා ... මම දැක්කෙවත් නෑ නැගිටිනවා ඒ උනාට කොන්දොස්තර මටම කතාකරලා මෙතනින් ඉදගන්න කියල කිවුවා එච්චර සෙනග ගොඩේ ♥️✨ හොද අය තාමත් ඉන්නවා ඒ වගේ
මමත් කරලා තියෙනවා ඔහොම, මොකද මමත් ආදරේ කරන කෙනෙක්,මගේ bf මාව බලන්න එන්නේ මාස දෙක තුනකට වතාවක්, ඉතින් ආදරේ ඉන්න දෙන්නෙක්ට තප්පරෙත් ඇති ගොඩක් ආදරෙන් ඉන්න, ඒ දේ හිතලා මන් දුන්නා සීට් එක. මට ගොඩක් සතුටුයි ඒ දෙ ගැන ❤️🤜🤛
ජීවිතේට ආදරයක් විදලත් නැති මට අද ඇඩුනා 😢
මෙ තියෙන comment කියවද්දි මෙ සින්දුවට තියෙන ආදරෙ තවත් වැඩි වෙනවා.. තවත් මෙ සින්දුව දැනෙනවා❤❤❤
ඒ කෙල්ලෝ දෙන්නා එකම කොල්ලට love කරන සීන් එකක්ද බන් තියෙන්නේ?🤔🤔
@@Arrow-2002 නැ නැ.. අර පිටිපස්සෙන් එන කෙල්ලගෙ කොල්ලා රට හරි වෙන කොහෙ හරි දුරක. එ කෙල්ල ඉස්සර ඉන්න යාලු කපල් එක දිහා බලාගෙන සතුටු වෙනවා. එ ගැන සින්දුවෙ තියෙන්නෙ
අර පිටිපස්සේ ඉන්න ගෑණු ළමයාගෙන් මට පෙනුණේ මාව..
මඟ තොටදි ආදරෙන් ඉන්න ලස්සන Couples දකිනකොට අවුරුද්දකට සැරයක් හම්බවෙන රටවල් දෙකක ඉන්න අපි දෙන්නා ගැන මතක් වෙද්දි ඉක්මනින්ම එන දවසක් ගැන හීන මැව්වා..
නිතරම අතින් අල්ලන් ඉන්න පුළුවන්කමක් නැති වුනත් හිතින් අල්ලන් ඉන්න බැඳීම් හරි හයියයි..
මේ video එක අවසානෙට ඒ ගෑණු ළමයාට එයා ආදරේ කරන කෙනාගෙන් එන ඒ call එක...
ඒ මූණේ ලියවුන ආදරේ..
ඒක මාරයි...♥️
❤❤❤
අනේ දෙයියනේ..මේ ලෝකෙ ලස්සන දේවල් කොච්චර තියනවද කියල හිතෙනවා අපිට තව තවත් දැනෙන්න ඔනේ.❤️
ආදරේ කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස්...සීට් එක දීලා ගියපු කෙනත්..ආදරේ විඳිනවා...ඒ වගේ හදවත් හැමෝටම නෑ...ඒම හදවත් වලට කවදාවත් දුකක් වෙන්න එපා....❤❤❤
වචන ටික නම් පිස්සුවක්...
අදට මාස දෙකක් වෙනවා එයා මාව දාලා ගිහින් , අහමිබෙන් මට අද මෙ සිංදුව අහන්න හමිබ වුනේ , ගොඩක් මතකයන් දැනුනා, මමත් හැමදාකම එයා හමිබ වෙන්න යද්දි අලුත් Earrings ඇරන් යනවා, අන්තිමට හමිබ වුනෙත් බස් එකේ මෙ වගේ මොහොතක, මාව බලාගන්න හිටියේ එයා විතරයි අවුරුදු දෙකක්ම ඒත් අද මං තනියම, මං තවමත් කල්පනා කරනවා ඇයි එයා මාව තනි කරේ කියලා, මම දන්නවා ඔයා අද තනිවෙලා නෑ කියලා.
"පේ්‍රමය කියන්නෙ හිමිවිම පමණක් නෙවෙයි,
ඉතින් පේ්‍රමීයේ නුබත් හිමී නොවුනාදෙන්.."🙂
අනේ ඔයා ❤️😘
මමත් මෙහෙම ඉඩ දීලා හිටගෙනම ගිහින් තියෙනවා..දැන් දකිද්දීත් හිතට සතුටක්
❤️🥺
මං ආදරේ කරන කෙනා ඉන්නෙ පොලොන්නරුවෙ.මං ගාල්ලෙ.අපි යාලු උනේ දැකලා නෙමෙයි ෆෝන් එකට වැරදිලා ආපු කෝල් එකකින්. දැන් යාලු වෙලා අවුරැදු දෙකක් වෙනවා.තාම එයා මාව බලන්න ආවෙ නෑ.ගොඩක් අය කියනවා එයා මාව රවට්ටනවා කියලා.සමහරවිට එයා මාව රවට්ටනවා වෙන්නත් ඇති.ඒත් මං දන්නවා එයා මාව රැවැට්ටුවත්, මට වරදින එකක් නෑ මොකද මං ඇත්තටම ආදරේ නිසා...
මං මේක ලියන්න හේතුව, බස් එකක මගේ එහා පැත්තෙ හරි මගෙ ඉස්සරහ හරි කපල් එකක් ඉන්නවනම් හිතට ලොකු බරක් එක්ක අමුතු හැඟීමක් එනවා. සමහරවිට ඒකටද දන් නෑ ඉරිසියාව කියන්නෙ.
ඔව් වෙන්නත් ඇති...
මං ඉරිසියයි.ඇස් ඉස්සරහට කොච්චර පිරිමි ආවත් තාම ඇස් ඉස්සරහට නොආපු ඒ ආදරේට මං ඉරිසියයි වගේම ලෝබයි...
ඔය රවට්ටන දෙයක්.ගොඩක් දේවල් ඔය වගේ වෙනව. අවධානයෙන් ඉන්න.මෝඩ වැඩ විතරක් කරන්න යන්න එපා
Ikmnatm oyat eyawa hamaba wei
🙂
Oya athdakim.matat teyanawa oy bya wenn ep eya ei mn tanamalwila mn yaluunet online ey කුරුණෑගල ey awa.💖 dn ape yaluwela awurdu ek hamark wenawa 🥰
@@kkk-xx 😂😂
That voice ❤❤❤ නුඹ හා වීඩියෝ එකට දාල තියෙනව දැකල මේක බලන්න ආවෙ..එකම වීඩියෝව රස දෙකකට දැනුන❤
මට මාව දකින්න හම්බුණු එකම සින්දුව🥺ඒ පිටිපස්සේ හිටපු ගෑනු ළමයා ඉස්සර හිටපු මන්මයි,ඉස්සර බස් එකේ මන් තනියම යද්දි මගේ ඉස්සරහා කපල් එකක් යනකොට එයාගෙන් කෝල් එකක් එද්දි ඒ දැනෙන Feeling එක කියාගන්න බෑ🥺ඒත් අද එයා මන් ළඟ නැති එකයි දුක💔මාරම විදිහට දැනුණා☺️💛
❤
කැරකෙන රෝද හතරක් උඩ එහා මෙහා දෝලනය වන රූප රාමු පෙළක් අස්සේ මේ තරම් සංයමයක් ඇතුව, අපේ නොවන කතාවක අපිව අතරමං කරපු, ඇසට ආදරණීය කඳුලක් ගෙන්නපු ලස්සන රූප රාමු පෙළක් නිර්මාණය කරන්නට දායක වූ සැමට ස්තූතියි...
සමහර කතා වල ජීවත් වෙන්න ඒක අපේ කතාව වෙන්න ඕනමයි කියලා දෙයක් නෑ...
♥️🙂
ඔව්🖤
Sirwtm a
සිරා කතාවක්
සමහර හමුවීම් මාරයි..❤තෝඩු දෙන්නෙ උරුමක්කාරයොලු..ඉතින් ආදරේ ආදරෙන් විදින්න ඒ උරුමක්කාරයා එනකන් මං බලාන් ඉන්නවා.ඒත් එතකන් ආදරණීය බැදීම් ආදරෙන් සංයමයෙන් විදින මිනිස්සුන්ට ඉඩ දෙනවා..🖤✨️
හැගීම් පුරවන්න පුළුවන් කටහඩක් හරිම ලස්සනයි 🖤✨️
බොහොම ස්තූතියි ❤️❤️
පරක්කු වෙලා තිබ්බ වෙලාවක හදිසියේ අහම්බෙන් නැගපු බස් එකේදි මට එයාව මුලින්ම හමුවෙනවා. නොදැනීම දෙන්නට දෙන්නා ඇස් වලින් විතරක් කතා කරලා එදා ඉදන් ඒ සතියම ඒ බස් එකේම යන්න පටන් ගත්තා.. සතියේ අන්තිම දවස ඒ කියන්නේ සිකුරාදා දවසක මං එයාට කතා කරන්න හිතුවා. එදා කතා කරන්න පටන් ගත්ත එක මේ වෙනකොට අවුරුදු 3 ක ආදර කතාවක් වෙලා තියෙනවා. අපේ ආදර කතාව වැඩිපුරම ගෙවෙන්නේ බස් එකේ තමා.
බොහොම ස්තූතියි සුන්දර අතීතය ආයේ මතක් කරලා දුන්නට! සින්දුවත් මාරම ලස්සනයි.
විඩියෝ එකේ අන්තිමට තිබ්බා වගේ මාත් මේ දවස්වල එයාගෙන් කෝල් එකක් එනකන් බලන් ඉන්නවා! ❤️
ඒවගේම දෙයක් උනා ගොඩක් ලස්සන දෙයක් මටත් ❤
හරිම සතුටින් කියවන්නෙ ඔයාල මේ ලස්සනට ලියන ඔයාලගෙ සුන්දර මතකයන්... හැමදාම ඔයාල දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤ ජය වේවා
❤️❤️
මේ වගේ අත්දැකීමක් ජීවිතේ කවදාවත් අත්දැකල නැති උනත් එයාලගෙ ඇස් වලින් කියන කතාවට හිතට මොකද්දෝ අමුතු ලස්සන හැඟීමක් දැනෙනවා. 🥺❤🥀
බස් එකේ සීට් එකක දෙන්නම වාඩි වෙලා යන්න කොච්චර කට්ටක්, දුකක් කෑවද කියල මතක් වෙනව. ස්කෝලෙ දෙකක, ගමනාන්ත දෙකක වෙලා එයා එක්ක බස් එකේ යන පැය බාගෙට මං පැය ගානක් මහන්සි වෙච්ච දවස් මතක් වෙනව. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා වෙන වෙනම පාරවල් වල ජීවිතේ යන්න උනත් මේ සින්දුව මීට අවුරුදු 10කට කලින් සිද්දි ගොඩක් මතක් කලා. Jaya wewa sachini. You have done a great job 👌
මගේ ආදර කතාවත් වගේ එයා army එකේ මාස ගනන් බලන් ඉන්නවා අනිත් cuple දකිනකොට දුක හිතෙනවා ඒත් එයාලා දිහා ගොඩක් වෙලා බලන් ඉනන්වා මගේ මතක එක්ක😊😍
එයා එක්ක එක ශීට් එකේ යනකොට දැනෙන හැඟීම හරි ලස්සනයි....සිංදුව අහද්දි ඒ හැඟීම සාලෙ පුටුවක් උඩ ඉඳන් වින්ඳා 🙂❤️
ඒ ගීතය වගේම රූප රචනයත් හරිම ආදරණීයයි.
@@DHANANJAYAOFFICIAL බොහොම ස්තූතියි.. ❤️❤️
සාගරේ වගේ තරම් අගේ වුනත් කෙසේ ලබන්නද ඔයාව, අනේ ඔයාව.... 🥺 ඒ වචන මාර රහයි .ලස්සන නිර්මණයක් ❤️හරිම ආදරණියයී ❤
මගෙ මහත්තයා හමුදාවෙ.. මාසෙකට සැරයක් එ මූණ දකිනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා 😢.. ඉතිම් මත් වෙන අය හරි ආදරෙන් ඉන්නවා දැකලා එයාගෙ photo එකක් දිහා බලලා සතුටු වෙනවා... දෙපැත්තකට වෙලා ආදරේ කරන හිත් අනන්තවත් ඇති.. ඒත් ඒ හැමහිතක්ම තමන්ගෙ ආදරේ දකින්නෙ කවද්ද කියලයි මගබලන් ඉන්නෙ 💕
අනේ ඔයා❤❤
U ar good wife same us😍
කොල්ල කෙල්ල වෙනුවෙන් මැරෙන,අඬන,බැනගන්න රූප පෙළකට වඩා මේ රූප රාමු පෙළ හදවතේ ගැඹුරටම වැදුනෙ මට විතරද!..❤️🌍
❤️🥺
නෑ මටත් හදවතටම දැනුන🙂
ඒක දැනුණා හුගක්ම😥 තාමත් කපල්ස් දැක්කම හිතට දැනෙන ගොඩක් දේවල් තියෙනව.ඒක වචන කරන්න බෑ.තනියම විදින්න ඕන දෙයක්.ඒත් මට නැතත් එහෙම මේ ලෝකේ ආදරෙන් ඉන්න කපල්ස් ඉන්නව❤️ ආදරෙයි ඒ හැමදෙනාටම ❤️
මට තවම හිතා ගන්න අම්මාරුයි. මෙච්චර ලස්සනට හැගීම් වචනයක් වත් කතා නොකර ඉදිපත් කරන්නේ කොහොමද කියලා. හරිම ලස්සනයි. දවස් 3 ක් බලනවා තවම එපා උනේ නෑ
මමත් මෙහෙම මගේ boy friend ට ආදරේ කර එයාව අයිති වෙන්නෙවත් නැ කියල හිතගෙන කාලයක්... වාසනාවට මට එයාව හම්බුනා .. ඒ උනාට මේ සින්දුව අහද්දී මට ඒ දවස් මතක් වෙනවා. 🥺🥺🥺🥺 මේකේ lyrics වල හැම වචනයක්ම මට අදාලයි.. මේ සින්දුවේ ලස්සන කොච්චරක්ද ඊටත් වඩා මම ඒ දවස් වලත්, දැනුත් ඉස්සරහටත් එයට ආදරෙයි. ❤❤❤❤❤❤
වචන නොමැති ඒ ප්‍රකාශයන් 🥺💖
මේ නිර්මාණ ඇතුලේ production crew එක ඉන්න vibe එක මාරයි..💔
ලස්සනම ලස්සන සිංදුවක් 💚 Melody එක වචන, Video එක, හැමදේම මරු ✌️
Thank you aiye❤❤
ඕවා දැක්කමනෙ කෙල්ලෙක් නැති අඩුව දැනෙන්නෙ 😪💗
මතකයන් හිතේ තියන්
තාම මං නුබේ නමින්
එදා වගේම රූ රටා මවනවා
සද නේන බැව් හොදින් දැනන්
හෑම දාම රෑට මතක එක්කම
හිත අඩනවා අමාවක් රැය
රහසේම වැටෙන කදුලු හාදුව
නුබෙ රූපෙ බොදකලානෙ නොකියම
වෑහෙමා සුසුම් පවන්
පාරනා කදුලු මැදින්
මතකයේ දුර අන්දකාරය
දැනුනේම නැද්ද ගෙව්න කාලෙට
නාඩ ඉන්න හේතු හෙව්වට
මතක එක්ක කදුලු ඉකිලන
ආයෙ ආයේ පාට කෙරුවට
අදුරු හීනයක්ද සෙනෙහස...
ආදරේ කියන්නෙම වේදනාවකට අපිම හදාගන්න මනෝ ලෝකයක්....
එදා මම නුඹ තුරුලෙ හිස තබා සැතපුනිය හරි යසට..
මතකද සොඳුර නුබ හිස අත ගෑ අයුරු...
කාටත් හොරෙන් රහසින් මා නුබට දුන් හාදු..
මා නිදනා විටදි නුබත් මා නලලතට දුන් හාදු...
අද මම මෙහි තනිවම නුඹ නැතුව යන ගමනෙ...
මට මුන ගැසුණි අප මෙන් සිටින පෙම්වතුන් යුගලක්...
එදා අප සිටි ලෙසම උන් සිටී ආලෙන් වෙලී..
මටත් නොදැනීම දෙනෙත් කදුලින් තෙමී ගොස් ය...
අනේ දෙවියනි ඔහුන් ආදරෙන් තමනු මැන...
මෙසේ උන් සැමදාම සතුටන්ම තබනු මැන...
හිස තබා බසයේ ජනේලයට අපෙ මතක විදගනිමි...
ඔබව මතකයට නැගී කදුලු බිඳු කොපුල් සිප ගනිති...
සොඳුර නුබ සැමදාම මා සමග සිටිනු මැනවි..
උන් දිහා බලන ගමන් මම ඔබව සිතින් විදගනිමි♥️
✍🏻සෙව්
හරිම ලස්සනයි 🥺❤️❤️
Lassanai godak❤
@@sachininisansala6702 ❤
@@chathurangikashanika2717 ❤
Lassanai..😖❤️
ඒක බලලා ඉවර වෙලා දාන cmnt එකක් මේ .අනේ මන්දා අහම්බෙන් හම්බුනේ video එක .නිකමට බැලුවෙ . වෙනමම ලෝකයකට අරන් ගියා ඒ විනාඩි ටිකට .අවසානෙ මරැ . ඒ වචන භාවනාවක් වගේ . අක්කද නංගිද දන්නෙ නෑ .ජයම වෙන්න කියනවා මම .තවත් එකකින් හමුවෙමු ඉක්මනටම 💛🌻⏳
එන්නෙ නෑ වගේ උනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම....
මගේ ජීවිතෙත් හරියටම ඒ වගේ. අවංකව ආදරය කරන හැමෝටම ඒ ආදරය අහිමි නොවේවා...❤️
හිතට දැණුන මගේම උන සින්දුවක්.හරිම ලස්සනයි. සුබ පැතුම්....❤️☺️
මේ වචන කියවද්දී දැනෙන දේ තේරෙන් නෑ....😘❤thank you
නන්නාදුනන අපි හදුනා ගත් හැටි..
අපි අපිට ලංවුණු හැටි..
අපි ආදරෙන් බැදුණු හැටි...
අපි අපි සෙවූ තරම්..
අපි අපිට නැතිව බැරි වූ තරමට
අපි ගොඩක් ලං වෙලා ගොඩක් ඇත්වූ තරම්..
ලග නැතත් අද මා ලග ඇති මතකය.
කාත් කවුරුත් නැති වෙලාවක
කාටත් නොකියාම
නුඹත් නොදැන
නුඹට ලන්වී..
නුඹත් එක්ක තනිවම හිතනවීට..
කෙසේ ලබන්නද ඔයාව...
❤️
හරිම ලස්සනයි බොහොම ස්තූතියි..ඔයාට❤️❤️
සමහර සින්දු වීඩියෝ තියනවා අතීතයේ සුන්දර මතක හරි ලස්සනට අවුස්සන.... මේකත් ඒවගේ වීඩියෝ එකක්.වෛර නොකරන ඒ සුන්දර මතකයන්ට තාමත් ආදරෙයි....❤
❤❤️
ආදරේ කරන අයට එදානෙදා වෙන සාමාන්‍ය සිද්ධියක් හරි ලස්සනට ආදරණීය ලෙස දැනෙන්න ඉඩ හැරියා… ස්තූතියි.. ❤
❤️🥺
සින්දුව බැලුවා විතරයි. වචනයක් ඇහුනේ නෑ. ආදරණීය මතක ටිකක් වගේ මැවිල එක පාරටම නතර වුණා.
@@nextstepcherub ❤️❤️
සීට් එක දුන්න ගෑනු ලමයටත් තියෙන්නෙ මට වගේ ආදරයක් 🥺❤️
This part 👇
එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද... 😪
Felt it 😪💔
මමත් මෙහෙම ආදරණීය පෙම්වතුන් දෙන්නෙක්ට ශීට් එක දීලා නැගිටලා තියෙනවා. ඒ සතුට හිතට මාර විදියට මට දැනුනා ❤❤❤❤
ඒ විනාඩි 4 යනවා ගොඩක් අයට දැනෙන්න නැතුව ඇති. රහයි! 🖤
❤❤
දවසක් මමයි එයයි යද්දී මං වෙන සිට් එකක එයා වෙන සිට් එකක පෙන දුර ඉදගන්න හම්බුනේ සැරින් සරේ එයා මං දිහා බලද්දී මං ගව හිටපු කෙනා එයට අඩ ගහලා.සිට් එක දිලා එයා හිටපු සිට් එකට ගියා
පස්සහට ගිහින් ඉඳගෙන විඳින චරිතේ විදවලා තියනවා 🙂❤️
❤️❤️
ආදරය කියන්නේ දැනෙන දෙයක් කියන එක. මේ වීඩියෝ එකෙන් මනාවට පැහැදිලි වෙනවා. හරිම සුන්දරයි. ❤️
නිතර මට මූණ දෙන්න වෙන දෙයක්..
මේ වගේ ආදරණීය දේවල් දිහා බලාගෙන තනියම ගමන් යනකොට මටත් එනවා ඈත ඉදන් මං වෙනුවෙන් බලං ඉන්න එයාගෙන් කෝල් එකක්..❤️
🥺❤️
මටත් හැමදාකම වගේ හැමතැනම එයා නැති උනත් කවදාවත් එයා මාව තනි කරලා නෑ
බොහො වෙලාවට female voice සිංදු අහන්නේම නැති තරම් එත් මේක මාර ලස්සනයි
සිංදුවට වඩා රගපෑම පට්ට..තාත්විකයි❤
මටත් තියේනවා ඔහෝම ලස්සාන මතක වැඩේ කියාන්නේ මේ ලගකදි අයේ බස් එකක දැක්කා ගියේ එයාගේ චුටි පැටියාවා තුරුල් කරන් එකත් මර හැගිමක් ❤
නාරී දේහයක ඉතාම සංවේදිඋ ඉන්දියක් කන් පෙත්ත. තෝඩු දෙන්නේ උරුමක්කාරයාලූ
ඉතාමත් ලස්සනයී රූප රචනය ❤️
හරිම අමුත්තක්....❤️🙏
මාත් ඔහොම කී දෙනෙක්ට නම් සීට් එක දළ නැගිටල යන්න ඇත්ද 🙂❤️❤️🖤
ඒ ගෑණු ළමයා හරි ලස්සනයි❤️
මාස 8කට පස්සේ ආයෙත් සිංදුව හම්බුනා. ඒත් සමහර මගෑරුන දේවල් අදටත් අහන්න දකින්නවත් නෑ😢😢
අනේ...❤️🥺
පිටිපස්සෙ සෑහෙනට සීට් ඉඩ තිබ්බ. ඔතනම කන්ඩ බලන් ඉන්ඩ ඕනෙයෑ. කෙල්ල නැගිටල පිටිපස්සට ගියා නම් ඉවරයිනෙ.
අඩෝ උබ මgay එකා🤣
අන් අයගේ ආදරය සතුට වෙනුවෙන් පරිත්‍යාග කරන කට්ටිය අද බොහෝම හිඟයි ❤
😢❤
ලස්සනයි ❤️...බස් එකේදි හම්බවුනු ඒ අතීතෙ අයෙත් මතක් වුනා...❤️
❤❤#aneoya
❤️♥️....................😇
Aththak💚😏
@@Rusiru11843 😊❤
පලවෙනි පාර ඇහුවා. සෙට් වුනේ නෑ. දෙවනි පාර ඇහුවෙ මාසෙකින් වගේ අද. ඇඬුනා 😢. කටහඩ භාවනාවක් ❤
එයාගේ උරහිස උඩ ඔලුව තියන් ගියපු දවස අද වගේ මතකයි.දැනන් හිටියනම් එදා තමා අවසාන දවස කියලා සත්තමයි අයින් වෙන්නේ නැහැ ඔයාගේ තුරුලෙන් කවදාවත්ම....🥺💔😊
❤❤❤
මනුෂ්‍ය හැඟීම්, මෙහෙම අකුරු කරනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි , ඒවගේම ඒ අකුරු වලට පණක් දෙන්න, නාදරටා සහ කටහඬ උපරිම සාධාරණයක් ඉටුකර තියෙනවා, ජය ..❤
මේ වගේ වැඩ කරන්න හිතෙන මිනිස්සුන්ට මම හරිම ආදරෙයි. ලස්සන වැඩක් ❤
අහම්බෙන් හම්බවුනේ මේ සින්දුව TH-cam එකෙන්, Trending එන්න ඕනෙ එකක් මේක 👍 අද ඇහෙන එකවගේ Voice අතර Unique Voice එකක් 👌 Video එකත් නියමෙට කරල තියෙනවා 🔥
බොහොම ස්තූතියි 🥺❤️
අවුරුදු 6ක් විතර ආපස්සට ගියා 💐❤️ දැන් එය අතීතයක්ම පමණයී🌟
ආදරේ කරද්දි මිනිස්සු ලස්සනයි, මේක දකිද්දි ආදරයක් නැතත් හිත්ට මාර සැනසීමක් දැනෙනවා, ආදරයක් දැනෙනවා , ආදරෙත් එහෙම ඇති 🥺💖
හුම්ම් ❤
ඔය විදියටම තෝඩු පලදන....
දෑස් ඉගි දී සීනා මවනා ....
එහෙම ආදරයක් එයාටත් ඇති ....
සිතින් විදිමින් ....
සුසුම් සිබිමින්.....
රහසේම විදිනා ඒකපාර්ශික ආලයේ ආදෝනා....
මේ දැනුත් කොහෙහරි...
බස්රියේ කවුලුවක් අබියස ....
හිස තියාගෙන මුමුනන්න ඇති.....
අනේ......හිතට දැනුන වචන ටිකක්..🙏😘
නොබැලූ දෑස මක් කරන්නද..මාරම ලස්සනයි,විනාඩි 4කට වඩා කල්පයක ආදරයක් දැණුනා..පරපූර්ණ නිර්මාණයක්.මං ආදරෙයි ඒකට ❤
Music video එකත් එක්ක බලද්දි දැනෙනවා වැඩී ❤ හරිම සුන්දරයි 🥺💕
මේ වීඩියෝ එක ගැලපෙන්නේ නුබ හා song එකට ❤
ඒ වීඩියෝ එක දැන් නෑ copyright ගහලා මම හිතන්නේ
නුබ හා.... බලලා ආවේ... අක්කා ගේ voice ඒක හරිම ලස්සනයි ❤️😍
ස්තූතියි.. මල්ලි
❤️🙂
මිනිස්සු ඇස් වලින් කතා කරන්වා
හිතට දැනෙනවා
හැඟුම් රිදෙනවා 😊😊😊❤
අවුරුදු 10ක් පරන අපේ ආදර කතාව මතක් උනා... ඒත් දැන් මං තනියෙන්..😢😔
Glad to be a part of this beautiful lovely song. Only a few people can heal a soul by their voice and you are one of them akke. Good luck and keep shining ❤️
Thank you malli ❤️👍
ඇත්තටම ආදරය කරන අය වෙන් කරන්න එපා දෙවියනෙ.......
❤❤❤
රැට බස් එකෙයි හවස කෝච්චියෙයි අමුතු මෙකක්දෝ එකක් තියනවා❤️🌹
මේ ආකාසේ පුරාම
මං සොයමි හැමදාම...
රූ නාරි තාරුකාව
බැබලේදෝ මා ගාව...
සෑම දාම මං පෙනේවා කියා පතන්නම්...
ආදරෙට මං ඇසිපිය නොහෙලා ඉඳන්...
එන්නේ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්නද මා නොසිතාම...
ඔබ ගැන නොසිතාම...
සාගරේ වගේ තරම් අගේ උනත්
කෙසේ ලබන්නදෝ ඔයාව
අනේ ඔයා..
පෑව ඒ ආල හිනාව
මං දකිමි සඳ ගාව...
නුඹ නැති මේ හැන්දෑව
තනියම හැඬුනේ නොදැනීම...
පාලු රෑට මං ඔබ මා ළඟයි සිතන් සිටින්නම්...
අදරේට දැන් ඔබගේ සළුවක් උනත්...
එන්නේ නෑ වගේ උනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද මා නොසිතාම...
ඔබ ගැන නොසිතාම...
සාගරේ වගේ තරම් අගේ උනත්
කෙසේ ලබන්නදෝ ඔයාව
අනේ ඔයා.. ❤
අනේ ඔයා...ස්තූති 🤗💜️
❤️හොය හොය හිටපු කමෙන්ට් එක🐻
මෙච්චර ළඟ ඉඳලත් ළං වෙන්න බැරිනං තව ගොඩක් දුරකට යන්න උනොත් එදාට මේ සිංදුව ඇහෙද්දි .................🥺🥺🥺❤❤❤❤
අනේ ඔයා...❤️
🥺❤
සෙසු චරිත දෙකක් පිටිපස්සේ *හංඟපු ප්‍රධාන චරිතය - යාළුවා* සිංදුවේ වචන අස්සෙ කියවෙන්නෙ එයාගෙ ලඟ නැති My Love ❣❤ එක ගැන... පට්ටම concept එකක්.
ඔයා හරි....ගොඩාක් ස්තූතියි ...
මට නම් දැනුනෙ මේ ගීතයෙන් කියැවෙන්නෙ ,අර ඉඩ දීලා නැගිටපු ගෑනු ළමයගෙ කතාව කියලයි
දින ගණන් එක දිගට හැමදාම එයයි මමයි බස් එකේ ට්‍රේන් එකේ ගියා මෙහෙම. වැඩ ඇරිලා දුවනවා එයා ලඟට කන්න එයා ආස දෙයක් අරන්. අනේ ඒ ලස්සන අතීතෙ ට ආයෙමත් යන්න තිබුනානම්.
මෙ ඉන්න කෙල්ල ගෙ මුනෙන් සින්දුවෙ reaction ලස්සනට එලියට එනව පෙන්නෙ මට විතරද ❤
එ් ඇස් ඒ වචන අවස්ථාවන් මාව ජිවිතේ අවුරුදු තුනක් ආපස්සට අරං ගියා... සමහර ගීත ගීතම නෙවෙයි අපේ මතකයන් 😌
ඇත්තමයි මෙහෙම අදහස් සංගීතය හරහා හරි එලියට එන්න ඕනි. ❤❤මාත් මෙහෙම සිට් එක දීලා තියෙනවා හැබැයි මට කෝල් එකක් නං ඇවිත් නෑ
අනේ ඔයාටත් ඉක්මනටම කෝල් එකක් ඒවි❤️❤️
කනට මී පැනි දානව වගේ...පට්ට ලස්සනයි වොයිස් එක...හිත නිවෙනව 🥺👌❤
Song එක වගේම Visual එකත් මාරම ලස්සනයි...Visual එකනම් Next level♥️
Thank you❤️
සිංදුව ආසාවෙන් අහනගමන් මහිරුගෙ හරි පියත්ගේ මොකක් හරි connection එක්ක ඇති කියලා හිතලා නිකමට Description එක බැලුවා ❤
❤🎉
@@KasunWeerasuriya-SaratamaGanan ❤️❤️
කොහෙන්ද ඒ ගෑනු ළමයව හොයාගත්තෙ එයාගෙ ඇක්ශන් පිස්සුවක් අප්පා...ඇස්...♥️🌹🥺
ඇත්ත🥺
ආදරේ වටිනාකම ඒ හැඟීම දන්නේ ඒක ඇත්තටම විඳපු කෙනෙක් විතරයි. සිංහල song එකකට comment කරන්න හිතුන පලවෙනි පාර. ඒ තරම් මේ song එක දැනුනා. මට මගෙ ජීවීතේ ලැබුණු වටිනා ම දේ මගෙ ආදරේ.. ජීවිතේ මොන දිනුම ලැබුවත් තමන් ආදරේ කරන කෙනාගේ අතේ එල්ලිලා හරි ඒ තුරුලට වෙලා හරි ඉන්නවා තරම් තවත් දෙයක් නෑ... ❤️❤️❤️
මේ නිහතමානී වචන ටික 🙏❤හරිම සතුටුයි....ඒ පළවෙනි comment එකේ වාසනාව අපේ උනාට.....❤️
Visual එකක දැකපු පට්ටම ලස්සන වීඩියෝ එකක්.❤ ලස්සන රංගනයක්,සුපිරි අධ්‍යක්ෂණයක් වගේම පට්ටම කැමරාකරණයක් ❤❤
මේ Video එක සාමාන්‍ය මගී බස් එකක Shoot කරපු එකක් නම්, මම මොකුත් කියන්නේ නැහැ හැබැයි, මේ Video එක අලුතින්ම හදපු සෙට් එකක්නම් SHoot කරන්නේ අනිවාරෙන්ම මේ තියෙන සමහර Details වලට සම්මාන දෙන්න වටිනවා,
උදාහරණ: පිටිපස්සේ එළවලු මල්ලක් අතේ තියාගෙන ඉන්න මනුස්සයා වගේ
ඒ වගේද සෙසු චරිත දෙකක් පිටිපස්සේ හංඟපු ප්‍රධාන චරිතය - යාළුවා 👧
සිංදුවේ වචන අස්සෙ කියවෙන්නෙ එයාගෙ ලඟ නැති My Love ❣❤ එක ගැන... පට්ටම concept එකක්.
බොහොම ස්තූතියි 😌😌❤️
@@SemageNamalSurendra A gana katha karanna deyak naha ithin, Meka patta concept ekak
ඒක අපේ කසුන් උක්වත්තගේ වැඩක්❤
වචනයකදු නොදොඩා කරන්නත්, ඒ තරම් නිරහන්කාරව පුදන්නත් හැක්කේ ආලම පමණකි...
❤️❤️🥺
🙂 මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... කවදාවත් අමතක වෙන්නෙ නැති කෙනෙක් ❤
ඔයාට ගොඩක් ස්තූතියි.. ❤️❤️