Finding out I'm pregnant | දැනගත්තු දවස
ฝัง
- เผยแพร่เมื่อ 17 ธ.ค. 2024
- Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.
අපිත් මැරි කරලා අවුරුදු 3 ක්... මගේ එක්සෑම් නිසා දරුවෙක් ගැන හිතුවේ නෑ. හැබැයි එක්සෑම් ඉවර වෙලා අපි ඒ ගැන හිතුවා.. කිසිම දෙයක් දන්නේ නෑ. මං දවස් 6 ක් යාපනය දිහා වන්දනාවේ පවා ගිහින් ආවා. මගේ ඩෙට්ස් පහු වුන නිසා නිකමට චෙක් කලේ.... ඔයාට වගේ තමා අක්කේ මගෙත් පලවෙනි එකෙන්ම පොසිටිව්... හිතා ගන්න බැරි වුනා.... එතකොටත් සති 3 ක් වෙනවා... ඩොක්ටර් වුනාත් වැඩිය සැලකිලිමත් වුනේ නෑ මොකද ඩෙට්ස් එකට එක දවසක් පහු වෙලා චෙක් කරපු නිසා. මට කිසිම ලෙඩක් අපහසුවක් තිබ්බේ නෑ....
පත්තිනි මෑනියන්ගේ පිහිටින් මේ වෙනකොට සති 13 යි.... ගැබ් කාලේ වෙන අයට ඇති වෙන අපහසුතා කිසිම දෙයක් නෑ... සමහරු විස්වාස කරන්නේ නෑ මං ප්‍රෙට්නට් කියලා එයාලා අහන අපහසුතා නැති නිසා...
මං ප්‍රාර්ථනා කරන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙන සෑම අම්මාලාට ඒ සිහිනේ සැබැ වේවා... මටත් මගේ දරුවටත් පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා ❤❤❤
Bs dp.ammatai babatai...❤
Math Kiri sihinya wenuwen hema masema bln Inna biridak math asirwada karnna e sihinya ekmnima etu wewa kiyla♥️🙏
@@ShanikaGallage ඉක්මනටම පැතුම් ඉටු වෙයි. පත්තිනි මෑනියන්ගේ පිහිටයි
Budusaranai oyata... nirogi daru upathakma labewa 🙏🙏🙏
❤
මං pregnant උනා වගේ මට දැනුනේ..අක්කට තරම්ම මටත් සතුටුයි අප්පාඅ..🥰.විඩියෝ එක ඉවර වෙනකන්ම හිනාව මූනෙන් එකයි..😅
සිරාවට මන් දවල් බැලුවේ
දැන් නිකන් මොකක්ද වගේ 🤭
සතුටුයි මට
දෙවියන් වහන්සේ සියල්ල රැක දෙයි. ඔය කැදැල්ලේ හැමදාමත් සතුට සැනසීම පිරේවා. කිරි සුවඳ පැතිරේවා❤❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා.බුදු සරණයි
ඔයාගෙ videos තමයි මම මුලින්ම බැලුවෙ Australia යන්න plan කරද්දි. අනිත් අයගෙ නැති අමුතුම trustworthy ගතියක් ඔයාගෙ videos වල තිබුනා... ඒත් Australia වල rules change එකත් එක්ක මම Finland apply කරලා දැන් Finland ඉන්නෙ. ඔයාගෙ moving plan එක මාව motivate කරා හැමදාම. Thanks ඒකට... මම මේවා කිව්වෙ අද මට මාරම සතුටුයි ඔයා ගැන. එන හැම බාදකයක්ම මැඩ ගෙන ඉස්සරහට යන ඔයා ගැන මාර සතුටුයි.. ඒක මාව තවත් motivate කරනවා...
Mamath ahemai. Adatath wena Australiawe inna ayage video balanne na. ❤ Anji thama favorite ❤
නංගි,ඔයාට මතකද දන්නැහැ මම ඔයාට කමෙන්ට් එකක් දැම්ම ඔයා ඔය දේ බලාපොරොත්තු වන මොහොතක නොපමාව ඒ සතුට ලැබෙන්න කියලා...මං හදවතින්ම කල ඒ ප්‍රාර්ථනාව අද ඉටුවෙලා.ඒ ගැන ගොඩාක් සතුටුයි.
ඔයා සති දෙකෙන් දෙකට කරන්න පටන් ගත්තු දේ පලවෙනි සතියෙම ඉටුවුනේ ඔයාගේ වාසනාවට..බෞද්දාගමේ විදියට කිව්වොත් ඔයාගෙ කුසල කර්ම වල බලවත් කමට,පිනට❤.
මම ඒ ටෙස්ට් එක මාසයක් ගානේ අවුරුදු පහක් කල කෙනෙක්.මාසෙන් මාසෙ වැටෙන හිත මම හදා ගත්තෙ හරි අමාරුවෙන්.ඒක වචන වලින් විස්තර කරන්න බෑ.ඔයා මං වගේ වෙන එකක් නෑ ,මට වඩා උගත් ශක්තිමත් කෙනෙක් ඔයා.
කොහොමවුනත් මට ඔය සතුට දැනුන දවසෙ දැනුණා වගේ සතුටක් දැනුණා මේ වීඩියෝ එක දැකලා.කීප පාරක් යූ ටියුබ් ඇවිත්බැලුවා ඔයා වීඩියෝ අප්ලෝඩ් කරලාද කියලා.ඔයාටයි පැටියටයි තෙරුවන් සරනයි ❤😍
නිරෝගී චූටි දුවෙක් හරි පුතු පැටියෙක් හරි ඔයාට ලැබෙනව අක්කේ,බුදු සරණයි.ජේසු පිහිටයි!!!
දුව ඔයාට කිසිම කරදරයක් නැතුව හොද දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
බය වෙන්න එපා නංගි මට දෙවෙනි දුව හම්බවෙන කොට අවු 37 යි මාස 7 දි විතර ඩෙන්ගුත් හැදුනා නමුත් දුව හොදින් ඉපදුනා දැන් එයාට අවු 7 යි. නංගිටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබිලා හොද නීරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා !!
අක්කි අපේ පුංචිට පළවෙනි බබා ලැබෙන්න හිටියේ වයස 42 එකෙන්.නීරෝගීමත් පුතෙක් ලැබුනා.දැන් බබාට වයස 06ක්.අක්කිටත් නීරෝගී බබෙක් ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.හරි ම සතුටක් දැනෙන්නේ අක්කියෝ .❤❤
නිරෝගිමත් පින්වන්ත දරු පැටියෙක් ලැබෙවා... ❤️
විඩියෝස් හැමදාම බැලුවට අද කමෙන්ට් එක දාන්නේ.මාත් දැන් අවුරුද්දක ඉදන් ට්‍රයි කරනවා.congratulations අක්කේ.අපේ හිතේ තියෙන ඒ ආසාවල් ඉශ්ට වෙන්න ඕනී.
මමත් ඒ ටෙස්ට් එක කරපු වෙලාවෙ ඔයාගෙ මූන වෙනස් උන විදියමයි මගෙත් වෙන්න ඇත්තෙ. වෙනසකට මගෙ මහත්තයා හිටිය මන් ලග. එයා කිව්වෙ මම බය උනා වගේ කියල. මොකද මමත් ඒ දේ ඒ වෙලවේ හරි යයි කියල හිතුවෙ නෑ. දැන් යන්තමට මට සති 10. අපි ඩුබායි ජොබ් කරන ගමන් හිටියෙ. ඒ ඔක්කොම දාල අපි දෙන්නම ආපහු ආව ලංකාවට. මට ආවට පස්සේ බ්ලීඩ් වෙන්න ගත්තා. ඩොක්ටර් ස්කෑන් කරල බලල කිව්වේ මගෙ වැදෑමහ ගර්භාශයේ පහතින් පිහිටල තියෙන්නෙ. ඒ නිසා කම්පන දරාගන්න බැරි නිසා බ්ලීඩ් වෙන්නෙ කියල. ඉතිං මට ඩොක්ටර් රෙකමන්ඩ් කලා බෙඩ් රෙස්ට් කරන්න කියල. තව මාසෙකින් මම ආයෙත් ස්කෑන් පරීක්ෂණයකට යන්න ඕන. එතකොට සමහරවිට වැදෑමහ උඩට එන්න පුලුවන්ලු බඩ ලොකු වෙනකොට ගර්භාශය ඇදෙන නිසා. මමත් හරිම බයෙන් ඉන්නේ.... මම ඔයාටත් ඔයාගෙ බබාටත් සුභ පතනව. ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා කියල....❤
God bless you... baya wenna epa okkoma ok wei.. ❤️
God bless nangiyo...
Anee 💚
Oyata neerogimath babek labei aniwaren!! ❤
Baya wenna epa ❤ Hamadema hodin weyi
අක්කේ මගේ අක්කෙක් pregnant උනා වගේ සතුටුයී ♥️
මටත් අවුරුද්දයි මාස අටක බබෙක් ඉන්නවා.මේ නිවුස් එක ඇහුවහම හරි සතුටු හිතුනාමගේ අක්කට බබෙක් හම්බෙන්න ඉන්නවා වගේ දැනුනේ.❤බුදු සරණයි! අක්කිටයි පැටියටයි දෙන්නටම
බුදු සරනයි .පරෙස්සමෙන් ඉන්න .සුභ අනාගතයක් වෙවා !
අක්කී..මගේ අක්කියෙක් pregnant උනාම දැනෙන සතුට මට අක්කි දිහා බැලුවහමත් දැනෙනවා, ඔය බයවෙන්න එපා අක්කී,ඔයාට ලස්සන දරු පැටියෙක් ලැබෙයි!තෙරුවන් සරණයි දෙන්නටම!!🥰🥰💝💝💝💐💐💐
නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්න ඔයාට නිදුක් නීරෝගීකම දීර්ගායුශ ලැබේවා ...congratulations akki❤️🙏god bless you
ඔයා කතාව කියන හැටි හරිම sweet මුළු හදවතින්මයි කතා කරන්නේ මම හරිම කැමතියි,ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතින්ම සුබ පතනවා අක්කේ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා❤❤❤
ඔයාට කිසි කරදරයක් වෙන්නේ නැ අක්කේ. දෙවියන් වහන්සේට ස්තුතියි කරන්න. පරිස්සමින් ඉන්න. මාත් poc තෙයෙනවා කෙනෙක්. මටමට බබාලා 2 ඉන්නවා දැන්. පළවෙනි බබාට treament කලා. එත් දෙවෙනියා දන්නේ නැතුව ලැබෙන්නේ හිටියේ. අපිට මොන ලෙඩ තිබුනත් දෙවියන්ගේ කැමැත්ත තියනවා නම් ඒ දේ ඉෂ්ට වෙනවා 🥰🥰🥰. Congratulations ❤️❤️❤️ both of you🌸
අනේ අක්කී මාරම සතුටුයි. කිසිම දුකක් කරදරයක් නැතුව නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ❤
අනේ හරිම සතුටුයි.පිං වන්ත ලස්සන නිරෝගී අගපසගින් යුත් වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා... සතුටෙන් ඉන්න❤️❤️
කිසිම දෙයක් ගැන බය වෙන්නෙපා අක්ක.ඔයාලගෙ ලස්සන හීනේ ඒ විදියට ම හැබෑ වෙනවා...❤❤❤❤❤❤
අක්කා ඔයාට ලැබෙන්නේ දුවෙක් මට හිතෙනවා.ඔයාට වගේම තමයි මටත් වමනෙ ගියෙ නෑ.අපහසුතා ආවෙ නෑ.හැබැයි සෙම හැදුනා සැරින් සැරේ.මටත් දුවෙක් දැං මාස 4යි බබාට 😍 ඔයාට වගේම මේ ලෝකේ දරු සිහින දකින හැමෝගෙම කිරි සිහිනය සැබෑවක් වේවා.නීරෝගී දරුවෙක් ලැබේවා ❤
ආදරණීය නංගි, මට අවුරුදු හතලිහයි. මම දරුවො හතර දෙනෙකු ගෙ අම්ම කෙනෙක්. පුතාලා තුනක් සහ දුව. මට අවුරුදු 19 න් ලොකු පුතා ලැබුනෙ. දැන් එයාට 20 යි. බෙලරූස් වල මෙඩිසින් කරනවා. බාලම පුතාට 12 යි. මට හරීම සතුටුයි ඔයා ගැන. හැමදේම සාර්ථක වෙන්න පතනවා. නිරෝගී දරු පැටියෙක් ලැබේවා. පත්තිනි මෑණියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏❤️
මම මීට අවුරුදු 15ට කලින් මුණ දුන්නා අත්දැකීම වගෙයි දැනුනේ.
නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ම ලැබෙිවා ....!!❤
තෙරැවන් සරණයි .පරිස්සමෙන් ඉන්න නංගී ❤❤❤
මොකුත් වෙන්නැ ඔයාට ඔයාවගේ අම්මෙක් ලැබෙන්න ඒ දරුවා ගොඩක් පින් කරලා තියේනවා
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
කිසිදේකට බයවෙන්න එපා මැනික..ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවි පුතේ..තෙරුවන් සරනයි!!❤❤❤❤
තෙරුවන් සරනයි! Anji ..බයවෙන්න එපා..නිරෝගී දරුවෙක් ලැබෙයි ඔයාට..❤❤❤
නීරෝගි දරු සම්පතක් ලැබේවා 🙏❤️
පත්තිනි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා.නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා ❤❤.
නිරෝගි පැටියෙක් ලැබෙිවා... මට දැනුනේ මෙි ටෙස්ටෙක මන් කලා වගේ❤❤❤❤ බුදු සරණයි බබාටයි අමිමාටයි..... ❤❤❤
බය වෙන්න එපා අක්කෙ අපෙ අම්මට මම හම්බ උනේ 32න්..අපෙ නංගි හම්බ උනේ 37න් ..මට වඩා නංගි හොදින් ඉන්නව කිසි ප්‍රශ්නයක් නැතුව කිසිම ලෙඩක් නැ...කිසි ලෙඩක් හැදෙන්නත් එපා..
අක්කී මාස ගානකට පස්සේ ඔයාගේ video එකක් බලන්න ගත්තේ. ඒකෙන්ම සුබ ආරංචියක් ❤ 🎉හරිම සතුටුයි
නීරෝගිමත් දරු උපතක් ලැබේවා අක්කෙ....❤❤
දෙවියන්වහන්සේ විශ්වාස කරන කෙනෙකුට කවදාවත් නපුරක් වෙන්නේ නැහැ නන්ගි.
ඔයාවයි දරුවවයි දෙවියන්වහන්සේ ආරක්ෂා කරනවා.මොකද දරුවෙක් දෙන්නේ දෙවියන්වහන්සේ .
පරිස්සමක් ඉන්න නන්ගා.
ජේසු පිහිටයි.
ඔයා ඇන්ජි මගේ වයසේ. පොඩ්ඩක් වත් බය වෙන්න එපා. ඔයාට ප්‍රෙග්නට් කාලේ නිරෝගීව ගෙවන්න පුළුවන්. ලස්සන නිරෝගී දරුවෙක් ඔයාට ලැබෙනවා. බුදුසරණයි මැණිකේ.
මටත් PCOS තිබුනා. බේත් කරාට අඩු වුනේ නැ. ඒවා පිපිරුවා ඔපරේෂන් කරලා.ඒත් ආයෙ ආවා. එක ඩොක්ට කෙනෙක් ඇග අඩු කරගත්තම ඒක නිකම්ම හොදවෙනවා කිව්වා. මමත් දැන් ප්‍රෙග්නන්ට්. ඒත් pcos කැක්කුම එනවා ඒවත් තියෙන නිසා. බබාට හානි වෙයිද බයයි. තරුණ අයට කියන්නේ කෘතිම කැම බීමෙන් පරිස්සම් වෙන්න. තෙල් පිටි කැම අඩුකරන්ඩ. අද කාලෙ ගොඩ දෙනෙක්ට PCOS තියෙනවා. ඒක හැදුන අය විතරයි ඒකේ බරපතලකම දන්නේ. ගොඩාක් කසාද බදින්න යන නංගිලා සැලකිලිමත් වෙන්ඩ.
බය වෙන්න එප අක්කෙ අපෙ අම්මට මාව ලැබුනෙ 37 වයස .❤ අක්කට නිදුක් නිරොගී දරු පැටියෙක් ලැබෙන්න වාසනව ලැබේවා ❤❤❤❤💓
ඔයාගෙ ටමී එකෙ ඉන්නෙ චූටි පුතු පැට්ටෙක්.🙊🙊😘❤️ දෙවියන් වහන්සෙ ඔයාලව ආරක්ශා කරනවා අනිවාර්යයෙන් .🙏❤️
නැවතත් සුභපැතුම් ඔයාල දෙදෙනාට.....❤❤❤
නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මාත් ප්‍රෙග්නට්
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියළු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
මගේ ලොකු පුතා ලැබෙන කොට මටත් 36යි. ඊට පස්සේ තව පුතාලා දෙනෙකුටත් ඉන්නවා. තුන් දෙනාම හොඳ නිරෝගී ළමයි. ඔයත් බය නැතුව සතුටින් ඉන්න. තෙරුවන් සරණයි!
Ane matath ikmanin daruwek labenda kiyl prarthana karandko. Godak sathutui akki pregnant una ekata. Matath e wasanawa labunanam. 😢
ඔයාට ජේසු පිහිටයි !!! මාත් ආසාවෙන් ඉන්නේ..දරැ පැටියෙක් ලැබෙනකන්..අනේ මටත් දරැවෙක්❤❤❤
ඔයා මෙහෙම බයවෙලා ඉන්නවා දැක්කමයි😊
නීරෝගි දරු සම්පතක් ලැබේවා ❤❤❤
බය වෙනත් එපා නංගී මම බැන්දෙම ගොඩක් පරක්කු වෙලා මම අම්මා කෙනෙක් උනේ අවුරුදු 43 න් මගෙ දුවට මාස 9 ඔයාට නිදුක් නිරෝගිමත් දරැවෙක් ලැබේවා ❤❤
හරිම සතුටුයි නංගී..නිරෝගී දරු සම්පතක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි චූටි බබූ.. මට නං ආසයි... මං හිතන්නෙ මේ video බලන set එක අක්කිගෙ real fans ල. ❤ මට උන දේත් මම කියන්නම් අක්කි. මගෙ menses late වෙලා තව සතියක් විතර ගියාට පස්සෙ සාමාන්‍යය ප්රමානයෙ ලේ වගයක් ගියා. ඒත් එක්කම මට නිකන් කැරකැවිල්ල කන්න අපුලකම කලන්තෙ වගෙ ආවා. මං හිතුවෙ එදා මාව අමුතු විදියට menses වෙන්න යනව කියලා. Office එකෙ එදා මම ඉදියෙත්. මම ඉතින් ඉක්මනින් ready උනා menses day එකට 😅. ඒත් පස්සෙ බලද්දි menses වෙලා නෑ. ඊට පස්සෙ ඉදන් කිසි වෙනසක් මුකුත්ම නෑ බබෙක් ලැබෙන්න ඉන්නව කියල.. 2 month උනහම නං මහන්සි කම දැනෙන්න ගත්තා.
හැබැයි මට හොදට මතකයි මම ඒ දවස ලං වෙලා හීනෙන් නයෙක් දැක්කා.. මට දැන් 3+ දක්ෂ ලස්සන චූටි පුතෙක් ඉන්නවා.
අක්කි පුලුවන් තරම් ඔයා කතුරෙන් කපල කරල කරන නිර්මාණ කරන්න. මම office ගිය නිසා මට ඒකට කම්මැලි හිතුනා. බබාත් කම්මැලී cut & paste කරන වැඩ වලට. 😢
අක්කට පන්තිණි මෑණියන්ගේ පිහිටයි ! බුදු සරණයි !🪷🪷🪷
අනේ හරි සතුටුයි අක්කා. පරිස්සම් වෙන්න.බුදු සරණයි.
තෙරුවන් සරනින් ඔයාට වාසනවන්ත දරුවෙක් ලැබේවා .....!
සියලුම බලාපොරොත්තු ඉටුවේවා,,යහපතක්ම වේවා ❤❤❤
හරිම සතුටුයි 💖 ඇස් වලට කඳුළු ආවා .. මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගීමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා .. ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට🙏 💖💖💖💙💙💙💗💗💗💞💞💞
ඔයාට නිරෝගී වාසනාවන්ත දරු උපතක් පතනවා.තෙරුවන් සරනය්❤❤
බුදු සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා !!...
සුබ පැතුම් ,වාසනාවන්ත නිරෝගී දරැපැටියෙක්ව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
අක්කට අයියා හම්බවෙන්න කලින් ඉදන් vlog බලන්නේ , මාරම සතුටක් ආවේ දැක්කම congratulations akki ❤❤
අනේ මමත් හරිම ආසාවෙන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව❤හදවතින්ම සුභ පතනව අක්කෙ.
නංගි ඔයාට නිරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි ජේසු පිහිටයි! 🤍🤍🤍🤍💐
Hi im a doctor working in Obstetrics unit here in SL we see lot of mothers with your age and medical issues like you having pregnancy with no issues, eventhough we dont have all the facilities to asses featal wellbeing correctly.I think you are having better facilities.
Hope you will be perfectly ok👍👍👍 Congratulations🎉🎉 and please continue this vlog series if you like to do, we like to see how contry like Aussie conducting pregnancy plan and anything we could get to our system if possible 🎉🎉🎉
අනේ අක්කේ ගොඩක් සතුටුයි... බුදු සරණයි ගොඩක් පරිස්සම්න් හැමදේම කරන්න අනේ ආදරෙයි ❤️😌
So thrilled for you sweet Anji👏🙏❤️🌹
අනේ දෙයියනේ❤❤❤❤❤❤හරිම සතුටුයි අක්කේ....🎉❤❤❤❤තෙරුවන් සරණයි ඔයාටයි පැටියටයි දෙන්නටම❤❤
දෙවි පිහිටයි අක්කේ...❤❤ නිරෝගී දරුවෙක් ලැබේවා....❤ ඊලගට දාන්න ඉන්න විඩියෝ ටිකත් ඉක්මනින් දාන්න..❤😊
කිසිම දේකට බය වෙන්න එපා. හැමදේම හොඳට සිද්ධ වෙනවා නංගි. ඔයාටයි මල්ලිටයි පැටියටයි තෙරුවන් සරණයි ❤
නිරෝගී දරු පැටියෙක් ලැබේවා..ඔයාටත් බුදු සරණයි.❤
බුදු සරණයි අක්කේ ඔයාටයි පැටියටයි දෙන්නටම අපේ ආදරේ ආශිර්වාදේ තියෙනවා ❤❤❤
මට බබාලා 4 ක් ඉන්නවා.ඒත් මට උනා වගේ මට දැනුනා .ඒ හැගීම මට මතකයි තාමත්.බුදු සරණයි නංගි ❤
අනේ හරිම සතුටුයි අක්කි 😍😍😍 Congratulations 🎉
Congratulations ❤
පරිස්සමින්,සතුටින් ඉන්න..❤
අනේ හරිම සතුටුයි...හැමදේම හොදින් සිදුවේවා !!!
අනේ අක්කි මාරම සතුටුයි .....❤️ හැමදේම හොඳින් පරිස්සමට කරගන්න. ආදරෙයි ❤️ good bless you akki 🥺🥰
අක්කිට ආදරෙන් සුබ පැතුම් එකතු කරනවා වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා...ආදර කිරි සිහින පතන අනිත් හැමදෙනාගෙමත් කිරි සිහින සැබෑවේවා!!!!🎉🎉🎉🎉❤❤❤❤
අනේ තුණුරුවන්ගේ සරණයි පුංචී පවුලට.... මං ඉස්සෙල්ලම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තු දවසේ මට ඇති වුන ෆීල් එක මට ආයෙමත් මතක් වුනා බය වෙන්නෙපා අක්කී ඔයාට නීදුක් නීරෝගී චූටී පැටියෙක් ලැබෙයි ❤ පරිස්සම් වෙන්න
තෙරුවන් සරණයි නංගී දෙවි පිහිටයි❤❤❤❤❤
බය වෙන්න එපා මැණික
බුදු සරණයි අක්කා පත්තිනි මැණියන්ගෙ පිහිටයි!!!!❤
තෙරුවන් සරණින් නීරෝගී දරුවෙක් ලැබේවා
නිදුක් නීරෝගී වේවා.....! සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්‍ෂාව ලැබේවා....! බුදුසරණයි ...!🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි...... යහපතක්ම වේවා❤❤❤❤
PCOS නැති කරපු විදිය කියන්නකෝ please ... ඔයාලා තුන්දෙනාට ජේසු පිහිටයි ❤️
අනේ Anji අක්කේ හරි සතුටුයි 💝💝
ඇත්තටම සතුටුයි අක්කි.... 😍
නීරෝගි දරු උපතක් ලැබේවා...!! කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
බුදුසරණයි අක්කේ 🥺❤️ හැමදේම හොදින් සිද්ද වෙනවා 😍🤗 ජේසු පිහිටයි 🤗
අනේ හරි සතුටුයි අක්කි❤පිංවන්‍ත නීරෝගි දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤🙏
ජේසු පිහිටයි ♥️💕 වාසනාවන්ත දරුවෙකු ලැබේවා ❤❤
බුදුසරණයී... හොද යහපත් දරු උපතක් ලැබේවා ඔයාට ❤❤
Akka always be positive.ඔයාට ඉතාමත් නිදුක් නිරෝගී වාසනාවත ලස්සන දරුවෙක් ලැබේනවා.❤❤
හරිම සතුටුයි...නිරෝගී වාසනාවන්ත දරු සම්පතක්ම ලැබේවා❤
ඔයාටත් කුසේ ඉන්න පැටියටත් තෙරුවනගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏
Love and Greetings from The Netherlands 🇳🇱❤️❤️
අනේ ඔයාට නීරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා අක්කේ❤ බුදුසරනයි අක්කේ❤🎉
තෙරුවන් සරනයි . ඔයාලට . බුදු සරනයි . හැමදාම සතුටින් ඉතිරෙන්න ඕනී.. පරිස්සම් වෙන්න හොදට.. 🥰❤️
හරිම සතුටුයි..වාසනාවන්ත පැටියෙක් ඔයාලා හොයාගෙන ඇවිත්...බුදුසරණයි
❤❤❤හරිම සතුටුයි...තෙරුවන් සරනින් හමදේම සිදුවෙයි
So happy for you Anjie. Don't worry about your age or PCOS. My daughter went through her pregnancies with PCOS. But, she has two grown up children now. My prayers are with you. Have a happy pregnancy, an easy delivery and a healthy baby. May God's Blessings be with you! ❤
ඇත්තටම සතුටුයි ❤ මේ සතුට හැම ආදරණීය යුවලකට හිමි වේවා ❤️
❤ බුදුසරණයි දුව !!!