ආදරණීය කැපකරු පුරවැසියන්ගේ ශක්තියෙන් පිබිදෙන සේරුවාවිල ගොවි ජීවිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ගොවි කැපකරු පුරවැසි වගා ක්‍රමය
    වගා කිරීම සඳහා අනෙකුත් පහසුකම් තිබෙන නමුත් ඒ සඳහා ප්‍රාග්ධනය සොයා ගත නොහැකි ආර්ථික අපහසුතා සහිත දක්ෂ ගොවි මහත්වරුන් සහ ඔවුන් සඳහා සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට කැමති පරිත්‍යාගශීලී පුරවැසියන් එක් කොට ගෙන සිදු කරන සමාජ සත්කාරයකි මෙය. මේ වන විට මෙම ව්‍යාපෘතිය සේරුවාවිල ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. මේ සඳහා අප පූර්ව අධ්‍යනයකින් පසුව හඳුනාගන්නා දක්ෂ ගොවි මහත්වරුන් එක්කොට අදාළ ප්‍රදේශයේ නව ගොවි සමිති පිහිටවනු ලැබේ.
    සාමාන්‍යයෙන් එක ව්‍යාපෘතියකට ගොවි මහත්වරුන් විසිපහක් තිහක් පමණ සම්බන්ධ කරගන්නා අතර ඒ සෑම ගොවියකු වෙනුවෙන්ම කැපකරු පුරවැසියෙකු බැගින් සම්බන්ධ කෙරේ. එක ගොවියෙකු වෙනුවෙන් රුපියල් විසි දහසක් බැගින් ඔවුන් විසින් පරිත්‍යාග කරන අතර එම මුළු මුදල අපගේ අධීක්ෂණය මත ගොවි සමිතිය හරහා අවශ්‍ය පරිදි ගොවීන් වෙනුවෙන් වියදම් කෙරේ. සියලු දෙනාම එක්වර බිම් සැකසීම, බීජ වැපිරීම, හෝ පැළ සිටුවීම සිදු කරන අතර පස සකස් කිරීම, කාබනික පොහොර සහ ස්වභාවික කෘමිනාශක ලබාගැනීමටත් බීජ හෝ පැළ ලබාගැනීමටත් ඔවුන් වෙනුවෙන් අදාල මුදල් වියදම් කෙරේ.
    මේ වෙනුවෙන් එක ගොවියකු අවම වශයෙන් අක්කර භාගයක භූමි ප්‍රමාණයක් වගා කිරීම අපේක්ෂා කෙරේ.
    සියලු වගා කටයුතු අප විසින්ද ගොවි සමිතියේ නිලධාරීන් විසින් ද අවසානය තෙක් අධීක්ෂණය කරන අතර අවශ්‍ය උපදෙස් ඔවුන් වෙත සාමූහිකව ලබා දෙනු ලැබේ.
    වගාව සාර්ථක වී අස්වැන්න නෙලීමෙන් පසුව ගොවීන් වෙත ලබාදුන් මුදල් නැවතත් ගොවි සමිතිය වෙත ඔවුන් විසින් ලබාදෙන අතර එම මුදලින් ඊළඟ කන්නයේදී මේ ආකාරයෙන්ම තවත් ගොවීන් පිරිසකට උපකාර කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම එම මුදලින් කොටසක් ගොවි සමිතියේ දියුණුව සඳහා එනම් අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට යොදවා ගැනීමට අවස්ථාව ඇත.
    අප විසින් ලබා දුන් මුදල් ආපසු ගෙවීමට අපහසු වන පරිදි යම් වගා හානියක් සිදුවුවහොත් ගොවි සමිතියේ නිලධාරින් සහ අප විසින් තීරණය කල හොත් එම මුදලින් කොටසක් හෝ කපා හැරීමට අපේක්ෂා කෙරේ. පූර්ණ වගා හානියකදී එම ගොවීන් මුදල් ගෙවීමෙන් නිදහස් කෙරේ.
    මේ හේතුවෙන් මානසික පීඩාවකින් තොරව තම වගා කටයුතු සිදු කර ගැනීම සඳහා ඔවුනට අවස්ථාව සැලසේ.
    කැපකරු පුරවැසියන් පරිත්‍යාග කරන මෙම මුදල් ආපසු ලබා ගැනීමක් ඔවුන් විසින් අපේක්ෂා නොකෙරෙන අතර. එම මුදල් අදාල ගොවීන්ගෙන් ආපසු ලැබුණු පසු එය නව ගොවියකු වෙනුවෙන් යෙදවීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.
    මේ යටතේ අප විසින් කරන ලද පලවෙනි ව්‍යාපෘතියට ගොවීන් 25 දෙනෙක් සහ ඒ වෙනුවෙන් කැපකරු පුරවැසියන් 23 දෙනෙක් සහභාගී වූ අතර එම වගාවල අස්වනු නෙළීම මේ දිනවල සිදු කෙරේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් සිදුකළ මෙහි පළමුවන අදියරෙහි සාර්ථක අසාර්ථක භාවය ඉදිරියේදී අපට දැකබලා ගත හැකිවනු ඇත.
    මේ වන තෙක් අප විසින් කරන ලද නිරීක්ෂණවලදී පැහැදිලි වූ කරුණු අනුව මේ ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ ගොවීන් එකමුතු වීමත් සමගිව කටයුතු කිරීමත් උනන්දුව වැඩි වීමත් ආදී කරුණු ඉතාම සාධනීය ලෙස ගත හැක. එමෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා යටතේ ඔවුන් ධාර්මිකව ජීවත් වීමටත් මත්පැන් ආදිය වෙනුවෙන් මුදල් නාස්ති නොකිරීමටත් කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි. මසකට වරක් මෙම ගොවි සමිතියේ සාමාජික සාමාජිකාවන් පින්වත් ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් යුතුව එක්රැස්ව තම ගැටලු සාකච්ඡා කරනු ලැබේ.
    එමෙන් ම ගොවීන් සංවිධානාත්මකව වගා කටයුතු කිරීමේදී තම අස්වනු සඳහා වෙළඳ පොළක් ලබා ගැනීම ද ඔවුන්ට පහසු වනු ඇත.
    මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් ගොවීන් විසිපස් දෙනෙකු සම්බන්ධ කරගෙන වගා කටයුතු ආරම්භ කිරීම ලබන ජනවාරි මස අග දී සිදුකිරීමට නියමිතයි.
    අවසන් වශයෙන් මෙම නව සංකල්පය වටා එක්වූ ආදරණීය කැපකරු පුරවැසියන්ට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමි.
    වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න.

ความคิดเห็น •

  • @maheshindikanandasena6916
    @maheshindikanandasena6916 2 ปีที่แล้ว

    මේ වටිනා සද්කාර්‍ය දියුණුවෙන් දියුණුවට පත් වේවා !!! 🙏🙏🙏

  • @mj0797
    @mj0797 3 ปีที่แล้ว

    👍👍