ථෙරවාද බෞද්ධ දර්ශනය විනාශ කරන හැටි | Theravada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2023
  • නූතන සමාජය තුල ධර්මය ලෙසට මතුවන අධර්මය සහ බෞද්ධයන්ට සමාජයෙන් ඇති පීඩනය පිළිබඳව අදහස් දැක්වීමත් නිවැරදිව ථෙරවාද අර්ථ දැක්වීමත් ඇතුලත් විඩියෝවකි.

ความคิดเห็น • 17

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබගේ පැහැදිලි කිරීම ගැන ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර අයියේ.....අයියට බොහෝම පින් මේ කරන සාසනාරක්ෂක වැඩපිලිවෙලට.....සැප ප්‍රතිපදාවෙන් ඉක්මන් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරන්වා.....සාදු සාදු සාදු....🙏🙏🙏

  • @asokajayawardana3863
    @asokajayawardana3863 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි!!!!

  • @kumariambegoda
    @kumariambegoda 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 11 หลายเดือนก่อน +2

    ශාසනයට එල්ලවන පීඩනය වෙනුවෙන් ඉදිරිපත් කළ මේ අදහස් බොහොම වටිනවා. හැමෝම දැනුවත් වේවා!

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු , කාලෝචිත මනා පැහැදිලි කිරීමක්. 🙏🙏🙏🙏🙏🙏🙏
    බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකයට පහළ වෙන්නේ, හැමෝම දන්න, හැමෝටම ලේසියෙන් තේරුම් යන සාමාන්‍ය ධර්මයක් ලෝකයට දේශනා කරන්න නෙමේ. ඒ ධර්මය ඉතාමත් ගැඹුරුයි. දුර්ලභයි.
    ඒක තේරුම් ගන්න බැරි අය ධර්මය විකුර්ති කරනවා තම තමාගේ දැනුමට ගැලපෙන විදිහට .
    අවිද්‍යාවෙන් සකස් උන සම්මුති ලෝකය ඇත්ත වූ ලෝකයාට, ඊට ඔබ්බෙන් පවතින පරමාර්ථ දර්ශනය ලේසියෙන් තෙරුම් යන්නේ නෑ. ඒ නිසා නිත්‍යව පවතින ආත්ම වූ රූපයක්, බාහිරින් ඇත කියා හෝ නැත කියන අන්තදෙකට වැටෙනවාමයි.
    සක්ඛාය දිට්ඨිය බලවත් වෙන්න වෙන්න රැවටෙන ගතියත් වැඩියි.
    ඔය ඇත, නැත අන්ත වලට නොවැටී, බුදු රජාණන්වහන්සේ දේශනා කල රූපයේ යථාභූත ස්වරූපය තේරුම් ගන්න, ප්‍රඥ්ඥාව, නුවණ වැඩෙන්නටම ඕනෑ.
    ගෞරවණීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන්වහන්සේ අභිධර්මය ඇසුරෙන් රූපය පිරිසිඳ දකින අන්දම ගැන කරන විග්‍රහයන් නොතේරෙන අය, උන්වහන්සේට හා සද්ධර්මයට පිටුපා, අධර්මය ධර්මය සේ බුදුරජාණන් වහන්සේ නොකල දේශනාවන් හිස් මුදුනින් පිළිගෙන, ත්‍රිවිධ රත්නයට පිටුපානවා.
    සම්මුති වශයෙන් පනවා ගත් ලෝකය ඇත්තක් කරගෙන ඒ තුල නිවනක් ප්‍රාර්ථනා කරනවා, පිරිසිදු සද්ධර්මයට ගර්හා කරමින්.
    ලෝකයා අසරණයි, සතර අපායම මහ ගෙදර කර ගෙන ඉන්නවා කියා බුදු රජාණන්වහන්සේ වදාළානේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 11 หลายเดือนก่อน +2

    සත්පුරැෂයන් එකමුතු වෙන්න ඕන

  • @seetafernando5954
    @seetafernando5954 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kaveeshakaumadi6029
    @kaveeshakaumadi6029 8 หลายเดือนก่อน +1

    ඔබතුමා බුද්ධ ධර්මයට එල්ල වන නොයෙකුත් හානි වැලැක්වීම සදහා කරගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් අගය කොට සලකමි..නමුත් මහත්මයා වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ කිසිම අයුරකින් ධර්ම විකෘතියක් සිදු කරන ස්වාමීන්වහන්සේ නමක් නොවේ...නා උයනේ අයියධම්ම මහා ස්වාමීන් වහන්සේ අතින් උපසම්පදාව රැගෙන ඉතාම තරුණ වයසේ පැවිද්දට පත්ව බුරුම රටේ තේරවාද ධර්මය නිවැරදිව හදාරා ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි උන්වහන්සේ...අනෙකුත් බෞද්ධ නිකායන්, ලෝකයේ වෙනත් දර්ශනන් ආදිය ගැනද උන්වහන්සේට හසල දැනුමක් තියෙනවා...එනිසා උන්වහන්සේගේ ස්වාභාවයක් තමයි ධර්මය දේශනා කරන විට අනෙකුත් දර්ශනවල සහ විවිධ දැනුම් පද්ධතිවල සදහන් දේවලුත් දේශනාවට එක් කරගැනීම...මෙම video හිදී ඔබතුමා සදහන් කරනව ඔබ උන්වහන්සේගේ දේශනා වැඩිය අහලා නැහැ කියලා...එයම වෙන්නැති ඔබ උන්වහන්සේ ගැන මෙලෙස ධර්ම විකෘති කරනවායැයි පැවසීමට හේතුව...ඔබ උන්වහන්සේගේ දේශනා ඇසුවානම් කිසිම දිනක මෙලෙස පලකරන්නේ නැහැ..කිරුලපන ධම්මවිජය අපේ ස්වාමීන් වහන්සේත් සදහන් කලා උන්වහන්සේත් ඇතැම් ධර්ම කරුණු මග්ගවිහාරී තෙරුන්ගේ දේශනා ඇසුරින් ඉගෙනගන්නා බව...සුපින්වත් මහත්මයා අනෙකුත් භික්ෂුන් වහන්සේලා පවා ගරු කරන ඉතා විශාල දැනුමක් ඇති අති විශිෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් තමයි වටගොඩ මග්ගවිහාරී තෙරුන්...ඔබතුමාට යම් වැරදීමක් මෙහිදී සිදුව ඇතැයි සිතන බැවින් තමයි මම මෙලෙස සදහන් කලේ..තෙරුන්වන් සරණයි

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 11 หลายเดือนก่อน +2

    ඔබතුමා කියන කාරණය සම්බන්ධව අප ද සනාථ කරනවා. උත්තරීතර නිර්මල බුදුදහම විනාශ කිරීමට උත්සාහ දරන අය නොයෙක් ආකාරයට පෙනී සිටිනවා. ඒඅය කියන කාරණා පිළිබඳව අප ද නුවණින් විමසිය යුතුමයි ධර්මයේ සදහන්යව ඇතිකරුණ මොනතරම් නම් සත්‍ය ද ඵනම් මේ ශාසනය විනාශ කරන අය මේ තුළින්ම බිහිවන බව. අපගේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේලා වැනි කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තම දිවි පරදුවට තබමින් මේ ගන්නා වීර්යයට අපද හැකි සෑමවිටම නුවණ ඇති අයට මේ ගැන දැනුවත් කිරීමට පියවර ගනිමි. ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි....

  • @nihalpremasiri890
    @nihalpremasiri890 11 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේ අවබෝධ කළේ බුදු කෙනෙක් ලොකයේ පහළ වුවත් නොවුවත් හැමදාම ලොකයේ පවතින යථාර්ථයයි.ඒම යථාර්ථය අන්‍ය පිරිසට සාක්ෂාත් කර ගැනීමට බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රතිපදාව සමස්ථ ත්‍රිපිටකය තුළ අන්තර් ගතය.මේ නිසා ධර්මය බාහිර පිරිසකට විනාශ කළ නොහැකිය. කෙසේ වෙතත් අලියා යනු බුදු දහම නොවෙන බවත්. අලි පෙරහැරේ ගෙනයන්නට ඕන නම් ඔවුන්ට කරන මේ දැඩි හිංසා නැවැත්විය යුතුය. හොඳම උදාහරණ ලෙස මුතු රාජා,මියන් රාජා, ආදී සිද්ධි දැක්වීමට හැකිය. මෙවැනි සත්ව හිංසනයන් බුදු දහම රැකීමට යයි පැවසීම නැවතත් සිතා බැලීම යුතුය. පෙරහැර යනු බුදු දහම නොවෙන බවත් සිතා බැලීම යෝග්‍ය.

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  11 หลายเดือนก่อน +5

      පෙරහර බුදු දහම බවට හිතාගෙන අැත්තේ ඔබම බැවින් එය ඔබගේ ගැටලුවකි. 👍

  • @nadeeshamihirani8367
    @nadeeshamihirani8367 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-er4ir1hv8d
    @user-er4ir1hv8d 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏