We honor and give our utmost respect to the valiant heroes who selflessly gave their lives for the betterment of our future. May they find eternal peace and attain enlightenment in Nirvana.✨
I had gone through the book"මන්නකුලමි සටන කමාන්ඩෝ ඇසින් " it's a good book I recommend to read who interesting to know more information about this battle fight.Thank you Maj Selvin Sallay to wrote this book.Thank uou
මේජර් සෙල්වින් සලේ - (71) 170 0177
😍
❤❤
Finally you are here ❤❤
We honor and give our utmost respect to the valiant heroes who selflessly gave their lives for the betterment of our future. May they find eternal peace and attain enlightenment in Nirvana.✨
😢😢😢 sakai
සැල්වින් සලේ සර් හරිම නිහතමානි නිලධාරියෙක්..ඒ මතකය ඇත්තටම අමිහිරියි ඒ සංග්‍රාමයේ දිවි පිදු හා තුවාල ලද කමාන්ඩෝ හා අනෙක් ඒකකවල සොයුරන් සඳා සෙනෙහසින් සිහි කරමි
🥺💖🇱🇰
කපිතාන් සාමන්ත ගිනිමැලගෙ ඔබ ඇතුළු වීරයන් අපට අහිමි කල රුදුරු මිනී මරු පාපතර සතුරන් නසා නිදහස් රටක් අද අපට හිමි කළ ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ යළි යළිත් උපදින්නට හේතු වාසනා වේවා 🙏😢. රට වෙනුවෙන් තම අන්තිම ලේ බිදුවත් දන් දී ජීවිත පරිත්‍යාග කළ ඒ උතුම් අභීත වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏🙏🙏 ඒ විරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ගායු වීරයා ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
❤️🙏
ඒ පසුබිම් සංගීතය සමග අවුරුදු ගාණක් ආපස්සට යන්න ඇති ....රටවෙනුවෙන් මියගිය සියළුම වීරෝධාර අයෝමය සිංහ කොල්ලන්ට අමාමහ නිවන් සුව ලැබේවා !!!❤😢
මම සටනේ සලේ sir එක්ක හිටිය මම එවකට 1SR එකේ සාමාන්‍ය සෙබලෙක් මගේ ප්ලටුන් කමාන්ඩර් ලේප්ටිනි න් රණන්සිංහ sir ඇතුළු අපේ සිංහ විරුවන් 50කට ආසන්න හෝ අදික පිරිසක් මිය ගියා කොමාන්ඩෝ විරුවන් චාලි කණ්ඩායම මුළුමනින්ම වගේ විරුවන් මිය ගියා නමුත් එම සටන පැය 10ක් වගේ අකණ්ඩව අපි සටන් කලා කොමාන්ඩෝ විරුවන් සහ සිංහ විරුවන් වන අප අවසාන උණ්ඩය දක්වා අබිතව සටන් කලා මෙම නිලධාරී තුමන් සමග මමත් මේ සටනේ ඉදිරි පෙළ සිට සතුරාට ප්‍රහාර එල්ල කලා අදටත් මගේ මතකයේ නිතරම සිහිවෙනවා මගේ මිය ගිය සහෝදර විරුවන්ට නිවන්සුව 😢
කතාකරන්න 0777618418
එදා ඒ කැප කිරීම නොවන්නට අද ශ්‍රී ලංකාව කියන පුංචි රට අපිට නැත්තටම නැති වන්නට තිබුනා..ඔබලාට තෙරැවන් සරණයි....🙏❤️🙏❤️
ආදරෙයි ලේ හලපු,මැරුණ,ආබාධිත උන,අතුරුදන් උන හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම...🥺🙏❤️
බුදු සරණයි සියලු රණවිරුවන්ට . හා සංජීව අයියාටත් ❤❤❤
දිවි පූජා කළ ඒ මහරණවිරුවන්ට නිවන්සුව ලැබේවා.😢😢😢🙏🙏🙏
ගොඩක් වටින , ගොඩක් කරුණු දැනගතහැකි interview එකක්. මම මෙතුමගෙ පොත දොරට වැඩල පසුදාම ගෙන්වා ගත්ත. මන්නකුලම් සටන ගැන සවිස්තරාත්මකව දැනගන්න දැඩි උවමනාවක් පොඩි කාලෙ ඉදන්ම තිබුන. ඔය සටනට හරියටම මාස දෙකකට පෙර, 1997 සැප්තැම්බර් මාසයේ 2CR එකේ එවකට Cpt කෙනෙක් උන මගෙ බාප්පගෙ විවාහ උත්සවයට පැමිණි සෑහෙන්න පිරිසක් ඔය සටනින් මියහියා කියල දැනගන්න ලැබුන. මතක විදිහට best man ට උන්න කෙනත් ඇතුළුව 😢. ඒක හරිම shock එකක් වෙලා තිබුන. මගේ දැනුමෙ හැටියට රෙකී එකක් චෙක් උනාම ඒ තැනම ඔපරේශන් එකක් කිරීම කොහෙ හෝ තැනක ගත්ත වැරදි තීරණයක් කියල හිතෙන්නෙ. මෙතුම කිව වගේ හැමදාම එකම විදිහට යුද සැලසුම් ක්‍රියාත්මක කරපු, එකම වැරැද්ද ආයෙ ආයෙ කරපු දේවල්වල වන්දිය ගෙවන්න උනේ රටක් වටින රත්තරන් තරුණ ජීවිත වලට. ඒ එඩිතර වීර රණවිරුවන් සියලුම දෙනාට උතුම්වූ නිවන්සුව අත්වේවා 🙏
❤️🙏
Oba hriyatama hari..CO la ge gon wadai kalakanni deshapaluwo nisai mewa une.podi kollo marena eka unta ganakwath naha..tharu gahaganna ne 9ne wunne.paw tharuna jiwitha.😢
ඒ කාලේ මේ යුද්ධය අවසන් කල යුතුයි කියන හැගීමක් කාටවත් තිබුනේ නෑ... Army commonders ලට උනත් යුද්ධය ඉවර කරන්න පුලුවන් වෙයි කියලා විස්වාසයක් තිබුනේ නෑ..
2001 වෙනකන් SL forces ,LTTE එකෙන් හොදටම කාලා තිබුනේ.. රනවිරුවන් ගෙත් චිත්ත දහිරිය බිංදුවට වැටිලා තිබුනා.. අවුරුදු 2ක් යුද්ධ කරලා අල්ල ගත්ත අලිමංකඩ මාස 5න් අත හැරියා...
එවකට හිටපු කුම්මැහි commanders ලට උනත් රනවිරු ජීවිත ගැන තැකීමක් තිබුනේම නැති බව මේ ව්‍යසනය යෙන් තහවුරු වෙනවා..
සතුරාට Check වුනු අවස්ථාවක ,artillery shot වත් ගන්න නොදී check වුනු ස්ථානයටම රනවිරුවන් ලවා ප්‍රහාර එල්ල කිරීම මම හිතන්නේ "මැඩම්ගේ"චන්ද ලබා ගැනීමේ උපක්‍රමයක් වෙන්න ඇති ..මොකද රනවිරු මරන ප්‍රමානය වැඩි වීම අනුව ලැබෙන චන්ද ප්‍රමානයත් ඉහල යනවා.. නැත්නම් check වුන අවස්ථාවක එතැනටම ප්‍රහාර එල්ල කිරීමට තරම් අනුවන හමුදාවක් ඉන්න විදිහක් නෑ..
අවුරැදු 2 සටන් කරල දවස් 5 අලිමංකඩ අතහැරියා කියන කතාව වැරදියි.
@@shanukds1971ජයසිකුරු ගැන වෙන්න ඕන
යුධ ජයග්‍රහණයේ සැබෑ උරුමක් කරුවනි...ඔබලානම් සැබෑවටම විශිශ්ටයි...තවමත් ඔබලාගේ නිර්භීත බව ජීවමානයි..මියගිය සියලු විරුවන්ට නිවන් සුව 🙏
මියගිය සියලුම දේනාට ජේසුස් වහන්සේගේ අසිර්වාදය ලැබේවා❤
Adareyy set ekatama
අපේ මාමත් පලවෙනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝපල් පේමරත්න P S එයා 2000 වසරේ රිවිරැස්ස මෙහෙයුමෙන් නැති උනා🥺😥🙏 මාමා ඇතුලු මිය ගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව🌸❤️😞
ගැහෙන හදවතින් වැඩසටහන පුරාවට රැදී සිටියා,
ඔබගේ වැඩසටහනින් පසු පසුගිය සතියේ මූතූර් ජැටිය බලන්නට ගියා,
මියගිය විරුවන්ට නිවන්සැප ලැබේවා.
ජයවේවා.
නැවතත් අතීතයට ගියා….. එදා මන්නකුලම් හිදී දිවිපිදූ සහ තුවාල ලත් සියලුම නි/සෙසුනිළයින් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමි…. ඇත්තටම ඒ කටුක අත්දැකීම හරිම අමිහිරියි…. ඒ වගේම මෙවැනි වැඩ සටහන් නැවත අපිට සහිපත් කරන සංජීව මහතාට ගොඩක් ස්තුතියි…
වේදනාබර සටනක් උනත් මේ දේවල් ජනගත වෙන්න ඕන. රට වෙනුවෙන් සෙබලු කරපු කැපවිම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්න. නිවන් සුව දිවි පිදු සියලු ජාතියේ ආරක්ෂක දෙවිවරුන් වු සෙබලුන්ට.
සලේ පරපුර ලංකා යුධ හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කල පරපුරකි..සෙල්වින් සර් ඔබට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා!!!! 🙏
An inspiring presentation is expected in the future මඩකලපුව කලුපාලම සිද්ධියෙත් documentary එකක් ගේන්න . නිවන් සුව ලැබේවා අපෙ වීරෝධාර රණවිරුවන්ට...
ස්තුති සංජීව සහෝදරයා . ඒ තැන් වලටම ගිහින් වීඩීයෝ එක කරන එක. ඒක පට්ට . ජය වේවා ඔයාට . වැඩේ දැන් ජයටම යනවා ආඩම්බරයි .පරිස්සමෙන් බ්‍රෝරෝ
❤️🙏
දිව් පුජා කළ සියලුම ව්රැවනේ උබලට අපි සදා නයගැතියී 🙏🙏 වසැන Tv සංජිව අයියට බුදුසරණයි ගොඩක් ආදරෙයි මේ දේවල් අපි දැන ගන්නේ ඔබ නිසයි❤
සුපුරුදු පරුදි අදත් නෙතට කදුලක් ගෙන දුන්. එ වගේම රනශූරත්වය මානාව ඉගැන්නු වසර 25 ජිවිත පුජාවක්..😓 මා හිතනවා වසර 25 කට කලින්.එම ස්ථානයයේ ජිවිත පුජා කල සියලුම රනවිරුවන්. මේ පිං බිමේ නැවත ඉපැදි ඇති බොහොදුරට.😍😍 එම සටනේදි ජිවිත පුජා කර සියලුම රනවිරුවන්ට අජරාමර නිවන් සුවය අත් වේවා.✍️🙏🙏 යුද්ධයට සහභාගි වු සුයලුම. විරුවන්ට බේහේවින්ම.ස්තුතිය මා පුද කරමි.✍️🙏🙏 සමහර අවස්ථා වල මට හැගේන වර්තමාන පාලකයන් විසින් අයේමත්..මේ කර අදින්නේ අහිංසක විරුවන්ගේ ජිවිත අයේමත් සිවිල් ජනයාගේ ජිවිත අයේමත් මොව්න්ගේ බලාපොරොත්තු වේනුවේන් ඔව්න්ගේ ජිවිට දං දේන්නද.? කියලාත්.. කේසේ නමුත් කිසිම දවසක අපේ පිං බිමට අයේමත් ලේ වැගුරුන අතිතයක්..එපා..🙏🙏 වැනස tv ඔබලාටත් බේහේවින්ම වේනදා වගේම ස්තුතුයි..🙏 (සියලුම රනවිරුවන්ට සහා.වැනස කාන්ඩායම ඇතුලු වැනස tv ප්‍රෙක්ශක ඔබ සැමට..උතුම්. උ..ඇසල පුර පසලොස්වක පොහො දිනයක් වේවා.🙏🙏🙏)
❤️🙏
❤️🙏
ඉතා හොඳ වැඩක්.ඒ සිදුවීම් සිදුවූ ස්ථානවලටම ගොස් එම ස්ථානවල වර්තමාන තත්වයත් පෙන්වමින්..ඒ සිදුවීම් වලට සම්බන්ධ වැදගත් අයෙකු සමඟ කරන වැඩසටහන් අළුත් වෙනසක් අත්දැකීමක් අපට ලබාදෙයි.😍👍
මේ විඩියෝ වල තියෙන්නෙ විවුස් නෙමයි 35 වසරක කුරිරු යුද්ධය අමතක නොකළ මිනිසුන්ගේ හදවත්😓
😘
අපි අද නිදහසේ නිදහස භුක්ති විඳිනව.නමුත් ජීවිත පූජාකරපු සොල්දාදුවන්ගෙ සහ ආභාදිතව දිවිගෙවන සොල්දාදුවන්ගෙ දෙමව්පියන් නිදහස භුක්ති විඳින්නෙ නෑ.ඔවුන්ගෙ හිත්වල තිබෙන වේදනාව පිටස්තර අපිට දැනෙන්නෙ නෑ.ඒ දුක එයාල මියයන දවස තෙක්ම තියේවි.අපේ රටේ මිනිසුන් අද කෙළියේ රඟන්නෙ ඔවුන් ගැන අබමල් රේනුවකවත් මතකයන් නැතිවයි.ඒ නිසා ඉතිහාසය මෙසේ නැවත ආවර්ජනය කරන සංජීව ඔබ කරන්නෙ ඉතාමත් වටිනා වැඩ සටහනක්.තවත් ඔබට අපේ හමුදාවේ වීරෝදාර සෙබළුන්ගෙ වැඩසටහන් කරන්න ලැබේවා!ඒ වගේම අපි අතරින් වෙන්වුන සෙබළුන්ගෙ දෙමව්පියන් සමගද වැඩසටහන් ඉදිරිපත් කරන්න.
අවුරුදු සිය දාස් ගානක සිට මේ මාතෘ බූමියේ ඒකිය භාවය වෙනුවෙන් සටන් වැදුන සියලුම විරුවන් හට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියලු රණවිරු ආත්ම සුවපත් වේවා 🙏....කරපු ආත්ම පරිත්‍යාග නිර්වාන සුවයයට පාරමිතාවක් වෙවා 🙏 තුවාල වු බිඳුණු සිත් සුවපත් වේවා 🙏
I had gone through the book"මන්නකුලමි සටන කමාන්ඩෝ ඇසින් " it's a good book I recommend to read who interesting to know more information about this battle fight.Thank you Maj Selvin Sallay to wrote this book.Thank uou
මේ වගේ වැඩසටහන් ගේනවට උබට ගොඩක් පිං අයියේ රට කන පකයල මේව දකින්න ඕන උන් මේ රට කෑවට මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කල වීරයෝ හිටිය කියල😢😢😢
30 වෙනි කමෙන්ට් එක.. ආදරෙයි වනැස.. චිරන්ජයතු විරුවනී❤️🇱🇰
කපිතාන් ගිනිමැලගේ ඇතුලු සියලුම රණ විරුවනට අජරාමර නිවන් සුව !!🥺
මාතෘ භූමියේ උතුම් නිදහස උදා කරනු වස් ජීවිත පරිත්‍යාග කළ හා තුවාල ලැබූ සියලු විරුවන්ට අපේ උත්තමාචාරය පුද කරමු ❤️🇱🇰🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සැප ලැබේවා.
සියලු ම රණවිරුවන් හට නිවන් සුව..................සංජිව අයියා බුදුසරණයි ඔයාට
Book eka හරිම ලස්සනයි ... program එක වගේම.❤
කොහෙන්ද පොත ගත්තෙ
දෙවිවරුන් ඇත.උඩ අහසේ නොව 😊 මහ පොලවේ ගව් ගානක් යට 🙏
ජයසිකුරු මෙහෙයුම දි මම 53 සේනාංක යේ ඉදිරි සැරහුමි මධස්ථානයේ මම එදා හිටියේ...හරිම කනගාටු දායක දිනයක් එදා...අපේ වෛද්‍ය බලකායේ කලුපහන ත් මියගියා තෙන්නකෝන් ගේ කකුල නැතිවුණා තව කීප දෙනෙක් තුවාල ලැබූවා....ප්‍රහාරයෙන්. දින කීපයකින් අපි එතනට ගියා..සමහර සෙබලුන් පුලුස්සා දාල තිබුනා...සපත්තු ඇතුලේ කකුල් කොටස් තිබුනා...ගෙදර එක බිත්ති කෑල්ලක් විතරයි තිබුනේ..rpg ගහලා විනාශ වෙලා...පුදේශය පුරන් වුන කුඹුරක් වගේ රෝද පාරවල් හැමතැනම තිබුනා..සෙබලුන් ගෙ බඩු හැම තැනම විසිකරල තිබුනා වටිනා දේවල් අරගෙන ගිහින්...සමහර අයට කවර් එකක් ගන්න වලක් වත් කපා ගන්න බැරි වෙලා තිබුනා..අපිටත් එදා හරියට කලකිරුණු දවසක්..තුවාල කරුවන් ගෙන් ප්‍රතිකාර ඒකකය පිරිල...😭
මියගිය සියළුම රණවිරුවන් හට අජරාමර නිවන් සුව ලැබේවා ..💚😢💚
වැඩසටහන අවසානයේ ඇස්වලට කඳුළු ආවෙ නොදැනීම .......කපිතාන් ගිනිමැලගේ ඇතුළු අපි වෙනුවෙන් දිවි පිදූ සියලු සොයුරන්ට අමාමහ නිවන් සුව අත්වේවා.....!
එකත් මරු ❤ ඉතිහාසය video akakkin hadapu oyata ❤👌🙏
සලෙයි සර් මම ඔබතුමාට කතා කරල තියෙනවා, මම මන්නකුළම් පොත ගත්තා සුභ අනාගතයක් සර්, සංජීව ඔබටත් සුභ අනාගතයක් ජයවේවා .
ලක් මවුගේ සිහල දමිළ හා මුස්ලිම්..❤
සැම වෙනුවෙන් කැප වී කළ තම යුතුකම්..🙏
රණවිරුවනේ ඔබ රට තුළ පෑ විස්කම්..💪
මතකෙට නැගෙන තවත් තැනකි මන්නකුලම්.. 🇱🇰
❤️🙏
ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා.. ජයවේවා ඔබට 👍🙏💜
අපේ වීරයෝ සදා අමරනීයයි ❤️💪
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...🙏 🙏 🙏
මන්නකුම්වල ,දිවි පිදූ සියලු රණවිරුවන්ගෙ ආත්මවලට සමාදානය වේවා. Rest in peace.
පළමු ලයික් එක දැමීමට වාසනවන්ත වීමී..
ගිලිමලගේ අයියා අපේ ගමේ අපි ලොකුවට දන් නැති උනාට ගොඩක් අය තාම මතක් කරනවා ❤❤❤
Eyage amma ta Dan kohomada. Asanipen hitiye
කොහෙද ගම
@@Cuteboochy Homagama neda?
❤සැබෑ විරුවෝ..මේ ඔවුන්ගේ ලේ දහඩිය හෙලපු මේ උතුම් පුන්‍ය බූමියයි...ආරක්ශා කරපල්ලා මේක රනවිරුවෝ බේරලා දුන්නු රට..❤❤❤
අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවට
@@srilankanlibrary3263😂😂😂
මව් බිම වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
❤❤❤❤❤❤❤ඒ ගෞරවනීය රණවිරුවන්ට මාගේ හදපිරි උත්තමාචාරය..අප ඔබට සදා ණය ගැතියි
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝව ගේන්න මිත්‍රයා
නිවන් සුව ලැබේවා,සියලු ආත්ම සැනසීමෙන් සැනසුමට පත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මට හරි සතුටුයි.මම වනැසෙන් ඉල්ලීම් කල වීර පුත්තු අතරින් පතාකයෙක්.මේජර් සෙල්වින් සලෙයි අදරණීය යුධ වීරය❤❤❤.ආදරෙයි වනැසටත්❤❤❤
මේ වගේ වාර්තාමය වැඩසටහනක් ඒ භූමියටම ගිහින් අපි එදා සටනෙ හිටිය වගේ අත්දැකීමක් අරන් දුන්නා. කරපු වැඩසටහන් අතරින් විෂිශ්ඨම එක. භූමිය ගැන හොඳ පැහැදිලි කිරීමක් එතුමා ලබා දුන්නා
අද අපේ දිහා කිරිඅම්මෙක් අාවා. ඒ කිරිඅම්මා අැවිත් තිබ්බෙ ගොඩක් දුර ඉදන් පයින්.eyage වැඩකට අත්සනක් ගන්න.මම eyawa මගට අැරලුවා .කතා කර කර යද්දි කිවා eyage ලොකු පුතාට මන්නකුලම් වලදි අැහැට වෙඩි වැදුනා කියලා පොඩි පුතා ප්රභා මැරිලා නැ කියලා හිතාගෙනArmy eken පැනලා අාවලු. ❤😊
අපෙ නිදහට ඔහුන් ජිවිතය දුන්නත් එවා මතක ඔහුන්ගෙ අම්මලාට සහා පවුලෙ අයට විතරයි බොහො අයට අමතකයි
me program eken me dewal mathakkarala denawata obata godak pin ❤
අසාර්ථක මෙහෙයුමක් ඉස්සර කරපු ගොඩක් මෙහෙයුම් අසාර්ථකයි ඒ නිවැරදි නායකත්වය නොමැතිකම නිසා වෙන්න ඇති.
Bravo viruwan gana dena me wadasatahana istuti ❤
අප වෙනුවෙන් රටක් ඉතුරු කර මියගිය සියලු රණවිරුවන් ට අමා මහ නිවන් සුව ....
Hithata danuna hageena wachana walata naganna bari tharam wedanakaari. Divi pidu siyalu wiruwanta niwansuwa athwewaa. Ubabsama beera dun rata raka ganeemata paalakainta nuwana pahala wewaaa!
කියන්න වචන නෑ..අපි මැරිලත් ඔබට ණයගැති රණවිරුවනි 🙏🙏🙏🙏🙏
බුදුසරණයි සියලුම රණවිරුවන්ට❤❤❤
කමාන්ඩෝස් ලගේ අභිමානය පෙන්නපු අවස්ථාවක් කමාන්ඩෝස්ලා පස්සට ගියේ නැ එයයි ඔවුන්ගේ විරත්වය💕❤🎉
Abimanaya nemea moda kama
නිකමට කියන්නේ විහිලුවක් වෙන්නත් පුලුවන් මෙ අදහස සරත් ෆොන්සේකා සර් එක්ක එකක් කරන්න බැරි වෙයිද එයාගෙ ප්ලැන්ස් එහෙම එයාගෙම කටින් අහන්න අසයි 🙂❤️
වීරෝදාර රණ විරුවනි....අපේ හුස්මේ අයිතිය ඔබේය......සදා ණයගැතියි.....❤❤❤❤
බුදුසරණයි ඔබ තුමා ඇතුළු සමස්ත යුද හමුදාවටම 🙏🙏🙏🙏🙏🙏
රට වෙනුවෙන් දිවිපිදූ තුවාල වූ ලේ දහඩිය පිදු සියලුම රණවිරුවන් වෙනුවෙන් සදා ණය ගැතියි ❤❤❤
සංජීව අයියා niyamai budusarani
Sanjeewa aiya karanne mahagu sewayak ape rate minissu ranawiruwo amathaka karala dala api tharam kaurut na kiyla hithan inne.namuth apita jiwat wenna ratak apita ithuru kle ape ranawiruo obalata budusaranai siyaluma viroo dara ranawiruwanta.💪💂
❤️🙏
අබිත රණවිරු වනේ අපි නුබලට සදා ණයගැති මෙ ලක් දෙරණ රැක ගැනීමට දිවි පිදු විරුවනේ ඔබලා සියළුම දෙනාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏
ඒ මරුණු විදිහනම් කරුමයක් 😢 ආදරෙන් සිහිපත් කරනවා ❤ ලංකාවෙ විශිෂ්ටතම රෙජිමේන්තුවෙ ඒ ආඩම්භර කොමාන්ඩොස්ලා ව ❤🥺
උන්ගෙ ජාතියත් නැති කරපු එවුන්ගෙ මකබෑවුනු දවස සමරන්න පුලුවන් නම් අපිටත් බැරිද අපේ රට වෙනුවෙන් දිවි පුදපු උන් වෙනුවෙන් මේ වගෙ තැන්වල උන්ව සමරන්න .😓😓
උන් උන්ගේ ජාතියට ආදරේ ජාතියක්.. අදට උනත් උතුරට ගිහින් පොඩි එකෙක් ගෙන් උනත් අහලා බැලුවොත් ඊලාම් රාජ්‍ය කියන්නෙ මොකක්ද කියලා ලස්සනට කියලා දෙයි...
ඒ අතින් සිංහල කියන්නේ පරගැති , පාවාදෙන බලු ජාතියක්... රට බේරපු army කොල්ලන්ගෙන් , උබලා 8 පාස් උන් කියලා අහපු බලු ජාතියක් ...
ඇත්තටම ඒ අතින් නම් දෙමලා හොදයි බන් .. උන් උන් ගේ එවුන් ට ගරු කරනවා මොනදේ කලත්..
@@truth...3917 ඒක ඇත්ත මචන්.ඒ කාලකන්නින්ගෙ දේවල් අපි අදාළ නොකරගෙන දුක් විඳලා අපි වෙනුවෙන් දිවි දුන් මිනිසුන්ට හිතින් හරි සැලියුට් කරන්න ඕනෑ .🌹🌹
@@truth...3917 Aniwa,..... Ape gobba gonmol para ballo yanne paradige. KAPA KAPA KELI KAPA kiya kiya. okumge Ammalata, Punchi ammalata ukkawanda oni uk. pajathika padu wesa ballanta. okunta gahala madi. maranda oni keri ballanwa. Punchi ammage KIMBE ARAGALE..
@@truth...3917 සිංහල උන් හරිම කුහකයි! සුද්දන්ට වුණත් මේ අවස්ථාවේ පණ දෙන්න වගේ ඉන්නේ අරුන් ඩොලර් ගෙනෙන නිසා.. 2100 දී ලංකාවේ බහුතරය මුස්ලිම් වුණහම ඔය ඔක්කොම ඉවරයි. දැන් හොයල බලපන් පැනල යන පාසල් කෙල්ලෝ යන්නේ මුස්ලිම් කොල්ලෝ එක්ක.
@@truth...3917හිතලා බලන්න යුද්දේ කාලේ තරුනවයසේ හිටිය කී දෙනෙක් අද දෙමව්පියෝ වෙලා ඉන්නවද කියලා.එයලා කී දෙනෙක් තමන්ගේ දරුවන්ට මේ රටේ තිබුන ත්‍රස්තවාදය ට විරුද්ධව තිබුන යුද්දය ගැන තමන්ගේ දරුවන්ට කියලා දෙනවද කියලා.😢 ඒ වගේ දරුවෝ ලොකු මහත් වෙනකොට රනවිරුවා අටපාස් විරුවෝ ගානට වැටෙන එක නවත්තන්න බෑ.මොකද උන් දන්නේ නෑ යුනිෆෝම් එකක් හැමෝටම අදින්නත් බෑ.ඒ වගේ කැපකිරිම් හැමෝටම කරන්නත් බෑ කියන එක
බලන්නත් කලින් ලයික් කරන එකම වැඩසටහන 🤟🖤🥷
සුපිරියක් ❤
හිතට මාරම දුකක් දැනුන කතාවක් මේක නම්, විරුවන් 150 කට ආසන්න ප්‍රමාණයක් මියගිය මෙහෙයුමක් 😢😢😢
සන්ජීව අයියෙ මෙ වගෙ ස්තාන වලට ගිහින් වැඩසටහන කරන්න අපිට ඒ තැන් බලන්න..ඉක්මන්ට තව වීඩියෝ එකක් දන්න.විරුවන්ට නිවන් සුව ලැබේවා❤😢
❤️🙏
Great program n great explanation....
නිවරදි නායකත්වයක් තිබුනෙනම් එදා එහෙම නොවෙන්නත් තිබුනා. කතාව අහනකොට සමහර තැන් වලදි ඒක තේරෙනවා.
තිස් අවුරුදු යුද්දේ බොහෝමයක් අවස්තා තියෙනවා දේශපාලකයන්ට අවශය විදිහට කරන්න ගිහිං නිකරුනේ වටින රනවිරුවෝ නැති කරපු
Ow eka atha. Deshapalanaya anawashaya balapam wala prathipala thamai ea.
Priceless work done by creator..❤
අපේ උදාර රණවිරුවන් දිවි පුදා රැකි භූමිය ....මෙසේ දැක ගැනිමට ලැබීම වනැස නාලිකාවට ස්තුති වන්ත වෙනවා ...ඒ බිහිසුණු අත්දැකීම් චිත්තරූප ව්දියට මැවිලා පේනවා...එතකොට හිතෙනවා අපි මොනවද කලේ මොනවද කරන්නේ කියල සොල්දාදුවෙක් කියන්නේ ලෝකයේ බිහිසුණුම රාජකාරිය කරන අය...මට මතකයි යුද්ධය දවස් වල පෙන්නුවා ජාතික රූපවාහිනීයෙන් උත්තම පූජා කියල වැඩසටහනක් ඒකේ මේ විදිහටම ඒ ඔපරේෂන් එක ලයිව් යන විදිය පෙන්නනවා....යූටියුබ් එකේ කොටස් කිහිපයක් තියෙනවා ....කොහොම වුනත් යුධ භූමියේ කිසිම අත්දැකීමක් නැති අපිට අපේ විරුවන්ගේ වික්‍රමාන්විත රණ ශූරත්වය ගෙන හැර පෑම කාලෝචිත ක්‍රියාවක් ...👍💜️🇱🇰
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤❤
නියමයි සංජීව.ඒ වගේම 1995 ඔක්තෝම්බර් 16 කරදියනාරු 1 කමාන්ඩෝ සිද්දියත් අරන් එන්න ඔය වගේම...
Mage loku aiya nathiune oya satanedi...
@@sampath-sr1oi Mage hodama yaluwa nathi une ethanadi..Sampath oyala koheda inne?
@@ruchirashanaka9636 RUWANWELLA. Aiya kumarasingha k.A.K.S
මෙතන රජයේ මැදිහත් වීමකින් ස්මාරකයක් හැදුවනම් වටිනවා.
ආදරෙයි විරුවණි හැමදාම ❤❤❤❤
මියගිය සියලු විරුවන්ට නිවන් සුව..... ලැබේවා.....
බොහොම පින් ඉල්ලිම ඉටුකරාට
මම මේ පොත කියවා ඇත මේම පොතේ ඇති සටන ඇසින් දුටු සටනට සහභාගී උනු නිලධාරී විසින්ම පොතක් ලිවීම හා සටන සිදු උන මාන්කුලම් ගම සහා රණවිරුවන් සටන් කලබිම අද තත්වය වීඩියෝවක් මහින් දකින විට පොතේ ඇති සටන බියකරු බව මනාව පැහැදිලි වේ මේම පොත කියවන්න රණවිරුවන්ගේ නිර්භීත කම හා කැපවීම මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
අදත් සුපිරි විඩියෝ එකක්
මගේ තාත්තා තුවාල උනෙත් මේ මන්නකුලම් සටනෙදි 1 CR හිටියේ ❤
ඵදා ඒ මතකය මාරම අමිහිරි ...ඒ රූප තාම මගේ හිතේ තාම තියෙනවා....
අදරෙයි හැමදාම විරුවනි මගේ රටට කරපු සේවය කියා නිම කරන්න බැ ❤🙏
Vanasata thanks. Godak dukai. Niwan dakithwa wirayanta.
බුදු සරණයි සොල්දාදුවන්ට ❤❤❤❤
රණවිරුවන් දිවි පුදා රැක දුන්නු මවු බිම කාලකන්නි පාලකයන් විසින් විනාශ කරනවා . මියගිය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා .
Sanjeewa aiye oyage wedasatahana godak hodai
අද වගේම එදාත් දේශපාලකයෝ කියන්නේ මේ රටට ශාපයක්...🐂
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති උදාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය හිමිවේවා.