International Children's Book Day | ලෝක ළමා පොත් දිනය | Imashi Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • අද අප්‍රේල් දෙවෙනිදා. ගොඩක් අය නොදන්න නමුත් අද සුවිශේෂ දිනයක්. අද දවසේ සුවිශේෂිත්වය තමයි " ලෝක ළමා පොත් දිනය" යෙදිලා තියෙන්නේ අද වීම. ගොඩක් අය දන්නෙවත් නැතුව ඇති මෙහෙම දවසක් තීනවද කියලා.
    සුරංගනා කතා ලෝකයේ පියා ලෙස විරුදාවලියලත් ඩෙන්මාර්ක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (Hans Christian Andersen) ළමා සාහිත්‍ය වෙනුවෙන් කරනු ලැබූ මහත් සේවයට උපහාර පිණිස ඔහුගේ උපන් දිනය යෙදෙන අප්‍රේල් 2 (1805 අප්‍රේල් 2) වෙනිදා ජාත්‍යන්තර ළමා පොත් දිනය ලෙසින් නම් කොට තිබේ. අප්‍රේල් 2 වෙනිදා ජාත්‍යන්තර ළමා පොත් දිනය ලෙසින් සැමරීම මුල්වරට ආරම්භ කෙරුණේ 1967 වර්ෂයේදීය.
    ඔහුගේ ජනප්‍රියම සුරංගන කතා විදිහට Thumbelina, The little mermaid , The snow Queen, The ugly Duckling අදටත් ප්‍රසිද්ධ බව ප්‍රසිද්ධ රහසක්.
    ඇන්ඩර්සන්ගේ කථා මුද්‍රා නාට්‍ය සහ චිත්‍රපට සඳහා ආභාෂය ලබා දී ඇත. Thumbelina (1835), The Emperor's New Clothes (1837), The Little Mermaid (1836) සහ The Princess and the Pea (1835) ඔහු නිර්මාණය කළ පොත් සජීවිකරණ අනුවර්තන ලෙසද නිර්මාණය විය.
    ලොව පුරා සිටින මිනිසුන්ට හොඳ පොතක් රස විඳීමට හැකි වන පරිදි ළමා පොත් දිනය නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙම දිනය ළමා පොත්පත් කෙරෙහි අවධානය යොමුකරනවා සේම අන් අයවද කියවීමට පොළඹවන දිනයකි. මෙම දිනය නිර්මාණය කරන ලද්දේ IBBY ලෙසින් හැඳින්වෙන යෞවනයන් සඳහා පොත් පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලය විසිනි.
    සෑම වසරකම, ළමා පොත් දිනයේ ජාත්‍යන්තර අනුග්‍රාහකයා වීමට යම් රටකට අවස්ථාව ලැබේ. දවසේ අනුග්‍රාහකයාට තේමාවක් තෝරා ගැනීමට හැකි වන අතර, සත්කාරක රටෙහි ප්‍රමුඛ ලේඛකයෙකුට ලොව පුරා සිටින දරුවන්ට පණිවිඩයක් ලිවීමට ආරාධනා කරනු ලැබේ. මෙම උත්සවය ප්‍රචාරණය කිරීමට සහ අලෙවි කිරීමට යොදා ගන්නා පෝස්ටරයක් එකතු කිරීම සඳහා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු ද තෝරා ගනු ලැබෙන බව සඳහන් වේ.
    අපේ ළමා සාහිත්‍ය දිහා බැලුවම නොමැකෙන මුල්ම නම වෙන්නේ කුමාරතුංග මුනිදාස මහතා. දරුවන් වෙනුවෙන්ම රචිත "මගුල් කෑම, හීන් සැරය , හත්පණේ හිටිගමන් පණ යන කිරි හාමි, ළමා ලෝකයට අපූරු හාස්‍යමය රසයන් එකතු කරනවා.
    ඒ වගේමයි මාටින් වික්‍රමසිංහයන් ලිව්ව" මඩොල්දූව " පොතත් අමතක කරන්න බැහැ. ළමා සාහිත්‍ය කිව්ව ගමන් අපිට මතක් වෙන නමක්. උපාලිගෙයි ජින්නගෙයි ලස්සන වගේම වීර ගමන ගැන. ඒ භාෂාව ළමයෙක්ගෙ විතරක් නෙමෙ වැඩිහිටියෙක්ගෙ හිතේ වුණත් චිත්ත රූප මවන්න තරම් තියුණුයි.
    ඒ වගේමයි ළමා සාහිත්‍යය ගත්තහම ටී.බී ඉලංගරත්නයන්වත් අමතක කරන්න බැහැ . "අඹයාලුවෝ" සහ "හපනා" කියන්නේ ළමා පොත් අඹරේ ප්‍රකට නම් දෙකක්.අඹ යාළුවෝ පොතේ කුල පංති දෙකක ගැටීම මැද ගලාගෙන යන නිමල්ගෙයි සුනිල්ගෙයි මිත්‍රත්වයත් හපනා පොතේ එන අමාරිස්ගෙ සන්නාසියන්ට එරෙහි වීර වික්‍රමාන්විත ක්‍රියාවනුත් දරුවන්ගෙ හිත්වල රැදෙන්න සමත් වුණා.
    මෙතනින් එහාට ළමා කතා පොත් කිව්වම මතකයට එන්නේ සෝමවීර සේ්නායකයන්ගෙ "ගඟාද්දර කැලේ" පොතත් කුලසේන ෆොන්සේකා මහතාගේ "සෝමපුර වීරයෝ" පොතත් විතරයි.
    එතනින් එහාට ළමා කතා පොත් කිව්වම මතකය එන්නේ ආදරණීය සිබිල් වෙත්තසිංහ නැන්දාව. තමන්ම ලිව්ව තමන්ගෙම චිත්‍ර වලින් සැරසුව ලස්සන පාට පාට පොත් ගොඩක් සිබිල් නැන්දා පුංචි ළමයි වෙනුවෙන් ඉතුරු කරලා තියෙනවා.
    එතනින් පස්සෙ ජානකී සූරියආරච්චි අක්කත් දරුවො වෙනුවෙන් ලස්සන පොත් ගොඩක් නිර්මාණය කරමින් ඉන්නවා.
    ඉතින් අද අපි කතා කරේ ලෝක ළමා පොත් දිනය ගැනයි. ඉතින් අපි ආරාධනා කරනවා අපේ චූටි බබාලටත් පොඩි කාලේ ඉඳලම පොත් කියවන්න පුරුදු වෙන්න කියලා.

ความคิดเห็น •