පූජා Pooja 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • යොවුන් නවකතා රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින් රචනා කල පූජා නවකතාව ඇසුරින් එරංග සේනාරත්නයන් අතින් නිර්මාණය වූ මේ ටෙලිනාට්‍යය 2005 වසරේ දී ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය විය. පූජා නවකතාව නිසාම මේ ටෙලිනාට්‍යය ඉතාමත් ජනප්‍රිය වූ අතර ඕෂධී හේවාමද්දුම එවකට නැගී එන නිළියක් ලෙස ඉමහත් ජනාදරයට පත්වූවාය.
    තරුණියන්ගේ සිත් වසඟ කරවන නවකතා රචකයෙක් වන නිර්මල දියදහර සේනානායක, සිය රෝගී වූ දරුවා ජීවත්කරවීමට මහත් පරිශ්‍රමයක් දරද්දී, ඔහුගේ නවකතාවකට වසඟ වූ පූජා නමැති පොහොසත් රුවැති තරුණියක් ඔහුට උමතුවෙන් මෙන් පෙම් කරයි. ඇය විසින් ඔහුට තම අනන්‍යතාව හෙලි නොකරමින් විවිධ තෑගි භෝග දෙන අතර, දෛවෝපගත ලෙස පූජාගේ පවුලට අයත් වෙළඳ දැන්වීම් ආයතනයක රැකියාවට යයි. එතැන් සිට ඔවුන් දෙදෙනාගේ ජීවිත විවිධ ගැටුම් මධ්‍යයේ ගලා යන අතර කතාව අවසානයේ දී නිර්මලගේ දරුවාගේ රෝගී තත්ත්වය සුවවන්නේ ද පූජා විසින් ලබාදුන් මුදල් වලින් සිදුකරන ලද සැත්කමක් මගිනි.
    මෙය හුදු ප්‍රේම කතාවක් ම නොව, සමාජයට වැපිරිය යුතු මානුෂීය ගුණාංග පිළිබඳව ඉතාමත් සංවේදී ලෙසින් ප්‍රේක්ෂකයින් තුළට ගෙනයන සමාජ සත්කාරයක් බඳුය.
    මෙහි රංගනය සඳහා සුරාජ් මාපා, ඕෂධී හේවාමද්දුම, රෙක්ස් කොඩිප්පිලි, ගයනි ගිසන්තිකා, ඥාණාංග ගුණවර්ධන, තරූෂි පෙරේරා, සරත් චන්ද්‍රසිරි, නුවන්ගි ලියනගේ, ලක්ෂ්මී දමයන්ති, දමිතා සළුවඩන, රංජිත් ගාමිණි පෙරේරා, ස්වර්ණා රත්නායක, ඈන් ෂෙහානි ඩැනියෙල්, ප්‍රවීණා විරාජිනි, රූපා ඉන්දුමතී, කුමාරි පෙරේරා, ඩොටි ජයසේකර, ප්‍රේමදාස විතානගේ ඇතුළු නළු නිළියන් රැසක් දායක වූ අතර බන්දුල විතානගේ සහ රෝහිත ඩයස් යන රංගන ශිල්පීන් ආරාධිත රංගනයෙන් දායක වූහ.

ความคิดเห็น • 39

  • @Journey_of_life_ntmw
    @Journey_of_life_ntmw 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මේකතාව.... හරිම දුකයි... පරණ මතකයක් ආයෙ අළුත්වෙනව.... අනේ ඒ කාලෙ කොයිතරම් සුන්දරද... මගෙ ඇස්වලට කඳුළු ආපු වාර අනන්තයි මේ කතාව බලද්දි...😢😢😢

  • @Katharushika
    @Katharushika ปีที่แล้ว +3

    මම අද තමයි පූජා පොතත් කියවන්න ගත්තේ ❤ එදාම මේ ඩ්‍රාම එකත් අහම්බෙන් දැක්කා 🥺🥺🥺

  • @chandimamadushani1156
    @chandimamadushani1156 2 ปีที่แล้ว +5

    තේමා ගීතයේ පදවැල්, තනු නිර්මාණය හා ගායනය අතිසංවේදී... හරිම ලස්සනයි. ඒ වගේම පූජා ටෙලි සිත්තමත් හරිම ලස්සනයි. ලස්සන අවසානයක්... ❤

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +8

    අනේ පරන ටෙලිනාට්‍ය කොච්චර ලස්සනද? අනික මහේශ් රත්සර මද්දුම ආරච්චි මහත්මයාගනෙ🌷❤🌹🌼🌻

  • @ktdperera88
    @ktdperera88 3 ปีที่แล้ว +9

    2005 මෙක යනකොට මම 13 වසරෙ.එ කාලෙ ගිය මේ කතාව මට අද වගේ මතකයි.....හැමදම මෙක බැලුව...හිනයක් වගෙ..

  • @shantravelslk
    @shantravelslk 4 ปีที่แล้ว +11

    දැනට නිර්මාණය වන කිසිඳු අර්ථයක් නොමැති ටෙලිනාට්‍ය අතර මෙවැනි ටෙලිනාට්‍ය ඉතා ඉහල අගයක් ගැනීම පුදුමයට කරුණක් නොවේ.
    මා දැනට සෞදි අරාබියේ කන්ටේනර් රියදුරෙකු ලෙස සේවය කරන අතර මා වැඩ කිරීමෙන් ලබන⁣ වෙහෙන අමතක කර දැමීමට මෙම නිර්මාණය සමත් වූ අතර මෙය එක දිගට මා නරඹා අවසන් කලා සේම නෙතට කඳුලක් එක් කලේය.

  • @asidisi4147
    @asidisi4147 4 ปีที่แล้ว +6

    මගේ ජීවිතයෙ මං බලපු ලස්සනම tele drama කීපයෙන් ලස්සනම කතාවක්... මේ කතාව බලන කාලෙ ඇස්වලට කඳුළු ආපු අවස්ථා අප්‍රමාණයි.... ඕළු, බට්ටි කතා දෙකත් තියෙනව නම් දාන්න...

  • @gaysuchagu9638
    @gaysuchagu9638 3 ปีที่แล้ว +6

    ඒ කාලේ ඕෂදී හරිම ලස්සනයි

  • @tmthusitha4827
    @tmthusitha4827 3 ปีที่แล้ว +8

    මේ තරම් ජීවිතේට දැනුන ටෙලිනාටයක් නෑ.. මේ මගේ කතාවමද ? තාමත් ඒ හීනේ ජීවත් වෙනවා

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว

      ගොඩක් අවංකව ආදරේ කරපු අයට මේ වගේ කතාවක් තියෙනවා...

  • @VenuraNamal-lc2fb
    @VenuraNamal-lc2fb ปีที่แล้ว +1

    ලස්සනයි

  • @mrasanjani
    @mrasanjani 3 ปีที่แล้ว +5

    කතාව බලා ඉවර වී, තේමා ගීතය නැවතත් අහන්න ආවා. එය හරිම මිහිරියි, ලයාන්විතයි. කතාවට හොඳින් ගැලපෙන අනුවේදනීය පද රචනය...
    නොයෙකුත් අන්දමේ මිනිස් හැඟීම්, වද-වේදනා මැනවින් විදහා පෙන්වන සංවේදී කතාවක්. රඟපෑම් හරිම තාත්විකයි. සියලු දෙනාටම බොහොම ස්තුතියි.

  • @asokabandara2639
    @asokabandara2639 ปีที่แล้ว +1

    Poojage charithayata godak adarei

  • @donranil4613
    @donranil4613 3 ปีที่แล้ว +4

    Puja you like a dream ❤️

    • @donranil4613
      @donranil4613 3 ปีที่แล้ว +2

      I’m loving and dreaming u forever oshadi ❤️🌹

  • @damithkumara6618
    @damithkumara6618 ปีที่แล้ว +1

    Niyama

  • @nipunkumara3697
    @nipunkumara3697 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Kalin beluwa ayeth balanna gaththa.Thank you💐💐 madhawa malli puluwannam olu kathawa denna

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว

      ඕලු මන් ළඟ තියෙනවා

  • @sandunranamaura2899
    @sandunranamaura2899 11 หลายเดือนก่อน

    Sarath Chandrasiri athi daksha kala karuwaata niwan suwa labewa.

  • @tubefuture2609
    @tubefuture2609 2 ปีที่แล้ว

    My favourite sinhala teledrama

  • @udenilakmini999
    @udenilakmini999 10 หลายเดือนก่อน +1

    Suraj❤

  • @dileepasandaruwan9989
    @dileepasandaruwan9989 3 ปีที่แล้ว +2

    Godak Asama tele drama eka

  • @thomasperera1978
    @thomasperera1978 5 ปีที่แล้ว +3

    MAMA ASAWEN BALAPU RASAWATH MA SINHALA TELE DRAMA EKA MEY MAMA INNE DUBAI ETH MAMA TH-cam EKA HARAHA BALANAWA VITIN VITA

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @hemahema3163
    @hemahema3163 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Old is gold

  • @nishas8479
    @nishas8479 4 ปีที่แล้ว +2

    Athi wishishtai

  • @sumalboy
    @sumalboy 3 ปีที่แล้ว

    මේ කතාව tv චැනල් එකේ තියනවා ඔයගේ චැනල් එකට රිපොර්ට් වදී අපරදේ ඉක්මනින් අයින් කරන්න එහෙම වෙන්න කලින් අයියේ.

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  3 ปีที่แล้ว

      Thank you malli. Mata puluwan nam a videos vala link ekak denna

  • @shanisenadeera3526
    @shanisenadeera3526 2 ปีที่แล้ว

    RIP sarath Aiya

  • @velorahan579
    @velorahan579 3 ปีที่แล้ว +1

    Meka koi kale giyapu ekakda

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว

    Kande gedara full drama eka upload karanna

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  4 ปีที่แล้ว

      Ananda Abeynayaka මහතාගේ චැනලයේ දැන් එතුමා ම කන්දෙගෙදර ටෙලිනාට්‍ය දාන්න පටන් අරගෙන තියෙනවා

  • @janakasugath9975
    @janakasugath9975 4 ปีที่แล้ว +1

    කතාව හොඳයි නේද

  • @VenuraNamal-lc2fb
    @VenuraNamal-lc2fb ปีที่แล้ว +1

    ලස්සනයි