ความคิดเห็น •

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +435

    වසර ගනනකට පෙරාතුව මා විසින් සිව්පා සතෙකුට දුන් පොරොන්දුවක් ඉටුකරනු වස් යොදාගත් මෙම ගමන මීට ටික කලකය ඉහතදී සම්පූර්ණ කල ගමනකි කාර්‍යබහුලත්වය හේතුවෙන් ගමනාන්න්ත වල වතගොත ඔබ වෙත ගෙන ඒමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් මුලින්ම සමාව අයැද සිටින අතර ඔබ සියළු දෙනා මග බලා සිටි මෙම රූපරාමුව අද දිගහැරීමට හැකි වීම සම්බන්ධ සන්තෝෂ වෙමි.
    උදුදුම්බර කළුගල ගම්මානයේ Knuckles වනාන්තරයේ එක්තරා සීමාවක පිහිටි මනරම් මන්ස්කාන්ත දර්ශණයන් මවන්නා වූ ඉතිහාස කතා වලට පණ පොවන්නා වූ තේජවන්ත යහන්ගල රාජයා Knuckles කඳුවැටියේ එක්තරා සුවිශේෂීම කඳු මුදුනකි, කන්දක් උඩ කන්දක් ලෙස පිහිටා ඇති මෙහි පිහිටීම Knuckles හි අන් කවර තැන් වලටත් වඩා වෙනස්වීමම එම විශේෂත්වයට තවත් හේතුවක් ය,
    මීට වසර තුනකට පමණ පෙරාතුව තනිවම යගන්ගල සොයා ගිය ගමනේ මා හට මග පෙන්වූ තනි රැකූ බෲනෝ කොලුවා බැලීම මෙම ගමනේ ප්‍ර්ධානම අරමුණක් වූ අතර ඔබ හට පැවසීමට යමක්ද ඇත,
    මෙවර ගමන ආරම්භයේ මදක් දුර ගෙවා යන විටම පෙර දිනයේ කඳු මුදුනට බෲනෝ කොළුවා ගිය බවට ඔහුගේ අයිතිකාර මාමා පැවසූ අතර අතර මග ඔහු හමුවීමත් සමඟ මාගේ සතුට ඉහවහා ගියේය,
    එහෙත් මා සිතා සිටියේ ඔහු පිරිමි සතෙකු සිතාය නමුත් බෲනෝ යනු ගැහැණු සතෙක් බව මෙවර මා හට පසක් වූවත් එය හිතට තරමක් සැකසහිත කාරණාවක් විය, වසර ගණනාවක් ගතවූ බැවින් ඔහුගේ සමේ පාට මා හට නිච්චියටම මතක නැත එහෙත් අර මාමා පැවසූ ආකාරයට යන්ගල යන බව්වා මොහුම විය, ගමන අහවර කර නිවෙස කරා මා ආ පසු මා පරණ රූපරාමු අවුස්සා සොයා බැලුවෙ බෲනෝ යනු කෙල්ලෙක්ද කොල්ලෙක්ද යන වගය, එහෙත් පරණ රූපරාමු වල සිටියෙ පිරිමි සතෙකුය, එවිට ඔහු දැන් කෝ ??? 🥺😲
    මා හට තවමත් ඇත්තේ පුදුමයක් ය , නිවසේ මාමා පැවසූ ආකාරයට මේ එම බව්වා විය නමුත් ඔහු ගැහැණු සතෙකි,වසර තුනකට පෙරාතුව මා සමඟ ගියේ මෙම නිවසේම බව්වාමය ඔහු පිරිමි සතෙකි , 🥺🥺 එය විමසීමට හැකි අයෙක් නැවත මා එන විට නිවසේ නොසිටි බැවින් තවත් කුතුහලයක් රඳවාගෙන මා ගමන අවසන් කළ අතර තවත් දිනෙක එහි යාමට මා අදිටන් කල ගතෙමි.
    ගමනේ තවත් විශේෂයක් ලෙස කලකට පෙර මා සිත පහළ වූ හිතුවක්කාර දොළදුකක් සංසිදුවා ගැනීමට හැකි වීමත් තවත් ජයග්‍රහණය කි,එහෙත් එය ඔබගේ විවේචනයට ලක් වන බවද මා දනිමි 🙏.
    කෙසේ වූවත් අසීරු යහන්ගල තරණය කිරීමට විනාඩි 9ක් වැනි කාලයක් තුල සිදුකිරීම තුල මාගේ දොළදුක සංසිඳුනි 😌
    ගමනේ සුන්දරත්වට ත්‍රාසය ඔබට විඳීමට ඉඩ හැර මම නවතින්නම් දෙවැනි කොටසින් හමුවනකන් ඔබ සියළු දෙනාටම ජය 🙏❤💙🍃
    ලොකු කාලයක් Channel එකේ Video නොදැම්ම නිසා පොඩ්ඩක් Channel එක Down වෙලා හැමෝම Comment එකක් දාගෙන Link එක Whatsap Share කරගෙන යමුද 😊❤💙🍃

    • @KalugeShani1992
      @KalugeShani1992 ปีที่แล้ว +7

      ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +3

      @@KalugeShani1992 💙❤🍃🥺

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 ปีที่แล้ว +2

      Athi yantham vedio ekak demma....oyage vedio balann purudu kare mage akki kenk...eya videshiya rataka jewath wenne....thaniyama me wage place ekakta yanwa kiyanne lesi naha.....supiri character ekak solo hiker......solo hiker ta me sadha udaw karanna u siyaluma balwega walata man pin denwa..lesi nah me wage palce ekakta thaniyama yanwa kiynne......ma wishwasa karanna u siyalau ma balawega wala asirwadya lebenna oni oyata.....oyage idiri gamanata.....uthum sri dalada wahansege pihitai,,,gambara apchchita barai....

    • @yasasmanualaamarasingha4897
      @yasasmanualaamarasingha4897 ปีที่แล้ว +1

      Ayye ae Bruno nemei aiiye ...eya nemei mata hithana vidihata

    • @gaayusamarakoon5787
      @gaayusamarakoon5787 ปีที่แล้ว +8

      බෲනෝගෙ කතාවටනම් හිරිවැටුණා😬 🥺❤️

  • @Saumya_Mudalige
    @Saumya_Mudalige ปีที่แล้ว +65

    ඇස් වලට කඳුලු ආවා බෲනො දැකලා 🥺
    සතා සිව්පාවට , ස්වභාදහමට ආදරේ මිනිස්සුන්ට කවදාවත් කිසිම කරදරයක් වෙන්නෙ නෑ 😌❤

  • @sadalisadali553
    @sadalisadali553 7 หลายเดือนก่อน +7

    බෲනෝ කියන්නේ සොබාදහම ඔයාට දීපු තෑග්ගක් වෙන්න පුලුවන්. සොබාදහම කියන්නෙම මායාවක් ..... ඉතින් බෲනෝත් එහෙම මයාවක් වෙන්න පුලුවන්..... හැමදාම හිතේ රැදුන ආදරණීය මායාවක්❤️🌻🌿🌈

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 ปีที่แล้ว +137

    සෝලෝ අයියගෙන් ඉගන ගන්න ගොඩක් දේ තියේ.සොබාදහමට ආදරේ කරන විදිය,මිනිස්සුන්ට කතා කරන ආදරණීය බව,සරලකම,සත්තුට දක්වන ආදරේ මේ ඔක්කොම🥺 සුන්දර මනුස්සයෙක් ඔයා💚

  • @Dinusha85
    @Dinusha85 ปีที่แล้ว +61

    උබ නියම කොල්ලෙක් මල්ලි, කරන දෙයක් පරිස්සමෙන් කරපන්..ලංකාවේ සොලෝ කදු නැගිල්ල කලාවක් නම් එකේ පිකාසෝ උබ මල්ලි!! ජය වේවා!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +2

      ජයම අයියා 💙🍃❤

  • @thejanipoornika539
    @thejanipoornika539 4 หลายเดือนก่อน +4

    නූතනයේ දසමහා යෝධයෙක්, ශක්තිවන්තයෙක්, පින්වන්තෙක්! නිරතුරු ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා solo hiker! Triple-gem bless you! 💚🍃🌻

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf ปีที่แล้ว +68

    මොකද කින්නෙ අයියේ travel පිස්සෝ පිස්සියෝ ටිකක් එක්කන් යමුද දවසක hike එකක්😁 කෝ කැමති අය එන්න බලන්න මේ පැත්තට🙌😁 Solo අයියා එක දවසකට group වෙමු😁

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 ปีที่แล้ว +41

    ඒ අහිංසක සත්වයා සමග මෙවැනි දුෂ්කර ගමනක් ගොස් පරිස්සමෙන් ආපසු රැගෙන ඒම අතිශයින්ම විශ්මිතයි..ඒවගේම ඔහු කෙරෙහි දැක්වූ ඔබගේ සත්ව කරැණාව පිළිබඳව මහත් සේ සතුටු වෙමි..කෙසේ හෝ හැකි ඉක්මනින් ඒ සත්වයා නැවත දකින්නට ලැබේවා...ඔහු ඇතුළු සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සියලු කරදරවලින් ආරක්ෂා වෙත්වා ...
    මෙවැනි අතිදුෂ්කර සංචාරවලදී ඔබගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වන්න.හැකිනම් තවත් එක් අයෙකු ගමනට සම්බන්ධ කරගන්න..
    තෙරුවන් සරණයි.!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි බොහෝමත්ම ස්තූතියි 💙❤🍃

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 ปีที่แล้ว +23

    සතා සිව්පාවට සහ පරිසරයට ආදරෙ කරන අයියට respect 😇❤️

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf ปีที่แล้ว +47

    පෙරුම් පිරුවත් දකින්නට නොහැකි මේ තැන්🥺
    දකින්නට පිං කරලා ඇති ඔය ඇස්😍
    කෙරුවට අපේ නෙතුත් පිංවත්🥺
    නුඹව රකිනා දෙවිටත් ලැබේවා මේ පිං🙏🏻
    🙏🏻🌎🤍🍃
    -කවී🌻-

  • @damindutharinda8815
    @damindutharinda8815 ปีที่แล้ว +4

    බෲනෝ කොල්ල්ටයි අලුතෙන් හම්බුන කොල්ලටයි දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @charithaanjali2007
    @charithaanjali2007 ปีที่แล้ว +86

    අපේ කොල්ලො කෙල්ලොන්ට ලොකු ආදර්ශයක් ❤ ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි.❤ හොදම උදාහරණය solo hiker ❤

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +17

    පොරොන්දුවක් ඉශ්ට කරන්න වෙච්ච කැපවීම ගොඩක් වටිනවා වගේම ඒ මනුස්සකට හදවතින්ම ගරු කරනවා ❤
    ඔබට බුදුසරණයි සහොදරයා 🙏

  • @dinindutharana4027
    @dinindutharana4027 ปีที่แล้ว +30

    ‘අපට හවුවෙන සමහරක් චරිත (සතෙකු හෝ මිනිසෙකු ) හමුවෙන්නෙ එක් වරයි නමුත් ඔවුන්ගේ මතකය කිසිදා අමතක නොවෙන්න තරම් හිතේ කිදාබහිනවා.’
    මා සිතනවා අයියාට බෲනෝ එහෙම චරිතයක් කියල. අයියව මට හමුවුන video එක බෲනෝ එක්ක යහන්ගල hike එක මටත් අමතක නොවෙන චරිතයක් බෲනෝ ඉන්න තැනක හොදින් ඉන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා….! 🥺🍃💗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +1

      ඔව් මල්ලි 🥺💙🍃❤

  • @asadilshan
    @asadilshan ปีที่แล้ว +21

    බල්ලව දකිද්දි නම් මටත් හරි සතුටු හිතුන ඒත් මටත් ඒ සැකේම ආවා අයියෙ ඒ බෲනොමද කියලා ඒ..මොනවා උනත් අපිට දකින්න නොලැබෙන ලස්සන අපිට පෙන්නන බොරු සෝබන නැතුව ඇත්තටම පරිසරය විදින ඔයාට ගොඩක් ස්තූතු..

  • @TheForeverTraveller
    @TheForeverTraveller ปีที่แล้ว +8

    මිනිස්සු ට වඩා සත්තු න්ට මනුස්සකම තියෙනවා මේ video එකෙන් එක හොදටම ඔප්පු වුනා 💗 පරිස්සමෙන් අයියෙ බුදුසරණයි 😊

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 ปีที่แล้ว +9

    මනුස්සයෙක්ට සතෙක් එක්ක තියන බැදීම හරි පුදුමාකරයි.. ඒ ලෙංගතුකම ආදරනිය බව තවත් මනුස්සයෙක්ගෙන් බලපොරොත්තු වෙන්න බැරි තරම්..

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 ปีที่แล้ว +15

    නියමයි අයියේ රට ගැන දැනෙන ආදරය කියලා නිම කරන්න බෑ. ඒ ලස්සනට ඇගේ හිරිගඩු පිපුනා. මාත් කවදා හරි යහන්ගල තරණය කරනවා අනිවාර්යයෙන්ම. අයියට ජයෙන් ජය.❤🥺💪🇱🇰🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      ජයම මලයා ❤🍃💙

  • @HC_Raptor01
    @HC_Raptor01 ปีที่แล้ว +25

    මමත් ගියපු බය හිතුනම hike එක යහන්ගල , ඒවගේම ගිහින් තියන තැන් වලින් හිතට තදින්ම දැනුන තැනක්. මොන trip එකක් ගියත් මාත් එක්ක ගියපු අනිත් යාලුවො ටිකටත් මතක් වෙන්නෙ යහන්ගල ඒ වගේද කියල. යහන්ගල ගියපු ගමන අමතක වෙන්නෙ නැති සුන්දර අත්දැකීම් ලැබුන ගමනක්.🍃❤️⛰️
    බුදු සරණයි ! අයියා ඔයාටත් පරිස්සමෙන් ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි මල්ලි

  • @senishanawarathna3485
    @senishanawarathna3485 ปีที่แล้ว +17

    දීපු පොරොන්දුවක් හදවතින්ම ඉටු කරපු කෙනෙක් මගේ ජීවිතේ දකින්න තරම් මම පින් කරල සහෝදරයා. ඔබේ උතුම් මනුශ්ය ගුනාංග තව තවත් වැඩි වේවා සහෝදරයා. මනසින් වැටුනු වෙලාවට ඔබේ විඩියෝ බලල ආපහු නැගිටින්න පන්නරේ ගන්නව මම.යහන්ගල නැගීම බෝහෝ අමාරු කාර්යයක් නමුත් ඔබ අප වෙනුවෙන් කල ඒ ගමනට හදවතින්ම ස්තුති කරනව.ඔබ කොතන ගියත් ඔබට ඉදිරියටම යෑමට මහා ශක්තියක් ලැබේවා.සියලු දෙවිවරු ඔබව රකිත්වා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sandunimadhushani9427
    @sandunimadhushani9427 ปีที่แล้ว +16

    ඒ මනුස්සකමට රෙස්පෙක්ට් අයියේ🥰❤️
    අද කාලේ මිනිස්සු මිනිස්සුන්ට දෙන පොරොන්දුවත් ඉටු කරන්නැති කාලෙක
    තනි වචනෙන් කිව්වොත් අයියා පට්ට පොරක් ආඩම්බරයි අපිටත්
    අපේ එකෙකි මේ මිනිසා🌼🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      ස්තූතියි නංගි 💙🍃❤

  • @kethakigangadari8527
    @kethakigangadari8527 ปีที่แล้ว +8

    වචන අහිමිව ගොස්...
    හුස්ම නොවැටෙන තරම්...
    වෙහෙසයි මටත්..
    නුඹ එක්ක නැඟ යහන්ගල...
    කියනතුරු බලා හිටියා ඇතැයි කියා...
    සත්තයි බලං උන්නා
    නුඹෙ හුස්ම දිහා...
    මේ ලෝකෙ ලස්සනම තැන ලංකාව..
    ඒ ලස්සන ඇස්වල.තවරන නුඹට පිං..
    Weldone bro🤘🤘🤘🤘🌳🌴🌲🌹❤️

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 ปีที่แล้ว +23

    මල්ලිව අපිත් මුලින්ම දැක්කෙ යහන්ගල වීඩියෝවෙන්..එදා මෙදා තුර ඔයා ආව ගමන දිහා අපි බලාගෙන හිටියා..ගොඩක්ම ආසාවෙන් මේ වීඩියෝවත් බැලුවා.."ට්‍රැවල් ජීවිතේ" අපට හම්බවුන හොඳම නිහතමානි යාලුවෙක් ඔයා.. ඔයාගේ ගමන තව තවත් සාර්ථකව යන්න සුභ පැතුම් ඔයාට....💚💚💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +1

      ස්තූතියි අක්කා අයියා 🍃💚♥️

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +26

    කාලයක් බලාගන හිටියා මේ ගමන බලන්න. ගොඩක් ආසාවෙන් බැලුවා. 💚
    ජීවිතයට එන ඕනෑම අභියෝගයක් ජය ගන්න හැකියාව ඔයා තුල තියෙනවා මල්ලී.
    ඔයාගෙ කරුණාවන්ත කම, නිහතමානී කම ජීවිතේ හැමදාම තියාගන්න. ඒවා ඔයාව ඉදිරියටම අරගෙන යයි.
    සුභ පතනවා ඔයාට.
    දෙවි පිහිටයි !
    වෙනදා වගේම අදත් බොහොම ස්තුතියී Solo Hiker ❤💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි අක්කේ ❤🍃💙

  • @kkjewwani3498
    @kkjewwani3498 11 หลายเดือนก่อน +4

    ඹබ වැනි පුතුන් බිහි කළ දෙමව්පියන්ට බොහෝ මත් පිං බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤💙🍃🙏

  • @thimukawitharana
    @thimukawitharana ปีที่แล้ว +24

    අපිට ලංකාවෙ සුන්දරත්වය පෙන්නන්න දරන මහන්සියට ගොඩාක් පිං 🥺. පරිස්සමින් අයියේ❤. බුදු සරණයි❤️😚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +1

      බුදුසරණයි මල්ලි ❤🍃💙

  • @MadushikaShyamali
    @MadushikaShyamali 9 หลายเดือนก่อน

    Ammo...ekanam maru...❤️❤️ lagadi channel eka hamba une...video okkoma balanawa..👍👍

  • @Piumihansikaoffical
    @Piumihansikaoffical ปีที่แล้ว

    Wowwww supiriyak thamai mekathhh❤️

  • @nethuv4951
    @nethuv4951 10 หลายเดือนก่อน +1

    අපේ අම්මත් එක්ක මේ වීඩියෝ බලනව. එයා හරිම ආසයි . ගොඩක් පින් solo මේ වීඩියෝ දානවට.❤

  • @techgeekacademy3906
    @techgeekacademy3906 ปีที่แล้ว +9

    අන්තිම ටිකේ කරපු වැඩේ නම් ආය කරන්න එපා ලේත් උණු වෙලා තිබුනේ ⁣ආය මේ වගේ අවදානම් වැඩ නම් කරන්න එපා අයියට බුදු සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි මල්ලි

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    සුපිරියක් අයියා පරිස්සමෙන් 😮💚🌿 solo කියන්නෙ පිස්සුවක්

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว

    Man asama oyage videos balanna ...sthuthi godaak.....theruwan saranai.

  • @shanikaliyanage3008
    @shanikaliyanage3008 ปีที่แล้ว +1

    Thank u... Video ekata e unata awadanam wada karanne parissamin .... Tharuna lamai

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว

    වෙනස්ම රහක් තියෙන චැනල් එකක්.. ♥️ ජය වේවා මල්ලී.

  • @TNShortsYT930
    @TNShortsYT930 ปีที่แล้ว +1

    සුපිරි ඉතින් හැමදාම

  • @HC_Raptor01
    @HC_Raptor01 ปีที่แล้ว +15

    යහන්ගල ගිහින් ගෙදර ඇවිත් නිදා ගත්තට පස්සෙත් දැනුන යහන්ගල ඉන්නව වගේ 🙂📝

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +9

    32:14 උස තැනකට අමාරුවෙන් ගොඩඋනාම දැනෙන සතුට..අයේ ඉතින් ගලක් හරි කන්දක් උඩට හරි නැගලම බලන්ඩ ඕනි ...සතුටට ඈතට ඇහෙන්න කෑගහලා හූකියන්ඩ හිතෙනවා..ඒ සතුට කියලා නිම කරන්ඩ බෑ..ජයවේවා පරිස්සසමින්...වැඩ කටයුතු කරන්ඩ අයියා..නියම වීඩියෝ එකක්..අපෙ ගෙදර ඔක්කම කට්ටිය ආසාවෙන් බැලුවා..❤️💪🌏👣💚🚶

  • @sapthasandunikapathiraja
    @sapthasandunikapathiraja ปีที่แล้ว +6

    Vedio එකක් විතරක් නෙමෙයි.....ඒක හිත නිවන භාවනාවක්...💚 විදවන ජීවිත අතර ජීවිතේ විදින්න කියාදෙන හරි ලස්සන පාඩමක්....🌿🌺 බොහොම ස්තූතියි අයියා...🙏🧡

  • @deenalochani6715
    @deenalochani6715 ปีที่แล้ว +2

    අද නියමයි අයියේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා.. ඔයා නියමයි අයියේ ❤❤❤❤❤❤

  • @prasangasandaruwan2596
    @prasangasandaruwan2596 ปีที่แล้ว +11

    යහන් ගල තියෙන්නේ අපේ ගමේ චූටි ආඩම්බරයක් දැනෙනවා..❤️සුබ පැතුම් අයියේ

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +7

    මේ මගේ රට නේද කියල මතක් වෙද්දි දැනෙන හැගීම.මේ වීඩියෝ එක අනිත් ඒවට වඩා සුවශේශී...මාර සුන්දරත්වයක් තීන හිත නිවෙන හැගීමක් දැනෙනව. .ජයවේවා සහෝදරයා. ..❤️🍃🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      ජයම සහෝදරයා 🖤🍃❤️

  • @DinuthGaurawa
    @DinuthGaurawa ปีที่แล้ว +4

    ඒ Feeling එක..🥺🍃
    solo hiker ❤

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว +1

    ඒ ලස්සන..🥺💚 vlogs එකෙන් දකින මටත් ඇගේ හිරි ගඩු පිපෙනව ..ඇත්තටම ගියොත් කොහොමට තියෙයිද 🌥🌿 මාරම feeling එකක් . මිදුම යන ටිකත් එක්ක යහන්ගල පේන විදිය 😲😳 carm music එකත් එක්ක දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ .. මරු අයියෙ .. God bless you 🌹💖

  • @Udara1998
    @Udara1998 11 หลายเดือนก่อน +1

    අනේ මචන් කියන්න වචන නෑ බන් . වීඩියෝ එක අන්තිමේදි ඇහැට කදුලක් ආවා 🇱🇰 🔥 . උබට ගොඩක් පින් මචන් ගොඩක් පින් මේ ආශ්වාදය දුන්නට 🙏 . . පරිස්සමින් ට්‍රැවල් කරපන් . උබට බුදුසරණයි ❤

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว +2

    Eka supiri aiya 😍

  • @harshanimuthumali2438
    @harshanimuthumali2438 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි... එනකල් බලන් ඉදපු වීඩියෝ එකක්.❤

  • @dillshanadithya6855
    @dillshanadithya6855 ปีที่แล้ว +1

    Bruuno thamayi solohiker ge turning point eka ❤️😬

  • @asinipieris2171
    @asinipieris2171 ปีที่แล้ว

    හිත නිවන භාවනාවක් වගේ.ලස්සන video එකක්.

  • @savithmadinandi5989
    @savithmadinandi5989 ปีที่แล้ว +1

    The way u called Bruno so sweet ❤ All the best aiya

  • @pahanpinsara6712
    @pahanpinsara6712 ปีที่แล้ว +1

    Sathwa karunawa thiyenna supiri kollek

  • @duli4914
    @duli4914 ปีที่แล้ว +7

    අපේ ලංකාවෙ තියන අපි නොදැකපු ලස්සන හැමදාම අපිට පෙන්නනවට අයියට පින්....බුදුසරණයි අයියේ ❤🥺

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි මලය ❤🍃💙

  • @pramudiliyanage4854
    @pramudiliyanage4854 ปีที่แล้ว +1

    අයියගේ video නම් පිස්සුවක් අයියේ❤️❤️,මට අයියාගේ video බැලුවාම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.තනියෙන් යන ගමන පරිස්සමෙන් යන්න අයියා ❤❤❤🍃🌾🌿

  • @rizkyl9069
    @rizkyl9069 ปีที่แล้ว

    සුපිරියක් ❤🎉

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    Harima lassanai vloge eka jaya wewaaa👍👍

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් ඇත්තටම ලස්සනයි සහෝදරයා. පරිස්සමින් හැමදේම බුදුසරණයි! දෙවිපිහිටයි! සුභ අනාගතයක් ❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ❤🍃💙

  • @chathurikajayamini5850
    @chathurikajayamini5850 ปีที่แล้ว

    මරු අයියා වැඩේ නම් ❤😘

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว +1

    Marama lassani malli.Good luck malli

  • @yesithyatawara5670
    @yesithyatawara5670 ปีที่แล้ว

    තවත් එක් සුන්දර ගමනක් අපිට මේ විදියට ලගා කරාට අයියට ගොඩක් පින්❤️😍

  • @tharushabanneheka1042
    @tharushabanneheka1042 ปีที่แล้ว +54

    අපේ බෲනෝ කලෙකින් 🥺❤ අන්තිම ටිකට ඇගත් හිරිවැටුනා sir දැකපු සුපිරිම hike එකක් 🔥❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +4

      ස්තූතියි තරුෂ 🍃💙❤

    • @TechrowLK
      @TechrowLK ปีที่แล้ว +1

      E ayyge acc number eka ewnko

  • @supulwicky
    @supulwicky ปีที่แล้ว

    supiri aiya ❤❤

  • @dewdunineruda5245
    @dewdunineruda5245 ปีที่แล้ว +2

    සුපිරි අයියා...👌සොබාදහම විදින්න,ආදරය කරන්න ,සතෙකුට උනත් කරුණාවන්ත වෙන්න විතරක් නෙමේ පුලුවම් විදියට මේ ස්භාවධර්මය ආරක්ෂා කරන්නත් අයියගෙ වීඩියෝස්වලිම් ගොඩක් මට දැනුනා..🍃ගොඩාක් ස්තූති අයියා මේ වගෙ නිදහස් හැගීම් ජීවිතේට ඇති කරනවට....💖Handsome කොල්ලයි සුන්දර පරිසරයයි පට්ටපට්ට👌😍 පරිස්සමට මීටත් වඩා හොදට වැඩේ ඉස්සරහට කරගෙන යන්න ..බුදුසරනයි 💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි නංගි ❤🍃💙

  • @thisaridilakshi2250
    @thisaridilakshi2250 9 หลายเดือนก่อน

    පරිස්සමෙන් අයියෙ ❤ බුදු සරණයි

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +7

    පරක්කු වෙලා හරි සුපර් වීඩියෝ එකක් අයියා ❤ traval කරන්න කොච්චර ආස වුනත් තාම ගිහින් නෑ ගෙදරින් තනියම යවන්න නෑ 😢 vedio වලින් තමයි ඒ feeling එක ගන්න 😊❤ බුදු සරනයි අයියා 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි නංගි 💙🍃❤

  • @avishkaumayanga1233
    @avishkaumayanga1233 ปีที่แล้ว +1

    අදරෙයි අයියා.. කියන්න වචන නෑ.. පිස්සුවෙන් වගෙ බලන්නෙ ඔයාගෙ විඩීයොස්❤️🍃🌍

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว

    අම්බේන් දැක්ක 👀විඩ්යෝ එක බලන්න ඔනේ කියලා ඉතුන බැලුවා මරාම ලස්සනයි සුන්දර🌹👌පරිසරයක🍁 සුපිරි විඩ්යෝ එකක් නියමයි.❤😊🙉👍

  • @SB____MUSIC
    @SB____MUSIC 9 หลายเดือนก่อน

    පරිස්සමට යන්ඩ බොසා❤️ගැම්මක්❤️🙂📈

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว +1

    Great content! Happy to see you are fulfilling your promises! Keep it up!

  • @abskeshanimahanama
    @abskeshanimahanama ปีที่แล้ว +7

    ගෙදර හිටපු අපිත් යහංගලට ගියාවගේ feel උනා.. 🍃 ඒ තරම් ලස්සනයි.. හැබැයි පරිස්සමින් මොනා කලත්.. සමහර තැන්වලදි බලන් ඉන්න අපෙත් කකුල් වෙව්ලනව.. මාර ලස්සනට ඒ පරිසරයෙ ලස්සන අපිට විදින්න පුළුවන් උනා.❤️🌷🌷
    කවදාකවත් උත්සාහය අත්නොහරින සහ කරන්න බෑ කියල යමක් නෑ කියලත් සෝලෝගෙ මම ඉගෙනගත්ත..
    ඉතින් ගොඩක් ලස්සනයි..🤍🤍 ඔයාට බුදුසරණයි අයියෙ..❤️🌷🤍🌸
    ඒ වගේම බෲනෝටත්..❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි නංගි 🍃💙❤

  • @Rohan_sanjeewa
    @Rohan_sanjeewa ปีที่แล้ว +1

    අයියේ video එකනම් මාරම ලස්සනයි.කියන්න වචන නෑ. පට්ටම ❤ ❤ බුදුසරණයි🙏🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා 💙❤🍃

  • @anupamaindeewari7066
    @anupamaindeewari7066 ปีที่แล้ว +1

    International level video ekak. Mewa thamai lankawen international yanna ona ape kollonge talents achievements. Great achievement and great video Solo Hiker.... Wel done... Superb video as always. Keep it up... You are simply great...

  • @dinushadilrukshi7499
    @dinushadilrukshi7499 ปีที่แล้ว +1

    ගොඩක් පිං අයියා ඔයාට මේ ස්වභාව සෞන්දර්ය හැමෝටම විදින්න දෙනවාට. 💚🙏💚🏞️⛰️💙

  • @sandeshrashmitha2444
    @sandeshrashmitha2444 ปีที่แล้ว

    gammak kollo
    parissamin yan thanak budu sarani bokka

  • @dunethchadeera5838
    @dunethchadeera5838 ปีที่แล้ว

    Woow ❤ so amazing to watching from the beginning to the end
    ❤️ Cheers you are really great person

  • @user-ur9lx6si7g
    @user-ur9lx6si7g ปีที่แล้ว

    ❤❤❤ broono ❤❤❤ hambei oyata ayye ❤❤❤❤

  • @Cathuvlogs1271
    @Cathuvlogs1271 ปีที่แล้ว +13

    සොබාදහමත් හරියට විදින කෙනෙකුට ඒක ඇබ්බැහියක් වෙනවා....💚💙🌳🌸❤️

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +1

    Ekanm maru aiye.❤

  • @thusharanilmini463
    @thusharanilmini463 ปีที่แล้ว +4

    ස්වභාධර්මය නිර්මාණය කරපු හරි සුන්දර මනුස්සයෙක් මල්ලි.ඒ සතුට අපිටත් විදින්න දෙනවට ගොඩක් ස්තූති 💚🍃👌🐕💚 පරිස්සමෙන්

  • @dreamsvideo1
    @dreamsvideo1 ปีที่แล้ว

    සුපිරි brother ❤

  • @user-wd7kh5ko9o
    @user-wd7kh5ko9o 4 หลายเดือนก่อน

    Oya diha balan inna hama mohothakama mata mage widawa maga arenawa. Mama me sundarathwaya as deken balanna ona unath mage jewithaya dan badim walin prila. Yuthukam wagakim walin hamadetama dan mata haras wela. Mama video bala sathutuwenawa. Aththatama oyata pin... පරිස්සමෙන් හිනාවෙලා සතුටින් හැමදාමත් ඉන්න ❤️❤️❤️

  • @jithmiasankamadhushani2345
    @jithmiasankamadhushani2345 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ❤💙💚 තවත් මෙවැනි සුන්දර videos අප වෙත ගෙන ඒමට හැකිවේවා.. පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏🙏

  • @chamodithaksala3437
    @chamodithaksala3437 ปีที่แล้ว

    ලස්සනයි 😍♥️🍃

  • @ureshkeerthisinghe
    @ureshkeerthisinghe ปีที่แล้ว +1

    ❤🍃නියමයි අයියා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      ස්තූතියි මලයා

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 ปีที่แล้ว +8

    මගේ ටහන්ගල දැක ගැනීමේ සිහිනය සැබෑ කල ඔබට මහා රාවණා ආශිර්වාදය ම ලැබේව්!!!!මා මෑතක දී ආබාධිත වූ වයස55ක පුද්ගලයෙක් මි. තෙරෘවන් සරණයි තරුණයා ඔබට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🍃❤💙🙏

  • @kaleelurrahman2045
    @kaleelurrahman2045 ปีที่แล้ว

    Oya yana vidhiya dhakinnna kota oluva ridhanava ban. Niyamai bro

  • @biciEsentieri
    @biciEsentieri ปีที่แล้ว

    Good job bro! 🎉

  • @SaduniIshara-mj7fc
    @SaduniIshara-mj7fc 9 หลายเดือนก่อน

    අයියේ ඔයා නම් සුපිරි හොදේ. 😎❤

  • @manojisuranga8596
    @manojisuranga8596 9 หลายเดือนก่อน

    Aiye yana gamank parissamen yann one ❤oyata budu saranayi

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 หลายเดือนก่อน

    ඔබ ගැන .pudumai ath aththai ඔබට jayen ජයම වේවා

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +1

    Niyamai❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      ස්තූතියි ❤🍃💙

  • @janujanu4974
    @janujanu4974 ปีที่แล้ว +1

    Super aiye wenada wagema adath niyamai apita yanna beri then walata oya apiwa ekkan yanawa budusaranai parissamin 🙏

  • @chathurinisansala4364
    @chathurinisansala4364 ปีที่แล้ว +3

    විදින්න ආසම විදිය මීදුම අස්සෙ කන්දක් මුදුනක තනියම ඉන්න එක..අයිය ඒක ගොඩක් තැන්වලදි අඩුවක් නැතුව විදිනවා..ඇත්තමයි හරි ආසයි එහෙම දකිද්දි හැබැහින් අයියා විදිනව වගේ විදින්න බැරි උනත් හැම වීඩියෝ එකකින්ම ඒ හැගීම දැනෙනවා..හැමදාම වගේ පිං දෙන්න ඕනේ අයියට...ඇග හිරිවැටුනා හැබැයි උඩට නගිද්දිනම්..සොබාදහමට මෙච්චර ආදරේ කරන අයියට කරදරයක් වෙන්නෙ නෑ..එ උනාට පරිස්සමින් අයියේ.බුදුසරණයි අයියට🙏💚🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      බුදුසරණයි නංගි 🍃💙❤

  • @lucky.516
    @lucky.516 ปีที่แล้ว +1

    Video එක upload කරපු ගමන්ම බැලුවට comment එකක් දාන්න බැරි වුණා හරිම ලස්සනයි අයියේ..අයියගේ වැඩ කටයුතු තවත් සාර්ථක වෙන්න ඕනි..My fav♥️✨️

  • @harshapereramusic
    @harshapereramusic ปีที่แล้ว +1

    සුපිරියක් 🍸❤

  • @nadunjayanath5648
    @nadunjayanath5648 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว

    Ow putha ape rata gena thiyena admbaraya sobadarmayagena kiyala wedak neha pin mewa pennawata. Parissamen puthe budusaranin oabge prarthananituqwwa

  • @juwaninishadini9957
    @juwaninishadini9957 2 หลายเดือนก่อน

    Oya සොබාදහමත් ekka oyawa hoyana gamanata magen suba pathum

  • @hansivlogssl4852
    @hansivlogssl4852 ปีที่แล้ว

    Harima lassani bs aiy

  • @shamasandamali8651
    @shamasandamali8651 11 หลายเดือนก่อน

    ඇත්තමයි අයියේ ඇගේ හිරිකඩු පිපුනා මේක බලද්දි. මාරම ලස්සනයි ❤ බුදුසරණයි අයියා

  • @dumindaperera3578
    @dumindaperera3578 ปีที่แล้ว +1

    Marama lassanai aiya ❤️😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว

      ස්තූතියි මලයා 💙❤🍃

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp 9 หลายเดือนก่อน +1

    අඩෙ අයියෙ ආදරෙයි❤❤❤❤❤❤❤