- 15
- 52 479
Anupama Muhandiram
Sri Lanka
เข้าร่วมเมื่อ 14 ต.ค. 2022
සුභාවිත ගීතයේ අරුත්බර පද පෙළහර
Kuweni - කුවේණි
Kuweni - කුවේණි
මගේ සුන්දර මව් බිම විටින් විට දරාගත නොහැකි අණ විණ වලට ප්‍රාත්‍ර වෙනකොට ඊට හේතු පාදක උනු අනෙකුත් බොහෝ කරුණු අතර "මේ කුවේණියගේ ශාපය" කියල කෙනෙක් කියනවා මට ඇහුණා.
සත් කෝරලයේ කුරුණෑගල නගරය හරහා යන විට හමුවන යක්දෙස්සාගල පහු කරන හැම විටෙකම ඇය සිංහල ජාතියට ශාප කළාය යන කියමන ඇත්තක්දැයි මම මගෙන්ම ප්‍රශ්ණ කළෙමි.
පද රචනය - නීතිඥ අනුපමා මුහන්දිරම්
තනුව, සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය - ආචාර්ය මනෝ මංජරී
සංගීතය මෙහෙයවීම - සරත් ප්‍රනාන්දු
හඬ මුසුව - සුදේව හෙට්ටිආරච්චි
පටිගත කිරීම සහ සංගීත සංයෝජනය - ADICT ශබ්දාගාරය
රූප රචනය - Manavi Creations
මගේ සුන්දර මව් බිම විටින් විට දරාගත නොහැකි අණ විණ වලට ප්‍රාත්‍ර වෙනකොට ඊට හේතු පාදක උනු අනෙකුත් බොහෝ කරුණු අතර "මේ කුවේණියගේ ශාපය" කියල කෙනෙක් කියනවා මට ඇහුණා.
සත් කෝරලයේ කුරුණෑගල නගරය හරහා යන විට හමුවන යක්දෙස්සාගල පහු කරන හැම විටෙකම ඇය සිංහල ජාතියට ශාප කළාය යන කියමන ඇත්තක්දැයි මම මගෙන්ම ප්‍රශ්ණ කළෙමි.
පද රචනය - නීතිඥ අනුපමා මුහන්දිරම්
තනුව, සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය - ආචාර්ය මනෝ මංජරී
සංගීතය මෙහෙයවීම - සරත් ප්‍රනාන්දු
හඬ මුසුව - සුදේව හෙට්ටිආරච්චි
පටිගත කිරීම සහ සංගීත සංයෝජනය - ADICT ශබ්දාගාරය
රූප රචනය - Manavi Creations
มุมมอง: 137
วีดีโอ
Mee Pup Ladim - මී පුප් ලදිම්
มุมมอง 2.5K21 วันที่ผ่านมา
මී පුප් ලදිම් ... සිය කුස නූපන්න ද, ඇසක් සේ දරුවන් සුරකින, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවන් රැක බලා ගන්නා ආදරණීය අම්මාවරුන් වෙත. සංගීතය නිර්මාණය කිරීමේ දී ස්වර 12 ක් ස්පර්ෂ කරන්නටත් ගායනයේ දී එයට උපරිම දායක වීමත් උදෙසා නිලන්ත සිරි සහ ගයනිට මගේ විශේෂ ස්තූතිය. පද රචනය - නීතිඥ අනුපමා මුහන්දිරම් ගායනය - නීතිඥ, විශාරද ගයනි නදීශා පෙරේරා තනුව සහ සංගීතය - නිලන්ත සිරි පතිරණ පටිගත කිරීම සංගීත සංයෝජනය -...
Numbai Mage Devi - නුඹයි මගේ දේවී
มุมมอง 2194 หลายเดือนก่อน
නුඹයි මගේ දේවී ... යහපත් කල්හිද අයහපත් කල්හිද නිරන්තර ලඟ සිටින්නී ඇයයි පද රචනය - නීතිඥ අනුපමා මුහන්දිරම් ගායනය - රණවිරු සම්පත් පලන්සූරිය සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති පටිගත කිරීම සංගීත සංයෝජනය - සුනෙත් කැලුම් ADICT ශබ්දාගාරය
පුතුණු දිය කෙළියට ලැදී - Puthunu Diya Keliyata Ladhi
มุมมอง 2938 หลายเดือนก่อน
පුතුණු දිය කෙළියට ලැදී ... සිය කුළුදුල් දරුවා නැහැවීම මවකට ඉතා සතුට ගෙන දෙන අවස්ථාවකි. ඒ විශේෂ අවස්ථාවට වැඩිහිටියෙකු සහභාගි කරවා ගන්නේ ප්‍රවේසම් සහගතවය වඩාත් අවධානයෙන් එම කටයුත්ත කිරීමට මෙන්ම අශිර්වාදයක්ද වන බැවිනි. මේ එවැනි ආදරණීය අවස්ථාවක හිතේ තැන්පත් ව සංකල්පනාවකි. පද රචනය - නීතිඥ අනුපමා මුහන්දිරම් ගායනය - ප්‍රදීපා ධර්මදාස තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය - නාලක අංජන කුමාර රූප රචනය - මානවී ක...
නෙළු සිත් මල - Nelu Sith Mala
มุมมอง 1449 หลายเดือนก่อน
නෙළු සිත් මල ... බලාපොරොත්තුව මිනිසා ජීවත් කරවයි. හැම බිඳ වැටීමක්ම අයහපතක් වන්නේ ද නැත. හැම ඉටුවීමක්ම යහපතක් වන්නේ ද නැත. පද රචනය -නීතිඥ අනුපමා මුහන්දිරම් සංගීත නිර්මාණය /ගායනය - විශාරද මංගලිකා තෙන්නකෝන් නාද සම්මිශ්‍රණය - සමීර වීරසිංහ රූප රචනය - මානවී ක්‍රියේෂන්ස්
නුඹට ඵලක් වේද මේ යන ගමනා - Numbata Palak Weda Mey Yana Gamana
มุมมอง 2999 หลายเดือนก่อน
නුඹට ඵලක් වේද මේ යන ගමනා ... ගත වෙහෙසා වැඩ කරන බොහෝ අය උපයන දේ මෙන්ම ඔවුන්ගේ ශක්තියද වැය වන්නේ, කැප වන්නේ වෙනත් අය වෙනුවෙනි. අවසන ඔහුට ඉන් ලබනා ඵලක් නැත. වෙහෙස නිවාගන්නට ගයනා සීපදය ඔවුන්ගේ හිත මදකට හෝ සතුටු කරවයි. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ නිර්දේශය මත ආචාර්ය දයාරත්න රණතුංගයන් මගේ වචන වලට ජීවය දුන්නේ වසර 10 කටත් කලින්. එතුමාගේ ගී තැටියට මෙම ගීතය ඇතුලත් කිරීම මා ලද භාග්‍යයක් කොට සලකමි. හෙලයේ ගීත...
Ruwata Pipunu Eka Iththe - රුවට පිපුනු එක ඉත්තේ
มุมมอง 166ปีที่แล้ว
රුවට පිපුනු එක ඉත්තේ... සමාජය වපර ඇසින් බලන ඇතැම් මනුෂ්‍ය කොට්ටාශ තුල වුවද උතුම් මිනිස් ගුණ ගැබ් වී ඇතැයි සිතුනු විටෙක මේ ගීතය ලියැවී ඇත. එවන් ව මිනිස් කොට්ඨාශයක සිත් සතන් පහන් කරවනු පිණිස මේ ගීතය හේතු වේවා.. පද රචනය - නීතීඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් බෝගොඩ ගායනය - යෞවනයේ පිඹිදෙන ගායන තරුවක් වන ලිහිණි මිනෝදා අමරසිංහ Ruwata Pipunu Eka Iththe... Lyricist - Anupama Muhandiram Musi...
Lapati Athin ළපටි අතින්
มุมมอง 488ปีที่แล้ว
ළපටි අතින් ... සුන්දර ගම්මානයක අසිරිය විදිමින් යන නාගරික තරුණියන් දෙදෙනෙකු දකින සිහිනයක් ඔස්සේ මේ ගීතය රස විඳීමට ඇරයුම් කරමි. වසර දහයකට වඩා පැරණි මේ ගීතය බොහෝ දෙනා රස විඳ ඇතත් එයට නව අරුතක් එක් කරන්නට සිතුවෙමි. පද රචනය - නීතීඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - නාලක අංජන කුමාර ගායනය - විශාරද මංගලිකා තෙන්නකෝන් විශේෂ ස්තූතිය... අනුත්තරා, සෙසාරා, චලනි, චමුදුනී, ධනුකී Lapati Athin ... Lyricist - ...
මා පියාණෙනි - Ma Piyaneni
มุมมอง 331ปีที่แล้ว
මා පියාණෙනි මා ආදරණීය පියාණන්ගේ දොළොස් වෙනි ගුණ සැමරුම වෙනුවෙන් සියලුම පියවරුන් වෙත පිය සෙනෙහසට උපහාරයක් ලෙස... පද රචනය - නීතීඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - නාලක අංජන කුමාර ගායනය - නිරෝෂා විරාජිනී Ma Piyaneni Lyricist : Anupama Muhandiram Music Director : Nalaka Anjana Kumara Vocalist : Nirosha Virajini A song from the 1st album of songs composed by Anupama Muhandiram - Attorney at Law ...
පිණි බිංදු විසිරිලා - Pini Bindu Wisirila
มุมมอง 3.2K2 ปีที่แล้ว
පිණි බිංදු විසිරිලා... පද රචනය - නීතිඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - විශාරද මංගලිකා තෙන්නකෝන් ගායනය - වාසනා සේරසිංහ Pini Bindu Wisirila Lyricist - Anupama Muhandiram Music Director - Mangalika Thennakoon Vocalist - Wasana Serasinghe Congratulations for the 1st song release
දොවලා සඳ දියෙන් - Dowala Sanda Diyen
มุมมอง 2102 ปีที่แล้ว
දොවලා සඳ දියෙන්... පද රචනය - නීතීඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - විශාරද මංගලිකා තෙන්නකෝන් ගායනය - මනෝජ් මුණසිංහ Dowala Sanda Diyen Lyricist - Anupama Muhandiram Music Director - Mangalika Thennakoon Vocalist - Manoj Munasinghe බැංකු ක්ෂේත්‍රයෙන් බිහි ව තවත් එක් ගායන තරුවක්
සඳ මල පිබිදෙන යාමේ - Sanda Mala Pibidena Yame
มุมมอง 1972 ปีที่แล้ว
සඳ මල පිබිදෙන යාමේ... පද රචනය - නීතීඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - විශාරද මංගලිකා තෙන්නකෝන් ගායනය - දමිත බණ්ඩාර ඉඹුල්මල්ගමුව Sanda Mala Pibidena Yame Lyricist - Anupama Muhandiram Music Director - Mangalika Thennakoon Vocalist - Damitha Bandara Imbulmalgamuwa හර බැර අතර සිර නොව සෞන්දර්යය... දිගු ගමනකට සුබ පැතුම්!
මල් හෙටත් පිපී හිනැහෙයි - Mal Hetath Pipi Hinahei
มุมมอง 44K2 ปีที่แล้ว
මල් හෙටත් පිපී හිනැහෙයි... පද රචනය - නීතීඥ අනුපමා මුහන්දිරම් සංගීත අධ්‍යක්ෂණය - විශාරද මංගලිකා තෙන්නකෝන් ගායනය - කෝසලා දිල්රුක්ෂි Mal Hetath Pipi Hinahei Lyricist : Anupama Muhandiram Music Director : Mangalika Thennakoon Vocalist : Kosala Dilrukshi A song from the 2nd album of songs composed by Anupama Muhandiram - Attorney at Law released in 2022 This is the 1st song with Kosala Dilrukshi, th...
Sarayu Nadee - සරයු නදී
มุมมอง 2112 ปีที่แล้ว
විශාරද මංගලිකා තෙන්නකෝන් සහ නීතීඥ අනුපමා මුහන්දිරම්, ඔක්තෝබර් මස 24 වන සඳුදා උදෑසන 8.00 සිට 9.00 දක්වා ජාතික රූපවාහිනියේ "නුග සෙවණ" වැඩසටහන තුලින් සජීවීව ඔබගේ ආලින්දයට
Heart felt ❤❤.. Great..!! Congratulations ❤❤
Heart felt ❤️ .. Great..!! Congratulations ❤️
පද ගැලපීම අනර්ඝයි. ...වර්තමාන සමාජයේ බිහිවන පද පේළි අතර නැවත නැවත මෙනෙහි කිරීමක් කළ හැකි අපූරු ප්‍රකාශනයක් කියවෙන ගීතයක් කියා මට හැඟේ. ... ජය වේවා...
රහයි. අගෙයි.❤❤
මේ ගීතයට බැඳුන ජන කතාව කියවල මං මේ ගීතය නැවත ඇහුවා. හරිම සංවේදි කතාවක්. වරදක් සිදුඋනාම සීමාව ඉක්මවා ගිහින් දරැවන්ට දඩුවම් කරන අම්මලාටත් හොද පණිවිඩයක්. හොදින්ම හිතට දැනුන සාර්ථක ගී නිර්මානයක්. තිදෙනාටම සුබ පැතුම්.
බොහෝ දෙනෙක් අසන නිසා මෙම ගීතයේ මුල් කොටසේ කියැවෙන "මී පුප්" යන යෙදුම පැහැදිලි කිරීමට පහත සදහන් ජනවහරේ එන කතා වස්තුව අන්තර්ජාලයෙන් උපුටා ගතිමි. 'ඉස්සර කැලෑවක අලුකොබෙයි පවුලක් හිටිය. කොබෙයි අම්මයි, දුවයි, පුතයි. මේ අය ගොඩක් සතුටින් ජීවත් වුනා. පස්සෙ කාලෙක කැලේට ලොකු නිහඟයක් ආවා. ගහ කොල වියලුනා. දොල පාරවල් හිඳිල ගියා. කෑමට යමක් හොයා ගන්නවත් බැරි වෙන තරමට.ඉතින් කොබෙයි අම්ම ඈතට පියඹලා ගිහින් දරුවන්ට කෑමට මොනවාහරි හොයාගන්න තියනවද කියල බැලුව. මෙහෙම හොයන කොබෙයි අම්ම හොඳට මල් පිපිලා තිබුණ මී ගහක් දැක්ක. මී මල් හරිම පැණි රසයි. ඉතින් මේ කොබෙයි අම්මා මී මල් ගොඩක් අරන් ඇවිත් කොටසක් පැටවුන්ට කෑමට දුන්නා. අනික් කොටස ළඟම තියෙන ගල්තලාවට දැම්මා වේලෙන්න, පසු කාලෙක කෑමට ගන්න. මේ විදියට මේ අම්ම හැමදාම මී මල් අරන් ඇවිත් කොටසක් පැටවුන්ට දීල කොටසක් ගල්තලාවට දානව වේලෙන්න.දවසක් හවස ආපු කොබෙයි අම්ම දැක්‌කා ගල්තලාවට දාපු මී මල් වලින් ගොඩක් අඩුයි කියල. අම්ම හිතුවේ පැටව් දෙන්න කාලා කියල. කෑමට දීල තියෙද්දීත් එකතු කරපු මල් කෑව කියල උරණ වුණු අම්ම දරුවන්ට කොටල මරල දැම්ම. මේ අවාසනාවන්ත සිද්දිය දැකපු දෙවියො වැස්සක් වස්සෝනව. ආපහු මී මල් පෙඟිල තිබුනු ගානටම පිපිල ලොකු වෙනව. කොබෙයි අම්ම දැනගන්නව තමන් දරුවන්ව මැරුවෙ නිකරුණේ කියල. එදා ඉඳල මේ කොබෙයි අම්ම කැලේ පුරාම තම මියගිය දරුවන් හොයනවා. ඒ මෙන්න මෙහෙම කෑ ගසමින් කියල තමයි ගැමියන් කියන්නේ.. "මී පුප් ලදිමි.. දරු නොලදිමි.. රංකැටි පුතා කෝ කෝ..." නියං කල කැම හිඟයෙන් පීඩා විඳි අලුකොබෙයි පවුලට 'මී පුප් ' නැතහොත් 'මී මල් ' මහා අනර්ඝ වස්තුවක් වුවාට සැක නැත. මේ අලු කොබෙයි අම්මාට මී මල් ලැබෙන විට දරැවන් අහිමි වී ඇත. මම මේ ජන කතාවේ අනුවේදනීය වු කතා සාරය උකහා ගතිමි. සියලු යස ඉසුරැ ලද මුත් දරැ සම්පත් නොලද දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගන යන කාන්තාවකගේ හිතේ ඇතිවන හැඟිම මෙම ගීතයට පාදක කලෙමි. මේ ගීතය බුද්ධියෙන් නොව හදවතින් රසවිඳින්නට ආරාධනා කරමි. ❤
❤❤අගෙයි.
විශිෂ්ට ගීත නිර්මාණයක්..... සංගීත නිර්මාණය ඉතා ඉහළින් අගය කළ යුතුයි....... මවකගේ සෙනෙහස ගායනය තුළින් සියුම් ලෙස දැනෙයි... එහි ගෞරවය සංගීත නිර්මාණකරුට හිමිවිය යුතු යැයි හැඟේ..... රන් කැටි පුතා සොයන කොබෙයි විලාපය චිත්ත රූප මැවේ... කලාතුරකින් මතුවන සංකල්පනාවක්.... දරුවන් ඇති ඇතැම් මව්වරුන්ගේද නෙත ගැටේවා...........
බොහොමත්ම ස්තුතියි අරැණ
මී පුප් කියන්නෙ මොනාද
අනු , මේ ගීතය ගොඩක් රසවින්දා. අපේ වටිනා පැරනි ජන ගී යෙදුම් අමතක නොවී පවතින්නට නම් වර්තමානය හා ගලපා ගනිමින් නව නිර්මාන සමග මුසු කිරීම ඉමහත් රැකුලක් වෙන බව මගේ විශ්වාසයයි. 💕
❤❤❤
Harima lssanai❤
👍👍❤❤
Harima lassanai❤❤❤
ස්තුතියි🙏🏻
❤
Kauru kiyana ekkd Meka? Daru noladim kiyana hinda achchiamma wenna bane
මේ ගීතයේ කතානායිකාව වන්නේ දිවා සුරැකඅම් මධ්‍යස්ථානයක දරැවන් රැකබලාගන්නා කාන්තාවක්. දැන් නැවත අසාබලන්න. ඔබට අර්ථය හොදින් වැටහේවි.
හරිම අර්ථවත් ලස්සන ගීතයක් ❤❤
ස්තුතියි🙏🏻
Harima lassana thanuwak. gayanayth harima lassanai. Padha rachanaya ithama ihali.❤❤❤❤❤❤❤
🙏🏻ස්තුතියි
❤❤❤❤
හරිම හරිම ලස්සන සිංදුවක් ගායනය තනුව වගේම අර්ථයත් .... අහල බලන්න හිත නිවී සැලසෙනවා.... වෙනම රහක්
හොඳ තනු නිර්මාණයක් නිලන්ත පුතා ස්තූතියි. ගායනයත් මධුරයි.
ඒක ලස්සනම ගීතයක්... ස්තූතියි ඔබතුමියට ....❤
මාධවගෙ රැප රචනය අපුරැවට ගැලපුනා ❤
❤
තව ටිකක් ඉවසන්න මුදු හඩින් කියාව් ...❤
ලස්සනයි අනු ......❤❤❤❤🙏
වෙන කවුද නුඹ තරම්
ඉපනැල්ල බදු අරන් ...❤❤❤
❤❤😍😍
මගේ ගෞරවාදරස්තුතිය ඔබතුමියට මේ ගීය ගැයීමට මගේ දියණිය තෝරාගැනීම වෙනුවෙන්....ඇයට මේ මිහිරි ගීය ඉදිරියට යාමට තවත් එක් අවස්ථාවක් වනු නොඅනුමානයි ❤️⚘️🌹💐💐🙏🙏🙏
Love this. 🎉🎉 wish to hear many mire.
Really beautiful 😍 It reminds , my past. Lovely. Good luck Akka
Very nice song Anupama . Well done
Wonderful lyrics Anu, keep going ❤❤
හරිම ලස්සනයි අක්කා ගොඩාක් සතුටුයි
Beautiful ❤️
Very nice song Anupama ,Good luck!
Harima lassana padarachanawak....lassana gayanayak.....❤❤❤❤❤jaya wewa anupama akke......god bless you....!!!
Wonderful song taking my mind back to my kids small days.
අගෙයි සොයුරී.
මාරම මාර ලස්සනයි අනු.....බුදුසරණයි ඔයාට .
ඇත්තටම සතුටුයි මේ නිර්මාණයට මට දායකත්වය ලබාදෙන්න හැකිවීම. බොහොම සතුටුයි. ❤
Eka eththatama apooru pada welak. thawath mewani subhawitha nirmana dayada karanna obata shakthiya labewaa ❤❤❤
අර්ථවත් පද පේලි මුසුවුණු ලයාන්විත ගීතයක්. තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!
Very beautiful...
සෑහෙන කාලයකට පෙර පටිගත වූවක් වුණාට මේ ගීතය ප්‍රථම වතාවට ශ්‍රවණය කළේ අදයි. ඉතාම ලස්සණයි. ප්‍රශස්ථ නිර්මාණයක්. මම ගීත ශ්‍රවණය කිරීමට වඩා ගීත කියවීමට වැඩි කැමැත්තක් දක්වන නිසා ඒ ගීතය සංගීතයෙන් සහ ගායන හඬ පෞරුෂයෙන් වියුක්තව පදමාලාවක් පමණක් ලෙසිනුත් කියවා රස වින්දා. එහෙම කළේ ගීතයක සාහිත්‍යමය අගය/වටිනාකම බොහෝ විට තනුව, සංගීතය සහ ගායක/ගායිකා හඬ පෞරුෂය නිසා යටපත් වීමක් සිදුවන නිසාය. අනිත් එක ඒ පදමාලාවේ කිසියම් සදොස් බවක් හෝ නොගැළපීමක් තිබුනොත් එයද අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ එහෙම කියවීමකදී පමණක් වන් නිසාය., ඉතින් මේ පදමාලාවේ එහෙම නොගැළපීමක් හෝ සදොස් බවක් මට විෂය වුණේ නැහැ. ඒ ගැන ඉතා සතුටුයි. මා අනුපමා මුහන්දිරම් ව දැන සිටියේ කිවිඳියක් වශයෙනි. ගේය කාව්‍ය රච්නාව සම්බන්ධයෙන් මේ ආකාරයේ බුහුටි බවක් ඇතැයි මා දැන සිටියේ නැහැ. ( ගී පද රචනාව යනු කවියේම දිගුවක් බව සැබෑවක් වුවද ගීතයත් කවියත් අතර සාහිත්‍යික වෙනස්කම් කීපයක් ම තිබෙන බව අප අමතක කළ යුතු නොවේ.) ගිතයක් යනු තුන් ඈඳුතු පරිශ්‍රමය්කි. ඒ නිසානෙ මහගම සේකරයන් ගීතය කනප්පුවකට උපමාකළේ. මම සාහිත්‍යයට දැඩි ඇල්මක් දක්ව්න්නකු වන හෙයින් ගීතයක පදමාලාවට වැඩි කැමැත්තක් දක්වමි. ගීතයක පාදම වශයෙන් මා සලකන්නේ ද පද රචනයයි. ගීතයක් සුභාවිත ගීතය්ක් ද නැතහොත් අවරගනයේ ගීතයක් ද යන්න පවා තීරණය කරන ප්‍රධානතම සාධකය වනුයේ ද ගී පද රචනයයි. අනූපමාගේ මේ පද්මාලාව එක අතකින් අනුවේදනීය බවක් දක්වනවා. එය යථාර්ථ වාදීය. එක්තරා ජන කොට්ඨාශයක පිළිබිඹුවක්. කර්කශ, දුක්ඛිත දිවියක එක් පැතිකඩක පිළිබිඹුවක්. එවැනි පදමාලාවක තනුවක් එවන් අනුවේදනීය බවක් තීව්‍ර කරන්නක් විය යුතුමයි. ඉතින් මා මෙය දකින්නේ අනූපමාගේ එවන් පදමාලාව ව්සින් ඉල්ලා සිටි තනුව ක් මේ සඳහා ලැබී ඇති බවයි. අපට සාහිත්‍ය පිළිබඳව යම් තරමකින් දැනුමක් අවබෝධයක් තිබුණත් තනුව, සංගීතය සහ ගායන හඬ පෞරුෂය ගැන අවබෝධයක් නැත.කොහොම නමුත් දයාරත්න රණතුංග්‍යන් වැනි ප්‍රවීන්‍යකුගේ සුසංයෝගය අනූපමාට ගෞරවයක්. ආඩම්භරයක්.. ඒ නිසා ගීතයක් පිළිබඳව මෙවන් සටහනක් හුදු සාහිත්‍යික පැත්ත ගැන.ම කෙරෙන විව්රණයක් වීම ගැන නම් කරන්න දෙයක් නැත. අනූපමාගේ ඉදිරි සාහිත්‍ය කටයුතු දියුණු වේවා! යි සුබ පතමි.
👍❤
MokKda meka sinduvakda.ohe vachana tikak vitharane
අපේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන එකම වත්කම සහ එකම උගත්කම තමයි ඕනම දෙයක් විවේචනය කරන එක නමුත් එයාට ඒකෙන් ලොකු කික් එකක් ඇති...ගීතයකට නෙමෙයි ලංකාව තුළ සිද්ධ වෙන ලොකු සිද්දි තියෙනවා. නමුත් ඒවට කවුරුත් කතා කරන්නේ නෑ කමෙන්ට් කරන්නේ නැහැ...නමුත් කෙනෙකුට තියෙන හැකියාවට මෙහෙම විවේචනය කරන එක ලොකු වැරැද්දක් නේද...අපිට හම්බෙන ගොඩක් අය පිටින් බලලා තමයි කමෙන්ට් කරන්නේ. නමුත් පීනන්න ඕන නම් වතුරට බහින්නම ඕනේ. ඒකෙ ගැඹුර දකින්න...
ඕනෑම නිර්මාණයකට විවේචන වැඩි වෙන තරමට ඒ නිර්මාණය සාර්ථකත්වය කරා යන ගමන නොවැලක්විය හැකි වෙනවා..❤
හිතට වදින වචන ටිකක් මේ වගේ පද පේලි ලියවෙන්නෙත් හරි අහම්බෙන්...
අනිවාර්‍යෙන්ම මෙවැනි දක්ශ ගීත රචිකාවියෝ අපිට ඉන්නෙ බොහොම අතලොස්සයි ....❤
👍👍👍🌹
Nice song...
හදවතත් නෙතත් තෙත්කරන ආදරණීය පියගුණ වැනුමක්... ❤️❤️
හදවතට කාවැදුන ගීතයක් අතිවිශිස්ට පදමාලාවක්