Pikus Travel Talks
Pikus Travel Talks
  • 132
  • 83 067
පිටවල පතන - රිවස්ටන් | Pitawala Pathana Mini World's End
රිවස්ටන්වල පිටවල පතන ලංකාවේ ගොඩක් ජනප්‍රිය පුංචි ලෝකාන්තවලින් එකක්. රිවස්ටන් යන කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ තැනක් තමයි මේ පිටවල පතන පුංචි ලෝකාන්තය.
මාතලේ- හෙට්ටිපොල බස් එකේ වගේම මාතලේ රිවස්ටන් හරහා මහියංගණය බස් එකෙනුත් පිටවල පතනට එන්න පුලුවන්.
ලංකාවට ආවෙණික රළු ගල්පර මැඩියා ජීවත්වෙන්නේ මේ පතන් බිමේ. නිල් මොණරැස්ස, කදුලැස්ස , පතන් අල වගේ ශාක විශේශවලට මේ පතන් භූමිය නිවහන වෙලා තියෙනවා.
මේ පුන්චි ලෝකාන්තයේ ඉදන් ලොකු වීව් එකක් බලාගන්න පුලුවන්. ඉතින් ඒ නිසා රිවස්ටන් යන කෙනෙක් නම් නොවැරදීම පිටවල පතනට ඇවිත් මේ සුන්දරත්වය විදින්න අමතක කරන්න එපා.
තුන්හිස්ගල, මානිගල, ගොම්බානිය, කරගස්තැන්න වගේ කදුවැටි ගණනාවක් මෙතෙන්ට දර්ශනය වෙනවා.
ආයෙත් දවසක සුන්දර සංචාරක ගමනාන්තයකින් මුණගැහෙමු. ගිහින් එන්නම්.
සුබ දවසක්!
#gopro #travel #thingstodoinsrilanka #tourist #srilanka #riverstone #pitawala #placestovisit #placestovisitinsrilanka #nature #naturelovers #naturephotography #ceylon #travelvlog #sinhalavlogs #sinhalatravelvlog
มุมมอง: 87

วีดีโอ

පිටවල පතනට යමු, හෙට දවල් 1 ට.
มุมมอง 42วันที่ผ่านมา
පිටවල පතන රූප චාරිකාව හෙට දවල් 1 ට.
රිවස්ටන් පාරාදීසයට | Riverston | බස් එකේ යන විදිහ පහළින් | කිතුල් රා බොන්නත් පුලුවන්
มุมมอง 36414 วันที่ผ่านมา
රිවස්ටන්වලට බස් එකේ යන්න පුලුවන්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. පිළිතුර තමයි: ඔව් පුලුවන්. හැබැයි මෙහෙමයි. රිවස්ටන් කියන්නේ රූපවාහිනි කුළුණු තියෙන රිවස්ටන් කන්ද විතරක්ම නෙමෙයි. රිවස්ටන් කලාපයේ තව බලන්න තැන් මහ ගොඩක් තියෙනවා. මට මතක්වෙන විදිහට පහළින් දාන්නම්. රිවස්ටන්, පිටවල පතන, බඹරකිරි ඇල්ල, ඇටන්වල ගම, මානිගල, රෙඩ්බානාගම, තෙල්ගමු ඔය, වැද්දා පැණි ඇල්ල , සේර ඇල්ල.... මේ වගේ තව තැන් තියෙනවා රි...
ඉරිදා දවල් 1 ට මීදුම මැදින් රිවස්ටන් පාරාදීසයට යමු !
มุมมอง 13921 วันที่ผ่านมา
ඉරිදා දවල් 1 ට මීදුම මැදින් රිවස්ටන් පාරාදීසයට යමු !
කුරුණෑගල බතලගොඩ වැවේ ඔරු පදින්න යමු | Bathalagoda Lake | Kurunegala
มุมมอง 24121 วันที่ผ่านมา
අපි අද ගියා ඉබාගමුවේ තියෙන සුන්දර වාරි නිර්මාණයක් වෙන බතලගොඩ වැව බලන්න. බතලගොඩ වැව කියන්නෙම බොහොම සුන්දර නිර්මාණයක. වටේටම තියෙන කදු පන්ති නිසා වැවට එකතු වෙන්නේ අමුතුම සුන්දරත්වයක්. බතලගොඩ වැවට යන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පන්නල හන්දියෙන් ඇතුළට තියෙන ඇළ දිගේම එන්න් තියෙන පාර. මේක තමයි මම නිර්දේශ කරන්නේ. හේතුව ඇල බන්ට් එකත් එක්ක මේ පාර හරි සුන්දරයි....
බතලගොඩ වැවේ ඔරු පදින්න යමු! හරියටම ඉරිදා දවල් 1.00ට
มุมมอง 7128 วันที่ผ่านมา
ඉබ්බාගමුව බතලගොඩ වැවේ රවුමක් යමු. කුරුණෑගල ඉබ්බාගමුව ළග තියෙන බතලගොඩ වැව යන්න ලේසි බොහොම සුන්දර ස්ථානයක්. හරියටම ඉරිදා දවල් 1.00ට අලුත් රූප රචනාවකින් මුණගැහෙමු.
ගලේවෙල විහාරහින්න | පිබිදුනුගම | GALEWELA VIHARAHINNA
มุมมอง 191หลายเดือนก่อน
ගලේවෙල කියලා කියන්නේ දඹුල්ලට මායිම් වෙලා තියෙන බොහොම සුන්දර ගැමි ප්‍රදේශයක්. මාතලේ දිස්ත්‍රික්කයට අයිති වෙන ගලේවෙල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුවටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගලටත් අනිත් පැත්තෙන් දඹුල්ලටත් මායිම් වෙනවා. අනුරාධපුර පොළොන්නරුව සීගිරිය දඹුල්ල ත්‍රිකුණාමලයේ යාපනය වගේ යන බොහොමයක් සංචාරකයින් ගමන් කරන්නේ ගලේවෙල නගරය හරහා. ඒ කොහොම ඕනත් ගලේවෙල සංචාරකයින්ට බොහොම දුරස් වෙලා තියෙන්නේ. ...
ශ්‍රී දළදා මාළිගාවේ කතාව | Temple of Tooth | Documentary
มุมมอง 782หลายเดือนก่อน
ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත ව ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත‍්‍රවන්නා ව මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ‍්‍රී දළ...
ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය අනුරාධපුරය | Isinbessagala
มุมมอง 3.7Kหลายเดือนก่อน
මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කිරීමට පෙර ඒ ආසන්න ගල් පර්වතයකට වැඩම කළ බවත්, ඉන් පසුව මිහින්තලයට වැඩම කළ බවත් රජරට ජනතාවගේ ජනප්‍රවාද අතර වනවා. එසේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ප්‍රථමයෙන් ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ස්ථානය, එනම් ඍෂිවරු බසින ලද ස්ථානය “ඍෂීන් බැස්ස ගල” ලෙස හඳුන්වා තිබෙනවා. පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” වෙනුවට “ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට...
ඕලු ඇල්ල මුදුනටම ගිය ගමනක් | ඒක ගියේ වැරදිලා ! Olu Ella @PikusTravelTalks
มุมมอง 245หลายเดือนก่อน
ඕලු ඇල්ල කියන්නේ ලංකාවේ 6වෙනියට උසම දිය ඇල්ල. කොටස් තුනකට කඩාගෙන වැටෙන මේ දියඇල්ල යටියන්තොට සීෆෝත් ප්‍රධාන මාරගයේ ලග ඉදන්ම බලාගන්න පුලුවන්. දැනට භාවිතයට ගන්න එකම ලී පාලම තියෙන්නෙත් මේ ඕලු ඇල්ල ඉදිරිපිටමයි. ප්‍රධාන මාර්ගයට පේන කොටසට අමතරව මේ ඇල්ලේ උඩින් තියෙන කොටසට යන්නත් පුලුවන්. ඇල්ලට දකුණු පසින් උඩට තියෙන පඩිපෙලේ ගිහින් වගේම ඇල්ලට කිලෝමීටර් 1ක් වගේ දුරින් තියෙන අමනාවල පත්තිනි දේවාලය ළගින් වම්...
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය | The Fleet of Tuskers of the Temple of Tooth Relic
มุมมอง 4462 หลายเดือนก่อน
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය මේ වන විට මහජනතාව වෙත විවෘත කර තිබෙනවා. එහිදී තෝරා ගත් අලි ඇතුන් මහජනතාවට නැරඹීමේ අවස්ථාව තියෙනවා. මේ වන විට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සතුව ඇතුන් දොළොස් දෙනෙකුගේ පමණ ප්‍රමාණයක් සිටිනවා. මෙම ඇත් පන්තියේ නායකත්වය උසුලන්නේ ඉන්දිරාජා හස්තයා , ඉන්දිරාජා හස්තියා මේ වන විට කරඬුව වැඩමවීමේ වැඩිම වගකීමක් සහිත හස්තිරාජයා ලෙස හඳුන්වනවා. භරණ පුල තිසිරාජා මිගාර විජයරාජා ව...
නුවර ආවොත් අමතක නොකර යන්න - උඩවත්ත කැලේ | Udawaththa Kele
มุมมอง 2922 หลายเดือนก่อน
උඩවත්ත කැලේ, නුවර නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් නුවර වැවට උතුරු දෙසින් පිහිටා තිබේ. මෙම උඩවත්ත කැලේ රාජකීය වන උයන වර්තමානයේ දී හෙක්ටයාර් 104 ක් පමණ ආවරණය කරමින් පිහිටා තිබේ. මෙය අද දිනයේ ඉතාම සුවිශේෂී වනාන්තරයක් ලෙස සැලකේ. මන්දයත්, ඉතා ඉහළ ජනගහනයකින් යුක්ත නිරතුරු හැලහැප්පීම්වලට ලක්වන ඉතාම කාර්යබහුල නගරයක් මධ්‍යයේ මෙම සාරවත් වන පියස පිහිටා තිබෙන බැවිනි. බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය අත්ප...
එක දවසෙන් දිය ඇලි පාරාදීසයකට- යටියන්තොට | වී ඔය ඇල්ලෙන් ඕලු ඇල්ල ට
มุมมอง 5522 หลายเดือนก่อน
යටියන්තොට යනු ඉතා ඉහල ස්වභාව සෞන්ධර්යයකින් පොහොසත් කැලණි ගංගා මිටියාවතේ පිහිටි සුන්දර ඉසව්වකි. කොළඹ සිට අවිස්සාවේල්ල හරහා කරවනැල්ලට පැමින යටියන්තොට ට පැමිණිය හැකිය. පැය දෙකක් තුළ දී වෙනස්ම දේශගුණයක අත්දැකීමක් විදීමට නම් පැමිණිය යුතුම ප්‍රදේශය වන්නේ යටියන්තොටයි. යටියන්තොට සිට සීපෝත් දක්වා ගමන් ගන්නා මේ මාර්ගය දිය ඇලිවලින් අනූනය. පිළිවෙලින් වී ඔය ඇල්ල, ගොරක ඇල්ල, මලල්පොල ඇල්ල, මලල්පොල කිතුල් ඇල්ල...
KCC | කැන්ඩි සිටි සෙන්ටර් එකේ රවුමක් යමු! Kandy City Centre
มุมมอง 9642 หลายเดือนก่อน
KCC | කැන්ඩි සිටි සෙන්ටර් එකේ රවුමක් යමු! Kandy City Centre
කොත්මලේ බලන්න තියෙන තැන් | Kothmale
มุมมอง 4152 หลายเดือนก่อน
කොත්මලේ බලන්න තියෙන තැන් | Kothmale
හරි පාරෙන් පීකොක් හිල් යමු | මොණර කන්ද පුස්සැල්ලාව | Peacock Hill Pussellawa
มุมมอง 3982 หลายเดือนก่อน
හරි පාරෙන් පීකොක් හිල් යමු | මොණර කන්ද පුස්සැල්ලාව | Peacock Hill Pussellawa
මඩකලපුවේ දවසක් ! ආරුගම්බේ සංගමන්කන්ද මඩකලපුව හරහා පාසිකුඩාවට ! Batticaloa Day @PikusTravelTalks
มุมมอง 1.5K2 หลายเดือนก่อน
මඩකලපුවේ දවසක් ! ආරුගම්බේ සංගමන්කන්ද මඩකලපුව හරහා පාසිකුඩාවට ! Batticaloa Day @PikusTravelTalks
නැගෙනහිර සංචාරය | ආරුගම්බේ | මඩකලපුව | සංගමන් කන්ද | පාසිකුඩා ළඟදීම... Arugambay | Pasikudah
มุมมอง 313 หลายเดือนก่อน
නැගෙනහිර සංචාරය | ආරුගම්බේ | මඩකලපුව | සංගමන් කන්ද | පාසිකුඩා ළඟදීම... Arugambay | Pasikudah
පානම කුඩුම්බිගල මැදින් ඔකඳ දේවාලයට | Okanda Temple Panama
มุมมอง 6593 หลายเดือนก่อน
පානම කුඩුම්බිගල මැදින් ඔකඳ දේවාලයට | Okanda Temple Panama
Rathna Ella Waterfall | රත්න ඇල්ල | Kaluwa watuna Ella | කලුවා වැටුන ඇල්ල | හසලක @PikusTravelTalks
มุมมอง 4293 หลายเดือนก่อน
Rathna Ella Waterfall | රත්න ඇල්ල | Kaluwa watuna Ella | කලුවා වැටුන ඇල්ල | හසලක @PikusTravelTalks
නිලගම නීලගිරි රජමහා විහාරස්ථානය Nilagama Neelagiri Rajamaha Viharasthanaya @PikusTravelTalks
มุมมอง 2453 หลายเดือนก่อน
නිලගම නීලගිරි රජමහා විහාරස්ථානය Nilagama Neelagiri Rajamaha Viharasthanaya @PikusTravelTalks
Bo Ella | බෝ ඇල්ල | මාවනැල්ල @PikusTravelTalks
มุมมอง 1483 หลายเดือนก่อน
Bo Ella | බෝ ඇල්ල | මාවනැල්ල @PikusTravelTalks
උතුවන්කන්ද Uthuwankanda @PikusTravelTalks
มุมมอง 1893 หลายเดือนก่อน
උතුවන්කන්ද Uthuwankanda @PikusTravelTalks
මිහින්තලය Mihinthalaya #mihinthale #anuradhapura #travelsrilanka #srilanka
มุมมอง 3793 หลายเดือนก่อน
මිහින්තලය Mihinthalaya #mihinthale #anuradhapura #travelsrilanka #srilanka
අනුරාධපුර යන අතරමග නාන්න පුලුවන් රිදී බැදි ඇල්ල ! #Rideebendhiella #රිදීබැදිඇල්ල #srilanka
มุมมอง 2014 หลายเดือนก่อน
අනුරාධපුර යන අතරමග නාන්න පුලුවන් රිදී බැදි ඇල්ල ! #Rideebendhiella #රිදීබැදිඇල්ල #srilanka
Hortain Plains National Park
มุมมอง 525 หลายเดือนก่อน
Hortain Plains National Park

ความคิดเห็น