නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
  • 110
  • 386 931
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ.....විශාරද නන්දා මාලනී
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි
සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි
มุมมอง: 4 787

วีดีโอ

ආලයේ ගාථා, සජ්ජායනා කලා.....විශාරද නන්දා මාලනී
มุมมอง 6934 ปีที่แล้ว
ආලයේ ගාථා, සජ්ජායනා කලා ආලයේ මන්ත්ර, සිය වරක් ජප කලා චණ්ඩාල වශී බන්ධනයෙන්, හද බැඳ තබා චාරුතර ස්වප්නයට, නිගා දී ඔබ ගියා ස්නේහයේ චුම්බනය, නලල මත වගුරුවා ආලිංගනය සුරස මතක, පොත පුරව්වා ප්රේම ආරාමයේ, කැනි මඩළ බිම හෙලා චාරුතර වසන්තේ, නිමා කර ඔබ ගියා සුපුෂ්පිත හදවතේ, සුගන්ධය විහිදුවා සුරක්ෂිත දොරටුවේ, සෙබළ මුළු විසුරුවා ප්රේමයේ, අභය භුමියේ දි මා නසා මධුර මධු කුසලාන, කඩා බිඳ ඔබ ගියා ආලයේ ගාථා, සජ්ජායනා...
මා සඳට කැමති බව දැනගෙන....විශාරද නන්දා මාලනී
มุมมอง 26K6 ปีที่แล้ว
මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් නොඉඳුල් තොල්පෙති අතරින් උදුරා ගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළැලි ගෙනාව මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් එක්ටැම්ගෙයි සිරගත කර සමනළියක අනාථ ජීවිතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනග...
රොස මල් මිටක්ද ආදරේ....විශාරද නන්දා මාලනී
มุมมอง 7556 ปีที่แล้ว
රෝස මල් මිටක්ද ආදරේ රන් රුවක්ද ස්වර්ණ ආකරේ පුන් සඳක්ද හීන සාගරේ හංස ගීතයක්ද ආදරේ.....// රතඹර සැරිසරමින් තරු අහුලන්න මාලයකට පිනි කැට අමුණන්න අලුතින් අහසේ අඳින්න දේදුන්න ආදරයට ආදරෙන් සිපගන්න උතුරන සඳ වතුරේ පැන් සනසන්න නිරුදක කතරේ සිසිලස විඳගන්න විහඟුන් නොගැය ගී තනු අහගන්න ආදරයට ආදරෙන් අමතන්න රෝස මල් මිටක්ද ආදරේ........ ගායනය-නන්දා මාලිනි
ගෙදර බුදුන් අම්මා........ - නන්දා මාලීනි සහ එඩ්වඩ් ජයකොඩි
มุมมอง 6K6 ปีที่แล้ว
ගෙදර බුදුන් අම්මා........ - නන්දා මාලීනි සහ එඩ්වඩ් ජයකොඩි
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ...විශාරද නන්දා මාලනී
มุมมอง 11K6 ปีที่แล้ว
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ මං විතරයි තනියම දැන් මගෙ නිවසේ උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන කවදා ද පුතුන් ඒ දැයි පතාගෙන වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී ලේකිරි පෙව දරුවන් දැක මියෙන්නෙමී ගී පද - මහාචාර්ය...
තරුද නිදන මහ රෑ......විශාරද නන්දා මාලනී
มุมมอง 1K6 ปีที่แล้ว
තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ පිණි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුළැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඩුම් තරුද නිදන මහ රෑ… සුළඟ නොවේ මේ පාවී එන්නේ කුටියක සිරවී හෙලන සුසුම් අතු අග පරවී බිමට වැටෙන්නේ සමනළ යුගයක පිපුණු කුසුම් තරුද නිදන මහ රෑ…
මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ......විශාරද නන්දා මාලනී
มุมมอง 1.2K6 ปีที่แล้ว
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ.. මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ ලැබීලා කරුණා ගුණ ආනන්දේ පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන් .. ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින් .. තුන් සරණේ පිහිට පතලා සන්තොසිනේ ඉන් පිටත්වෙලා පිහිටෙන් සු...
මං ආසයි පියාඹන්න..... විශාරද නන්දා මාලනී
มุมมอง 5706 ปีที่แล้ว
ළය මඩලේ රන් දෙවොලක සගවා තිබෙනා ලොව්තුරු අාදරය දිවිය පුරාවට එකම සිතින් මා පිදුවා දෝතින් ඔබෙ නමට රුධිරය තුළටම කාවදිනා ගැහැණිය සතු ප්‍රේමාදරය කොතරම් රිදෙව්වත් කොතරම් හැඩෙව්වත් මහමෙර සේ නොසැලෙන ගතිය මං අාසයි පියාඹන්න // ඔබට මා අාදරෙයි කියා මුවින් ඔබ කළ වදන සදා එලෙසම පවතී වෙනස් නොවී අවසන් හුස්මද මියෙන තුරා නික්ම යානම් රිදුම් තියා බලා ගන්නට ඔබයි සිතා කිරිකැටි බිළිදකු පතන්නෙමි ඔබමෙන් හැඩහුරු කමද තියා ...
අහස යටත් පොළොව පිටත්......විශාරද නන්දා මාලනී
มุมมอง 5046 ปีที่แล้ว
අහස යටත් පොළව පිටත් කවුරු නැතත් ඔබත් මමත් උරණ වුණත්දබර වුණත් අදත් හෙටත් ඔබත් මමත්.... අහස යටත් පොළව පිටත් කවුරු නැතත් ඔබත් මමත්.... මියුරු විරිත් රැගෙන ඇවිත් ගයන කවිත් අපට පිරිත් හදට හදත් ඔබට මමත් සඳුන් ගසත් සමන් වැළත් .... අහස යටත් පොළව පිටත් කවුරු නැතත් ඔබත් මමත්.... විහඟ තුඩත් ඇළක හැඩත් ගසක දලුත් තවම අළුත් සඳට රැයත් පෙති මලටත් ඔබට මමත් මම ඔබටත් අහස යටත් පොළව පිටත් කවුරු නැතත් ඔබත් මමත්.//
සෙවනැළිද ඉකිබිඳී ඝන අඳුරේ...විශාරද නන්දා මාලනී
มุมมอง 2.4K6 ปีที่แล้ว
සෙවනැළිද ඉකිබිඳී ඝන අඳුරේ... ගහ කොළ ද පණ අදී බිම වැතිරී... අභය ඉල්ලා යදින්නී ඈ ආලයේ නාමෙන්... ගිරි හිසින් උදාව මධුසඳ බැස යයි... වන හිසින් නැඟී ආ පිළිරැව් වියැකෙයි... මුණින් තලාවී සුධවල යහනක දැවෙන්නී ඈ ආළයේ නාමෙන්... කුළුදුලේ පිපී ආ මධුමල මැළ වෙයි... දොළ දිගේ ගළා ආ දිය වැල බොර වෙයි... පිද පාපයෙන් හද සැළමුතු පෙම තැවෙන්නී ඈ ආළයේ නාමෙන්... පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතය - ස්ටැන්ලි පීරිස්.
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්......ගායනය විශාරද නන්දා මාලනී
มุมมอง 8K6 ปีที่แล้ว
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන් නටන්නේ පිපි දැන් හේමන්තයේ විලාපෙන් විඩා වී රැදී මං තලාවේ වැසි අන්ධකාරෙන් වැටි මං මුලාවේ වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ තුෂාරෙන් උදා ව සඳක් සේ නිශාවේ ඔබයි නෙත් සැදුයේ හේමන්තකාලේ ගායනය : නන්දා මාලීනි පද රචනය : ...
පාළුව ත‍නිකම කුටියට අවුදින් ....ගායනය - විශාරද නන්දා මාලිනී
มุมมอง 1.5K6 ปีที่แล้ว
පාළුව ත‍නිකම කුටියට අවුදින් .... සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි හදවත විතරක් අවදි වෙලා....... පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාළුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කළා..... මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කළා....... පද රචනය -කුලරත්න ආරියවංශ තනු නිර්මාණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනය - විශාරද නන්දා මාලිනී
ඇත් රජුනේ.... සත්පිය රජුනේ.....
มุมมอง 2506 ปีที่แล้ว
ඇත් රජුනේ.... සත්පිය රජුනේ.....
ඔබේ පැළ - පැලේ පිළ
มุมมอง 9026 ปีที่แล้ว
ඔබේ පැළ - පැලේ පිළ
මගේ නෙත් ඇයි මෙසේ නිබඳ මා පෙළන්නේ.......
มุมมอง 6066 ปีที่แล้ว
මගේ නෙත් ඇයි මෙසේ නිබඳ මා පෙළන්නේ.......
අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ
มุมมอง 6336 ปีที่แล้ว
අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ
Mihinthala Giri Hisin by Nanda Malani.
มุมมอง 6946 ปีที่แล้ว
Mihinthala Giri Hisin by Nanda Malani.
වැදේ සුගන්දේ වෙලී සුලං හා පිපී රම්‍ය මාලා........
มุมมอง 7K6 ปีที่แล้ว
වැදේ සුගන්දේ වෙලී සුලං හා පිපී රම්‍ය මාලා........
නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.......
มุมมอง 2.1K6 ปีที่แล้ว
නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.......
යුගයෙන් යුගයේ ඔබ දුටුවා....ගායනය - නන්දා මාලිනී
มุมมอง 6116 ปีที่แล้ว
යුගයෙන් යුගයේ ඔබ දුටුවා....ගායනය - නන්දා මාලිනී
චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්.....නන්දා මාලිනී
มุมมอง 4516 ปีที่แล้ว
චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්.....නන්දා මාලිනී
ඈත සොදුරු ලොවක් ඇතේ.....
มุมมอง 1256 ปีที่แล้ว
ඈත සොදුරු ලොවක් ඇතේ.....
අශා පැතුම් යාවි නිම්වළල්ල සොයලා..
มุมมอง 956 ปีที่แล้ว
අශා පැතුම් යාවි නිම්වළල්ල සොයලා..
පෙරදා මහ රෑ..... - නන්දා මාලිනී
มุมมอง 6K6 ปีที่แล้ว
පෙරදා මහ රෑ..... - නන්දා මාලිනී
අහස සේ ඔබ අනන්තයි..... - නන්දා මාලිනී
มุมมอง 3.2K6 ปีที่แล้ว
අහස සේ ඔබ අනන්තයි..... - නන්දා මාලිනී
කාලයේ වැළිතලාව පහුරු ගා....නන්දා මාලිනී
มุมมอง 4976 ปีที่แล้ว
කාලයේ වැළිතලාව පහුරු ගා....නන්දා මාලිනී
Hansa Geeyada Nanda Malini හංස ගීයද ගයන්නේ,,via torchbrowser com
มุมมอง 1236 ปีที่แล้ว
Hansa Geeyada Nanda Malini හංස ගීයද ගයන්නේ,,via torchbrowser com
Adaraye Wedanawa Nanda Malini
มุมมอง 2K6 ปีที่แล้ว
Adaraye Wedanawa Nanda Malini
සුළං කපොල්ලේ..... - නන්දා මාලිනී
มุมมอง 29K6 ปีที่แล้ว
සුළං කපොල්ලේ..... - නන්දා මාලිනී

ความคิดเห็น

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 20 ชั่วโมงที่ผ่านมา

    🌠

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 วันที่ผ่านมา

    I have no words to express my feeling .

  • @SujataWanninayaka
    @SujataWanninayaka 3 วันที่ผ่านมา

    Ada wani dinaka ma melowata bihikala mauni obata niwana awaboooda wewa Oyage loku duwa

  • @ThamaraPriyangani-hu8yg
    @ThamaraPriyangani-hu8yg 4 วันที่ผ่านมา

    Natata kadulak gana geetayk

  • @hgkalum2239
    @hgkalum2239 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @tenisonfernando4723
    @tenisonfernando4723 หลายเดือนก่อน

    😢

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @MahadangeSunil
    @MahadangeSunil หลายเดือนก่อน

    Sad feeling deep song

  • @werapitiya1
    @werapitiya1 หลายเดือนก่อน

    ලොවම එපා වී ලොවම කලකිරි තැවි දැවි හිදිනා වේලේ ! ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ෴😢 මේකයි ඇත්ත මැණිකේ!

  • @MahadangeSunil
    @MahadangeSunil หลายเดือนก่อน

    I like song to too much

  • @shanikamadusha9385
    @shanikamadusha9385 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 2 หลายเดือนก่อน

    වයසට ගියහම දනෙන පාලුව තනිකම මටවගේ

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 2 หลายเดือนก่อน

    ඔබ හට පෙමිකල යුගය නිමා කර නික්මි යන්නට දවස පැමිණ ඇත..........

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 2 หลายเดือนก่อน

    Lassanae jayawewa ❤❤❤

  • @anushadesilva244
    @anushadesilva244 2 หลายเดือนก่อน

    2024 දී අදටත් රස විදිනවා

  • @percygodakumbura7972
    @percygodakumbura7972 2 หลายเดือนก่อน

    මේ ගීතය මා දන්නා තරමින් 1971 කැරැල්ලට භාවිතා කරලා තිබුනලු ඒ නිසා කලක් මේගීතය තහනම් කරලා තිබු නාලු ඉතින් මෙ සුන්දර දිවයින අපේමයි

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 2 หลายเดือนก่อน

    හැමෝටම මෙහෙම නොවේ.අම්මල තාත්තල තමන්ළගින්ම තබා ගන්නා වාසනාවන්ත අය මාදැක ඇත.මම අාස ම ගීතයක්

  • @MrKrishantha
    @MrKrishantha 2 หลายเดือนก่อน

    ❤ සුවබර නින්දක් වේවා ඔබට ප්‍රියාවිය.

  • @AsankaMadumali-ze5nf
    @AsankaMadumali-ze5nf 2 หลายเดือนก่อน

    0:53 0:55 0:56 0:57 0:58 0:59 0:59 0:59 1:00 1:00 1:00 1:00 1:00 1:01 1:01 1:01 1:01

    • @dbm9106
      @dbm9106 2 หลายเดือนก่อน

      😊 1:55

  • @jdsnfj1113
    @jdsnfj1113 2 หลายเดือนก่อน

    අනුර කරේ පෝඩාව

  • @NewOppo-b8h
    @NewOppo-b8h 2 หลายเดือนก่อน

  • @upulsenawirathna132
    @upulsenawirathna132 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @SithumVihanga-n7o
    @SithumVihanga-n7o 3 หลายเดือนก่อน

    Matanam matama sathutui meka thamai api school eke bakthigethavalata kiyanne❤❤❤🙏🙏🙏🙏

  • @SleepyRadio-or7uu
    @SleepyRadio-or7uu 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandikachandika-ku5ts
    @chandikachandika-ku5ts 3 หลายเดือนก่อน

    🥰🥰🥰😍😍🤩🤩😇

  • @Sandunkumari
    @Sandunkumari 3 หลายเดือนก่อน

    Thanks ..😊

  • @kanchanaSamanmali-tt1dk
    @kanchanaSamanmali-tt1dk 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎷🙏

  • @kanchanaSamanmali-tt1dk
    @kanchanaSamanmali-tt1dk 3 หลายเดือนก่อน

  • @kanchanaSamanmali-tt1dk
    @kanchanaSamanmali-tt1dk 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaSajeewani-bx9np
    @RasikaSajeewani-bx9np 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි මම ආසයි 🎉🎉❤❤ ❤❤

  • @PriyankaChandanee-fh7dj
    @PriyankaChandanee-fh7dj 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @chulakshanikasunika7873
    @chulakshanikasunika7873 3 หลายเดือนก่อน

    ❤️‍🔥❤️‍🔥

  • @kanchanaerandi5806
    @kanchanaerandi5806 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය🙏🙏ලස්සනයි මම අහන්න ම Asama සිංදුවක් හිත නිවෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුද්ධං සරනං ගච්චාමි

  • @ToshibaCreschat-ih2iu
    @ToshibaCreschat-ih2iu 4 หลายเดือนก่อน

    Mulu hadin ayata pem kala

  • @irokelsakura4395
    @irokelsakura4395 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @sirimantha
    @sirimantha 4 หลายเดือนก่อน

    මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...ඔබ අනන්තයි..🥲🥲🥲

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 หลายเดือนก่อน

    කොපමණ ඇසුවත් එපානොවේ.

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 5 หลายเดือนก่อน

    ❤අවුරුදු 15සිට මගේ ආදරනීය ගායිකාව,ගීත කෝකිලාවිය,තෙරුවන් සරනයි ,දීර්ගායුශ පතනෙමි යහපතක් පතනෙමි ඉක්මන් බවයක නිවනින් සැනසේවා .තෙරුවන් සරනයි ❤

  • @dilanipriyanthika9708
    @dilanipriyanthika9708 5 หลายเดือนก่อน

    එපා නොවන සිංදු අාසම ගායිකාව

  • @nishanjayasinghe6059
    @nishanjayasinghe6059 5 หลายเดือนก่อน

    2024/04/07

  • @nithundezoysa75
    @nithundezoysa75 5 หลายเดือนก่อน

    Tele drama eka mokakda

  • @AnuraSomachandra
    @AnuraSomachandra 5 หลายเดือนก่อน

    Mama kamathima sinduvak

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 5 หลายเดือนก่อน

    මේ ගීතය හදවතට ම දැනුනු අය කෝ? ❤💖💓

  • @nisansalaranuka7598
    @nisansalaranuka7598 5 หลายเดือนก่อน

    😢

  • @SamarawikramaThilakarath-nf8nm
    @SamarawikramaThilakarath-nf8nm 5 หลายเดือนก่อน

    මං ආදරය කල මල සදහටම උදුරා ගත්තා එහෙම කලේ මා කුමන වරදක් කලාටද

  • @061renukak.k.c5
    @061renukak.k.c5 5 หลายเดือนก่อน

    Ayyoo ladies...downtrodden always

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 5 หลายเดือนก่อน

    90% k gahanunge sathyaye geethayai

  • @SamanGalabada
    @SamanGalabada 5 หลายเดือนก่อน

    අති සුන්දර ගීතයක්

  • @thilankadilshan8465
    @thilankadilshan8465 6 หลายเดือนก่อน

    තාමත් අහන සිංදුවක් ❤